Wednesday, April 5, 2017



Bill O’Reilly on fire

Bill O’Reilly is the most popular right wing talk show host in the american TV show business, his main talk show, The O'Reilly Factor is most rated fox new talk show in past 20 years. But After The New York Times revealed sexual accusation on Bill O’Reilly, now he's getting widespread criticism.

According to the The New York Times and the daily beast Bill O’Reilly and Fox New settle around $13 million with 5 separate woman. all of them are former female colleagues of Bill O’Reilly. Two of sexual harassment cases related to Andrea Mackris and Juliet Huddy previasly known by the public. But The New York Times revealed new cases related to TV host host Rebecca Diamond who work in the Fox Business Network, junior producer Rachel Witlieb Bernstein formerly work as a Bill's junior producer and ex-anchor Laurie Dhue.

In response to The New York Times and one of most frequent guest on The O'Reilly Factor, Wendy Walsh's revealed sexual accusation on Bill, now Bill hosted Fox News Shows loosing their majority ad sponsor companies. Companies like Mercedes-Benz, BMW, Lexus and Mitsubishi already confirm they will remove their ads form The O'Reilly Factor. T. Rowe Price, Ainsworth Pet Nurition, GlaxoSmithKline, Bayer, Sanofi, Credit Karma, Orkin, Esurance, and TrueCar also express they will discontinued their ads form Bill's hosted shows. but several other major sponsors , including Microsoft, Hulu, Pfizer, Trivago, National Car Rental, John Deere inform media that they will contained their ads on Bill's hosted shows.

By Coderrat on 04.05.17 7:30 AM to Loatha

Sunday, October 16, 2011

දෙවියන්ගේ පකෂය (හිස්බුල්ලා)


දෙවියන්ගේ පකෂය යන අනවර්ථ නාමයෙන් හදුන්වන හිස්බුල්ලා සංවිධානය
ලෙබනනය මූලික කොට ගෙන ක්‍රියාත්මක වන සටන්කාමී ශියා මුස්ලිම් දේශපාලන
සංවිධානයකි. හිස්බුල්ලා සංවිධානයේ බිහිවීම සිදුවූයේ ලෙබනන සිවිල් යුද්ධය
අතර තුර 1982 දී ලෙබනනයට එල්ල වූ ඊශ්රායල් ආක්‍රමනය හේතුවෙනි. එවකට
ලෙබනනය තුල හට ගෙන තිබූ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ඊශ්රායල්
විරෝධී ශියා මුස්ලිම් සටන්කාමීන් විසින් හිස්බුල්ලා සංවිධානය ගොඩනගන ලදී.

මුල් කාලීන බොහෝ හිස්බුල්ලා නායකයින් ඉරානයේ අධ්‍යාත්මික නායකයා වූ
අයතුල්ලා අල් කුමේනි අනුගමනය කර අතර හිස්බුල්ලා සංවිධානයට අයත් බොහෝ
සන්නද්ධ භට පිරිස් පුහුනු කරනු ලැබුවේද ඉරානයේ විප්ලවීය හමුදා විසිනි. පසුව
සිරියාව හා ඉරානය විසින් දිගින් දිගටම හිස්බුල්ලා සංවිධානය වෙත යුධමය හා
මූල්‍යමය ආධාර ලාබා දෙන ලදී.

ලෙබනනයේ හිස්බුල්ලා පාලන පදෙස්


1982 දී කුඩා සටන්කාමී කන්ඩායමක් ලෙස ආරම්භ වූ හිස්බුල්ලා සංවිධානය අදවන
විට මැද පෙරදිග සිට ක්‍රයාත්මක වන බලවත් මුස්ලිම් සටන්කාමී දේශපාලන සංවිධානය
බවට පත්ව තිබේ. තම සංවිධානයටම අයත් ගුවන් විදුලි හා රූපවාහිනී පවත්වා ගෙන යන
හිස්බුල්ලා සංවිධානය තමන්ට සහයෝගය දක්වන ශියා මුස්ලිම් ජනතවගේ සමාජ
සුබසාධනය වැඩදියුනු කිරීම සදහා ද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කොට ඇත.

