Saturday, July 2, 2011

සැමියන් සිව් දෙනෙකු මරා රජ වූ අනුලා දේවිය

ක්‍රි.පූ 47 සිට ක්‍රි.පූ 42 දක්වා මෙරට පාලනය 
ගෙන ගිය අනුලා දේවීය මෙරට රජ්‍ය බලය 
හෙබවූ පලමු කාන්තාවයි.  බලය හා සල්ලාල 
කම හේතුවෙන් නොමග ගිය ඇය තම ජීවිත 
කාලය තුල තමන් හා විවාහවූ සැමියන් සිවු 
දෙනෙකු ඝාථනය කලාය.

අනුලා දේවිය ක්‍රි.පූ 62 දී රජ වූ චෝර නාග 
රජුගේ බිසව විය. අවුරුදු 12ක් රට පාලනය 
කල ඔහුගේ පාලන සමය අවසන් වූයේ 
ඔහුගේම බිරිද වූ අනුලා දේවිය විසින් 
ඔහුට වස දී මරා දැමීමත් සමගය. චෝර 
නාග ඝාථනය කිරීමෙන් පසු රජ්‍ය බලය 
අතට ගත් අනුලා දේවිය තම අභිමතය 
පරිදි තමාගේ ඥති පුත්‍රයකු වූ කුඩා තිස්ස 
රජකරවීය.

මහා චූල තිස්ස රජුගේ පුත්‍රයකු වූ කුඩා 
තිස්ස අනුලා දේවිය සමග අවුරුදු තුනක් 
මෙරට පාලනය ගෙනගියේය. අවසානයේ 
දී කුඩා තිස්ස රජුගේ පාලන සමය අවසන්
 වූයේද අනුලා දේවිය විසින් ඔහුට වස දීම 
නිසාය. කුඩා තිස්ස මරා දැමූ අනුලා දේවිය 
තමන් සමග පෙම් බැද සිටි සිව නම් 
දොරටුපාලයකු සිහසුනට පත්කරන ලදී.

මාලිගාවේ ආරකෂකයකු ලෙස සේවය කර සිව 
අනුලා දේවියගේ උපකාරයෙන් රජවී අවුරුද්දකුත් 
මාස 2ක් පලමු සිව නමින් පාලනය ගෙන ගියේය. 
මේ අතර වටුක නම් ද්‍රවිඩ වඩු කාර්මිකයකු සමග 
ප්‍රේමයෙන් බැදුනු අනුලා දේවිය සිවට වස දී මාරා 
දැමීය. අනුලා දේවියගේ සහය ඇතිව රජකමට පත් 
වටුකද අවුරුද්දකුත් මාස 2 ගත වීමෙන් පසු අනුලා 
විසින් වස දීම නිසා මිය ගියේය. 

වටුක මරා දැමීමෙන් පසු දාරුබතික නම් 
දැවගෙනයන්නෙකු සමග අනුලාදේවීය 
විවාහ වූවාය. දාරුබතික, තිස්ස නමින් 
සිහසුනට පත් ව අවුරුද්දකුත් මාසයක් 
ගෙනගිය පාලනය අවසන් වූයේ ද අනුලා 
දේවිය විසින් ඔහුට වස දී මරා දැමීම නිසාය. 
අනුලා දේවියගේ ඊලග සහකරුවා වූයේ 
නිලියා නැමති බ්‍රාහ්මනයාය. රජවී මාස 6 
ගතවීමෙන් පසු නිලියා ද අනුලා දේවිය 
විසින් මරා දමන ලදී.

නිලියා අනුලා දේවියගේ අවසන් සැමියා 
වූ අතර ඔහු මරා දැමීමෙන් පසු අනුලා 
තමන්ට කැමති පරිද්දෙන් මාස 4 ක් 
රට පාලනය කලාය. අවසානයේ මහ කුලි
මහ තිස්සගේ දෙවැනි පුත්‍රයා වූ කූටකන්න 
තිස්ස විසින් අනුලා බලයෙන් පහකරන 
ලදී.කූටකන්න තිස්ස රජු විසින් ඇයව 
දර සෑයකට දමා පනපිටින් පිලිස්සූ බව 
මහා වංශයේ සදහන් වේ.
  
 

No comments:

Post a Comment