ඉරානයට අයත් IR655 මගී ප්‍රවාහන ගුවන් යානාව ඇමරිකානු නාවික
හමුදාව විසින් පහර දී බිම හෙලීම Flight 655 සිද්ධිය ලෙස හදුන්වයි.
1988 වසර ඉරාන ඉරාක යුද්ධය නිමාවට පත්වූ වසරයි. එම යුද්ධයේදී
ඇමරිකාව නිල හා නිල නොවන මට්ටමින් ඉරානයට එරෙහිව ඉරාකයට
සහය දුන් අතර ඇමරිකාවට අයත් ප්‍රහාරක නෞකා කීපයක් ඉරානයට
අයත් මුහුදේ නවතා තිබිණි.
![]() |
ඉරාන්එයා ගුවන් සේවයට අයත් A300B2 එයාබස් ගුවන් යානාවක් |
1988 වසරේ දී Flight 655 සිද්ධියට සම්බන්ධ වූයේ USS Vincennes
නම් ඇමරිකානු ප්‍රහාරක නෞකාවයි. ඇමරිකානු නාවික හමුදාවට අයත්
මෙම නෞකාව මිසයිල වලින් සන්නද්ධ වුවක් විය. ඉරාන ඉරාක යුද්ධයේ
දී පර්සියන් මුහුදේ ගමන් කර ඛනිජ තෙල් ප්‍රවාහන නැව් වලට ප්‍රහර එල්ල
වූ නිසා එවැනි ප්‍රහර මැඩ පැවැත් වීම සදහා USS Vincennes නෞකාව
ඉරාන මුහදේ ස්ථාන ගත කර බව ඇමරිකාව පසුව පවසා තිබුනි.
![]() |
USS Vincennes ප්‍රහාරක නෞකාව |
Flight 655 සිද්ධියේ දී ප්‍රහාරයට ලක් වු IR655 මගී ප්‍රවාහන ගුවන් යානාව
Airbus A300B2 වර්ගයට අයත් මගී ප්‍රවාහන ගුවන් යානවක් විය. එසේම
ඉරානයේ Bandar Abbas ගුවන් තොටුපලින් ගුවන් ගත වූ මෙම ගුවන්
යානයේ ගමනාන්තය වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් ඩුබායි ගුවන්
තොටුපලයි.
1988 ජුලි 3 වැනි දා ඉරාන වේලාවෙන් උදේ 10.17 ට Bandar Abbas ගුවන්
තොටුපලින් ගුවන් ගත IR655 පර්සියන් මුහුද හරහා ඩුබායි වෙත පියාසර
කලේය. මේ අතර පර්සියන් මුහුදේ ස්ථාන ගත වී සිටි USS Vincennes නෞකාව
IR655 ගුවන් යානය ඉරානයට අයත් F-14 Tomcat වර්ගයේ ප්‍රහාරක ගුවන්
යානවක් ලෙස වරදවා වටහා ගන්නා ලදී. ඒ අනුව SM-2MR වර්ගයේ මිසයිල
2කින් USS Vincennes නෞකාව IR655 ගුවන් යානාවට පහර දුන්නේය.
මිසයිල ප්‍රහාරයෙන් විනාශයට පත් IR655 ගුවන් යානාවට කොටස් කීපයකට
කැඩී පර්සියන් මුහුදට කඩා වැටුනි.
![]() |
මිසයිල ප්‍රහාරයක් එල්ල කරන USS Vincennes නෞකාව |
කාර්ය මන්ඩලය සමගින් මගීන් 290 සිටි අතර එයින් 66 දෙනෙකුම
ළමයින් විය. එසේම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ දී IR655 ගුවන් යානය
ගමන් කරමින් සිට ඇත්තේ ඉරාන රජයට අයත් ගුවන් සීමාවේ වන අතර
USS Vincennes නෞකාව ස්ථාන ගත වී සිට ඇත්තේ ද ඉරාන රජයට අයත්
මුහුදු සීමාවේය.
Flight 655 සිද්ධිය වූ වහාම ඉරාන රජය ඇමරිකාව ජ්යත්යන්තර නීති කඩ
කර මෙම ප්‍රහාර සිදුකර බව නිවේදනය කර අතර ඇමරිකාව නිවෙදනය
කලේ IR655 ගුවන් යානයේ නියමුවා ගුවන් යානය හරිහැටි හදුන්වා
නොදුන් නිසා වැරදීමකින් මෙම ප්‍රහරය එල්ල වූ බවයි.මෙම සිද්ධියෙන්
පසුව වරක් එවකට ඇමරිකානු උප ජනාධිපතිව සිටි George H. W. Bush
ප්‍රකාශ කලේ මෙම සිද්ධිය සම්බන්ධෙයෙන් තම රට කිසි විටෙකත් ඉරානයෙන්
සමාව නොයිල්ලන බවයි.
![]() |
ප්‍රහාරය වෙනුවෙන් ඉරාන රජය නිගුත් කර මුද්දරයක් |
1996 දී ඇමරිකාව ප්‍රහාරයේ දී මිය ගිය සිවිල් වැසියන් වෙනුවෙන්
ඩොලර් මිලියන 61.8 ගෙවීමට කැමති වීමත් සමග ඉරානය මෙම සිද්ධිය
සමථයකට පත් කර ගැනීමට කැමති විය. ඒ අනුව මිය ගිය සිවිල් එක් වැසියකුට
ඩොලර් 213,103.45 හිමි විනි. නමුත් ඇමරිකානු රජය මේ දක්වා ප්‍රහාරයේ දී
මිය ගිය සිවිල් වැසියන් වෙනුවෙන් කිසිදු සමාව ගැනීමක් හෝ ශෝකය ප්‍රකාශ
කිරීමක් කිරීමට නිහතමානී වී නොමැත.
මානව හිමිකම් ගැන අපිට කියලා දෙන්න හදන්නේ මේ බල්ලෝ නේ!
ReplyDeleteවන්දියක්වත් දුන්න එක ලොකු දෙයක්..
ReplyDelete