දේශපාලන වශයෙන් ද ලෙබනනය තුල ශක්තිමත් බලයක් හිමිකරගෙන සිටින හිස්බුල්ලා
සංවිධානය ආසන128කින් සමන්විත ලෙබනන පාර්ලිමේන්තුවේ ආසන 12 කට හමිකම් කියයි.
2011 සිට ලෙබනන ආණ්ඩුවේ කොටස්කරුවෙකු ලෙස ක්‍රියා කරන හිස්බුල්ලා
සංවිධානයට කැබිනෙට් ඇමති ධූර දෙකක්ද හිමිවී තිබේ.

වත්මන් හිස්බුල්ලා නායක hassan nasrallah
දේශපාලන සංවිධානයක් මෙන්ම සටන්කාමී සංවිධානයක් ලෙසද කටයුතු කරන හිස්බුල්ලා
සංවිධානය සතුව වෙනත් සටන්කාමී මුස්ලිම් සංවිධාන වලට නොමැති යුධමය බලයක්ද
හිමිවී තිබේ.1000 පූර්න කාලීන සටන්කාමීන් හා 6000-10000 පමන ස්වේජ්‍යයා සටන්කාමීන්
හිස්බුල්ලා සංවිධානය සතුව සිටින බව ඇතමුන්ගේ මතයයි.එමෙන්ම  Fajr-3,Fajr-5 සහ
Zelzal-1 වැනි දිගු දුර මිසයිල ඉරානය විසින් හිස්බුල්ලා සටන්කාමීන්ට ලබා දී ඇති බවට මත
පවතී. මීට අමතරව ගුවන් යානා නාශක SAM මිසයිලද ඔවුන් වෙත පවතී. සිරියාව විසින්
Scud මිසයිල හිස්බුල්ලා සංවිධානයට දුන් බවටද චොදනා ඇත.



මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර යුධ උපක්‍රමයක් ලෙස යොදාගත් ප්‍රථම
මුස්ලිම් සටන්කාමී සංවිධානය වන්නේද හිස්බුල්ලා සංවිධානයයි. ඝාථන,පැහැර ගැනීම
කප්පම් ගැනීම් හා මරාගෙන මැරෙන ප්‍රහාර වලට සම්බන්ධ වීම හේතුවෙන් ඇමරිකාව,
කැනඩාව,නෙදර්ලන්තය හා ඊශ්රායලය තම රටවල හිස්බුල්ලා සංවිධානය තහනම් කර ඇති
අතර ඕස්ට්‍රේලියාව හා බ්‍රිතාන්‍ය  හිස්බුල්ලා සංවිධානයේ සන්නද්ධ අංශ තම රට තුල තහනම් කර ඇත.

හිස්බුල්ලා සටන්කාමීන්
ඇමරිකාව,යුරෝපීය රටවල් හා සෞදි අරාබිය වැනි සුන්නි මුස්ලිම් රටවල් වලට දැඩි විරෝධයක්
දක්වන හිස්බුල්ලා සංවිධානය 1982 සිට කීප වරක්ම තම ප්‍රධාන සතුරා වූ ඊශ්රායලය සමග
සටන් වැදුනි.එහි ආසන්නතම අවස්ථාව වූයේ 2006 ඊශ්රායලය විසින් ලෙබනනය ආක්‍රමනය
කිරීමයි.හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්රායල් මුරපොලකට පහර දීම එම ආක්‍රමනයට හේතුවිය.එහිදී
ඊශ්රායල් හමුදා වලට එරෙහිව හිස්බුල්ලා සටන්කාමීන් සටන් වැදුනි. අවසානයේ එක්සත් ජාතීන්ගේ
සංවිධානය මැදිහත් වී සටන් නතර කරනු ලැබීය.

Monday, October 10, 2011

Flight 655 සිද්ධිය හා සහ ඇමරිකාව



ඉරානයට අයත් IR655 මගී ප්‍රවාහන ගුවන් යානාව ඇමරිකානු නාවික
හමුදාව විසින් පහර දී බිම හෙලීම Flight 655 සිද්ධිය ලෙස හදුන්වයි.
1988 වසර ඉරාන ඉරාක යුද්ධය නිමාවට පත්වූ වසරයි. එම යුද්ධයේදී
ඇමරිකාව නිල හා නිල නොවන මට්ටමින් ඉරානයට එරෙහිව ඉරාකයට
සහය දුන් අතර ඇමරිකාවට අයත් ප්‍රහාරක නෞකා කීපයක් ඉරානයට
අයත් මුහුදේ නවතා තිබිණි.

ඉරාන්එයා ගුවන් සේවයට අයත් A300B2 එයාබස්
ගුවන් යානාවක්

1988 වසරේ දී Flight 655 සිද්ධියට සම්බන්ධ වූයේ  USS Vincennes
නම් ඇමරිකානු ප්‍රහාරක නෞකාවයි. ඇමරිකානු නාවික හමුදාවට අයත්
මෙම නෞකාව මිසයිල වලින් සන්නද්ධ වුවක් විය. ඉරාන ඉරාක යුද්ධයේ
දී පර්සියන් මුහුදේ ගමන් කර ඛනිජ තෙල් ප්‍රවාහන නැව් වලට ප්‍රහර එල්ල
වූ නිසා එවැනි ප්‍රහර මැඩ පැවැත් වීම සදහා USS Vincennes නෞකාව
ඉරාන මුහදේ ස්ථාන ගත කර බව ඇමරිකාව පසුව පවසා තිබුනි.

USS Vincennes ප්‍රහාරක නෞකාව

Flight 655 සිද්ධියේ දී ප්‍රහාරයට ලක් වු IR655 මගී ප්‍රවාහන ගුවන් යානාව
Airbus A300B2 වර්ගයට අයත්  මගී ප්‍රවාහන ගුවන් යානවක් විය. එසේම
ඉරානයේ  Bandar Abbas ගුවන් තොටුපලින් ගුවන් ගත වූ මෙම ගුවන්
යානයේ ගමනාන්තය වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් ඩුබායි ගුවන්
තොටුපලයි.

1988 ජුලි 3 වැනි දා ඉරාන වේලාවෙන් උදේ 10.17 ට Bandar Abbas ගුවන්
තොටුපලින් ගුවන් ගත IR655 පර්සියන් මුහුද හරහා ඩුබායි වෙත පියාසර
කලේය. මේ අතර පර්සියන් මුහුදේ ස්ථාන ගත වී සිටි USS Vincennes නෞකාව
IR655 ගුවන් යානය ඉරානයට අයත් F-14 Tomcat වර්ගයේ ප්‍රහාරක ගුවන්
යානවක් ලෙස වරදවා වටහා ගන්නා ලදී. ඒ අනුව SM-2MR වර්ගයේ මිසයිල
2කින් USS Vincennes නෞකාව IR655 ගුවන් යානාවට පහර දුන්නේය.
මිසයිල ප්‍රහාරයෙන් විනාශයට පත් IR655 ගුවන් යානාවට කොටස් කීපයකට
කැඩී පර්සියන් මුහුදට කඩා වැටුනි.

මිසයිල ප්‍රහාරයක් එල්ල කරන USS Vincennes
නෞකාව
IR655 ගුවන් යානයට මිසයිල ප්‍රහාරය එල්ල වන අවස්ථාවෙ දී එය තුල
කාර්ය මන්ඩලය සමගින් මගීන් 290 සිටි අතර එයින් 66 දෙනෙකුම
ළමයින් විය. එසේම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ දී IR655 ගුවන් යානය
ගමන් කරමින් සිට ඇත්තේ ඉරාන රජයට අයත් ගුවන් සීමාවේ වන අතර
USS Vincennes නෞකාව ස්ථාන ගත වී සිට ඇත්තේ ද ඉරාන රජයට අයත්
මුහුදු සීමාවේය.



Flight 655 සිද්ධිය වූ වහාම ඉරාන රජය ඇමරිකාව ජ්‍යත්‍යන්තර නීති කඩ
කර මෙම ප්‍රහාර සිදුකර බව නිවේදනය කර අතර ඇමරිකාව නිවෙදනය
කලේ IR655 ගුවන් යානයේ නියමුවා ගුවන් යානය හරිහැටි හදුන්වා
නොදුන් නිසා වැරදීමකින් මෙම ප්‍රහරය එල්ල වූ බවයි.මෙම සිද්ධියෙන්
පසුව වරක් එවකට ඇමරිකානු උප ජනාධිපතිව සිටි George H. W. Bush
ප්‍රකාශ කලේ මෙම සිද්ධිය සම්බන්ධෙයෙන් තම රට කිසි විටෙකත් ඉරානයෙන්
සමාව නොයිල්ලන බවයි.

ප්‍රහාරය වෙනුවෙන් ඉරාන රජය නිගුත් කර
මුද්දරයක්
අවසානයේ Flight 655 සිද්ධිය ජත්‍යයන්තර අධිකරනය ඉදිරිපත් විය.
1996 දී ඇමරිකාව ප්‍රහාරයේ දී මිය ගිය සිවිල් වැසියන් වෙනුවෙන්
ඩොලර් මිලියන 61.8 ගෙවීමට කැමති වීමත් සමග ඉරානය මෙම සිද්ධිය
සමථයකට පත් කර ගැනීමට කැමති විය. ඒ අනුව මිය ගිය සිවිල් එක් වැසියකුට
ඩොලර් 213,103.45 හිමි විනි. නමුත් ඇමරිකානු රජය මේ දක්වා ප්‍රහාරයේ දී
මිය ගිය සිවිල් වැසියන් වෙනුවෙන් කිසිදු සමාව ගැනීමක් හෝ ශෝකය ප්‍රකාශ
කිරීමක් කිරීමට නිහතමානී වී නොමැත.


Saturday, October 1, 2011

සදාම් හුසේන් බලයට පැමිණි හැටි


1937 දී උපත ලැබු සදාම් හුසේන්ගේ උපන් භුමිය ඉරාකයේ උතුරු මැද ප්‍රදේශයේ පිහිටා
ඇති al-Auja නම් ග්‍රාමයයි. එම ගමෙහි වාසය කර බොහෝ පවුල් වල මෙන්ම සදාම්ගේ
පවුලේද ජීවන මර්ගය වූයේ බැටලුවන් ඇතිකිරීමයි. වයස අවුරුදු 10 දී දෙමාපියන් විසින්
සදාම් අධ්‍යපනය  සදහා බැග්ඩෑඩ්හි සිටි ඔහුගේ මාමා කෙනෙකු වෙත යවන ලදි. බැග්ඩෑඩ්
වෙත පැමිනීම සදාම් හුසේන්ගේ ජීවිතය නව මගක් ගැනීමට හේතු විය.



බැග්ඩෑඩ්හිදී තම පාසල් දිවිය අවසන් කිරීමෙන් පසු සදාම් හුසේන් එවකට ඉරාකයේ ජනප්‍රියව
පැවති ඉස්ලාමික සමාජවාදී දේශපාලන පකෂයක් වු බාද් පකෂයට සම්බන්ද විය. 1956 දී
බාද් පකෂය විසින් Faisal II රජුට එරෙහිව ක්‍රියාත්මක කර අසාර්ථක රාජ්‍ය විරෝධී කැරැල්ලටද
සදාම් හුසේන් සම්බන්ධ විය.

1958 දී Faisal II රජු බලයෙන් පහ කර ජනරාල් අබ්දුල් කාසීම් ඉරාකයේ පාලකයා බවට
පත් විය. 1959 දී සදාම් හුසේන් ප්‍රමුඛ බාද් පාකෂික ආධාරකරුව පිරිසක් ජනරාල් අබ්දුල්
කාසීම් ඝාථනය කිරිමට උත්සහ කල නමුත් එය අසාර්ථක වූ නිසා සදාම් හුසේන් ඉරාකයෙන්
පැනයාමට සිදුවිය. තම රටින් පලා ගිය සදාම් හුසේන් සිරියාවේ හා ඊජිප්තුවේ කාලයක් ජීවත්
විය.

1963 දී බාද් පකෂය විසින් ජනරාල් අබ්දුල් කාසීම් ඝාථනය කිරීමත් සමග ආපසු සිය රට
පැමිණීමට සදාම් හුසේන් අවස්ථා ලැබිණි. නමුත් නව ඉරාක පාලකයා වූ අබ්දුල් සලාම්, බාද්
පකෂයේ නායකයන් රැසක් සිරගත කිරීමත් සමග සදාම් හුසේන්ටද සිර දඩුවම් නියම වූයේය.
සිර දඩුවම් විදිමින් සදාම් බාද් පකෂය තුල විවිධ නිලතල උසුලන ලදී. 1966 දී තම ඥති
සහෝදරයෙකු වූ ජනරාල් අහමඩ් හුසේන්ගේ ආධාරයෙන් බාද් පකෂයේ ප්‍රධාන ලේඛම්වරයා
බවට පත්විමට සදාම් හුසේන් හැකිවිය.

1667 දි සිර දඩුවෙමින් මිදුනු සදාම් එතැන් පටන් පතෂය තුල ප්‍රබල නායකයකු ලෙස කටයුතු
කරන ලදී. එසේම එවකට ඉරාකයේ පාලකයා වූ අබ්දුල් රහුමාන් බලයෙන් පහකර සාර්ථක
රාජ්‍ය විරෝධී කුමන්ත්‍රනයටද ඔහු ඍජුව සහබාගීත්වය ලබා දුන්නේය. මෙම කුමන්ත්‍රනයෙන්
පසුව සදාම් හුසේන්ගේ ඥති සහෝදරයා වූ ජනරාල් අහමඩ් හුසේන් ඉරාකයේ නව ජනාධිපති
ලෙස පත් වීම සදාම් හුසේන්ගේ දේශපාලන බලය වැඩි වීමට තදින්ම බලපෑවේය.



තම ඥති සහෝදරයා ජනාධිපති ධූරයට පත් වීම හේතුවෙන් ඉක්මනින්ම පකෂය තුල වඩාත්
ඉහල නිලතල හා වගකීම් සදාම් හුසේන් හට හිමි විණි. බාද් පකෂයේ විප්ලවිය අනදෙන
කවුන්සලයේ  උප සභාපති වූ සදාම් 1973 දී ඉරාකයේ උප ජනාධිපති ධූරයද තමන් සතු
කරගත්තේය.

1960 දශකයේ අගභාගයේ සිට 1970 දශකයේ මැදභාගය දක්වා බාද් පකෂයේ පාලන බලය
ඉරාකය තුල ස්ථ්ර ගැනීමට ජනතාවගේ සහයෝගය බලාපොරොත්තුවෙන් සදාම් හුසේන්
විවිධ ජනතා හිතවාදී කාර්යන්හි නිරත විය. ඉරාකයේ අධ්‍යාපනය වැඩිදිවුණූ කිරිමට හා
ජනතාවට නොමිලේ සෞඛ්‍යය සේවා ලබාගැනීමට හැකි ක්‍රමයක් ඇති කිරීමට ඔහු මුල් වී
ක්‍රියා කලේය.

1976 දී ඉරාක හමුදාවේ ප්‍රධාන ජනරාල් වරයා ලෙස පත් වීමත් සමග සදාම් හුසේන් ඉරාකයේ
බලවත්ම දේශපාලන නායකයා වූයේය. සදාම් හුසේන් විසින් එල්ල කර බලපෑම් හා දැඩි
පීඩනය හේතුවෙන් 1979 දී අහමඩ් හුසේන් ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වූ අතර සදාම් හුසේන්
ඉරාකයේ නව පාලකයා බවට පත් විය.

Saturday, August 6, 2011

නැවතීමක්







අපගේ තෙවන අධ්‍යන වර්ශයේ විභාගය මුහුන දීම හේතුවෙන් තාවකාලිකව ලිපි ඵල කිරීම නතරකිරීමට සිදුවන බව කනගාටුවෙන් දන්වමි.

Sunday, July 24, 2011

පුදුමයක් වූ ඇලෙක්සැන්ඩේරියාවේ ප්‍රදීපාගාරය





පැරණි ලෝකයේ පුදුම හතට අයත් ඇලෙක්සැන්ඩේරියාවේ ප්‍රදීපාගාරය මිනිස් ඉතිහාසයහි ගෙඩනැගු අනුස්මරණීය ස්මාරකයකි. ඇලෙක්සැන්ඩේරියාවේ පහන් කනුව යන නාමයෙන්ද හදුන්වන මෙය ක්‍රි.පූ.  280 සහ 247 අතර කාලයේ ගොඩනැගුවෙකි. එමෙන්ම ශතවර්ශ ගනනක් ගත වන තුරු මෙය මිනිසා විසින් ගොඩනැගු උසම නිර්මානය වශයෙන් පැවතිනි.





ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩේරියා වරාය අසල පිහිටි Pharos නම් කුඩා
දූපතහි පිහිටි ඇලෙක්සැන්ඩේරියා ප්‍රදීපාගාරය ශතවර්ශ ගනනක් එම වරායට පැමිනෙන නැව් වලට රාත්‍රියේ දී අවශ්‍ය මග පෙන්වීම් සිදු කරන ලදී. ප්‍රදීපාගාරය ඉහල මාලයෙහි දැල්වූ ගින්නක ආලෝකය එම මලයෙහි සවිකර තිබූ විශාල ප්‍රමානයේ කැඩපත් මගින් මුහුද දෙසට පාරාවර්තනය කොට නැව් සදහා අවශ්‍ය මගපෙන්වීම සිදුකරන ලදී.





ශ්‍රේෂ්ඨ මැසිඩොනියන් ආධිරාජ්‍යයකු වන 1 වන ඇලෙක්සැන්ඩර් විසින්
ඉදිකරන ලද ඇලෙක්සැන්ඩේරියාවේ ප්‍රදීපාගාරය චතුරස්‍ර ආකාර විය. එහි එක් පැත්තක දිග 8.5m වූ අතර ප්‍රදීපාගාරය ඉදිකර තිබුනේ 6.5m උස විශාල ප්‍රමානයේ වේදිකාවක් මතයි. විශාල ප්‍රමානයේ ගල් කුට්ටි මෙය සෑදීම සදහා උපයෝගී කොට ගෙන තිබුනි.


ඇලෙක්සැන්ඩ්‍රියා වරාය



ප්‍රදීපාගාරයේ කුලුන ප්‍රධාන කොටස් 3කින් යුක්ත විය. කුලුනෙහි පහලම කෙටස චතුරස්‍ර කාර වූ අතර කුලුනෙහි මැද කොටස පැති අටකින් සමන්විත වන ආකාරයට නිම කර තිබුනි. එසේම කුලුනේ ඉහලම කොටස වෘතාකාරව ඉදිකරනු ලැබ තිබුනි. ආලෝකය පරාවර්තනය කිරීම සදහා වූ කැඩපත් සවිකර තිබුනේ ද මෙහිය. මේ හරහා පරාවර්තනය වූ ආලෝකය 47km දුරට දැක ගත හැකි වූ බව ඇතැම් ඓතිහාසික වාර්තා පවසයි. 


ප්‍රදීපාගාරය තිබූ ස්ථානයහි පසුව ඉදිකරනු ලැබූ බලකොටුව





ක්‍රි.ව. 956, 1303 සහ 1323 ඇතිවූ දරුනු භුමිකම්පා නිසා
ඇලෙක්සැන්ඩේරියාවේ ප්‍රදීපාගාරයට දැඩි හානි සිදුවිය. විශේෂයෙන් 
ක්‍රි.ව. 1303 සහ 1323 දී ඇතිවූ භුමිකම්පා නිසා ප්‍රදීපාගාරය දැඩි ලෙස 
විනාශ විම නිසා එය අත්හැර දමන ලදි. 1480 දී පමන විනාශ වූ  ප්‍රදීපාගාරයේ සුන්බන් උපයෝගී කර ගනිමින් එම ස්ථානයෙහිම 
ඊජිප්තුවේ සුල්තාන් වරයා විසින් බලකෙටුවක් තනන ලදී.



Friday, July 22, 2011

ජපනුන් කොලඹට බෝම්බ දැමු සැටි

1942 වර්ශයේ මැද භාගය වන විට යුරෝපීය යටත් විජිත වශයෙන් පැවති සිංගප්පූරුව ජාවා, සුමාත්‍රා ආදි අද්නිදිග ආසියානු ප්‍රදේශ අල්ලා ගත් ජපන් හමුදා ඉන්දියන් සාගරයටද පිවිසියේය. බ්‍රිතාන්‍යයන් ගේ වැදගත් හමුදා මුලස්ථානයක් වූ සිංගප්පූරුව ජපන් හමුදා විසින් අල්ලා ගැනීමත් සමග දකුණු ආසියාවේ ප්‍රධාන බ්‍රිතාන්‍ය හමුදා මුලස්ථානය බවට කොලඹ පත්විය.



බ්‍රිතාන්‍යය නාවික හමුදාව ඉන්දියන් සාගරයෙන් පලවා හැර ඉන්දියාව ඇතුලු බ්‍රිතාන්‍යය යටත් විජීත අල්ලා ගැනීමට නම් ලංකාවේ ස්ථාපනය කර තිබු බ්‍රිතාන්‍යය ගුවන් හා නාවික කදවුරුවලට පහර දිය යුතු බව වටහා ගත් ජපනුන් කොලඹට පහර දිම සදහා සූදානම් විය.


ජපන් ප්‍රහාරයට පෙර ඒ පිලිබදව දැන් වූ  කැනේඩියානු
ගුවන් නියමුවා





ජපාන ප්‍රහාරයක් එල්ලවිය හැකි බව කලින්ම අනුමාන කර තිබූ බ්‍රිතාන්‍ය හමුදා ප්‍රධානීන් කොලඹ ගුවන් හමුදා කදවුරට අමතරව රත්මලාන හා කොග්ගලද ගුවන් හමුදා කදවුරු පිහිට වීය. මේ අතර ජපනුන්ගේ සැලසුම වූයේ කොලඹ වරායට හා කොලඹ අවට පිහිටි ගුවන් හමුදා කදවුරුවලට
පහර දී බ්‍රිතාන්‍ය යුධ බලය අඩපන කිරීමයි.



ජපනුන් කොලඹට පහර දීම සැලසුම් කර තිබුනේ ඇමරිකනුන්ගේ පර්ල් වරායට පහර දීමට සැලසුම් කර සැලසුමට සමාන අයුරිකිනි. පර්ල් වාරායට පහරදීමට සහභාගී වූ බොහෝ ජපන් ගුවන් නියමුවන් කොලඹට පහර දීමට ද එක් විය. 



1942 අ‍ප්‍රේල් මස 4 වන දින ලංකාවේ බටහිර මුහුදු තිරයට පිවිසි අද්මිරාල්  Chuichi Nagumo නායකත්වයෙන් යුතු විශාල ජපන් නාවික කන්ඩායමක් ප්‍රහාරය සදහා සූදානම් විය. නමුත් ලංකා මුහුදු තීරයේ මුර සේවයේ යෙදී සිට Leonard Birchall නම් කැනේඩියානු ගුවන් නියමුවා ප්‍රහාරයට පෙර ජපන් නාවික කන්ඩායම දුටුවේය. ඉක්මනින්ම ජපන් ගුවන් නියමුවන් Leonard Birchall ගේ ගුවන් යානයට පහර දී බිම හෙලු නමුත් කැනේඩියානු ගුවන් නියමුවා තම යානය කඩාවැටීමට පෙර රේඩියෝ පනිවිඩයකින් ජපනුන් මුහුදේ ස්ථාන ගත වී සිටි ආකාරය පිලිබද කොලඹට දැන්වීය.


කොලඹ ප්‍රහාරය හා පර්ල් වරායට එල්ල කර ප්‍රහාරය
මෙහෙය වූ අද්මිරාල් Chuichi Nagumo





ජපන් නැව් වලින් ගුවන් ගත වූ ප්‍රහාරක ගුවන් යානා උදෑසන 7.30 පමන බොරැල්ල ආසන්නයට බෝම්බ දැමීමත් සමග ජපනුන්ගේ ප්‍රහාරය ආරම්භ විය. කොලඹ වරායේ නවතා තිබු cruiser HMS Hector සහ HMS Tenedos යුධ නැව් ජපන් ගුවන් යානා විසින් බෝම්බ හෙලා ගිල්වන ලදි. මෙහි දී ඇතිවු සටනේ දී බ්‍රිතාන්‍යය ගුවන් යානා 27 විනාශ වු අතර ජපන් ගුවන් යානා 5 කටද පහර දී බිම හෙලීමට බ්‍රිතාන්‍යයන් සමත් විය.



ජපන් ප්‍රහාරයට ගොදුරු වූ HMS Cornwall යුධ නැව






කොලොන්නාව තෙල් ටැංකි සංකීරනයට පහර දීමට පැමිනි ජපන් ගුවන් යානා වැරදීමකින් අංගොඩ මානසික රෝහලට බෝම්බ හෙලීම මෙම ප්‍රහාරයේ සුවිශේෂි සිදුවීමකි. මේ අතර ලංකාවට සමීපව නිරිත දිග මුහුදු තීරයේ යාත්‍රා කරමින් තිබු Dorsetshire සහ Cornwall යන යුධ නැව දෙකටද පහර දී ගිල්වා දැමිමට ජපන් ගුවන් යානා සමත් විය.


ජපන් ප්‍රහාරයට ගොදුරු වූ HMS Hermes යුධ නැව





සමස්ථයක් ලෙස ගත් කල ජපනුන් කොලඹට එල්ල කර ප්‍රහාරය එතරම් සාර්ථක එකක් නොවීය. ජපනුන්ගේ ප්‍රධාන ඉලක්කය වු ලංකාවේ සථානගත කර තිබු නැගෙනහිර බ්‍රිතාන්‍යය නාවික බලකාය ප්‍රහාරය සිදුවන අවස්ථාව වන විට කොලඹ වරායේ නොතිබීම නිසා එයට පහර දීමේ අවස්ථාව ජපනුන්ට අහිමිවිය. මීට අමතරව ප්‍රහාරය සදහා පැමිනි ජපන් ගුවන් යානා 25 පහර දී බිම හෙලීමට හා තවත් ගුවන් යානා 75 පමන හානි සිදු කිරීමට බ්‍රිතාන්‍යන් සමත්විය.