ස්ටාලින්ග්‍රෑඩ් සටන ලෝක ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමකි. නාසි ජර්මනිය
බිහිසුනු අවසානයකට ඇද දමමින් සෝවියට් රුසියාව ජයග්‍රාහී මාවතකට
පිවිසියේ මෙම ස්ටාලින්ග්‍රෑඩ් සටනත් සමගය.
සටනේ යෙදෙන රුසියන් සෙබලු |
1942 වර්ශය උදා වන විට ප්‍රංශය, නෙදර්ලන්තය, බෙල්ජියම වැනි බටහිර
යුරෝපීය රටවල් මෙන්ම නැගෙනහිර යුරෝපීය රටවල් රාශියක් යටත් කරගෙන සිටි නාසී ජර්මනිය බ්‍රිතාන්‍යයට පවා බලවත් තර්ජනයක් බවට පත්ව සිටියේය. හිට්ලර්ගේ නායකත්වයෙන් නාසි ජර්මනිය ලැබූ යුධ ජයග්රහන නිසා සෝවියට් රුසියාව පවා ජර්මනිය සමග තාවකාලික සාම ගිවිසුමකට එලබියේය.
![]() |
ජර්මන් සෙබලුන් සටන අතරතුර |
1942 වර්ශයේ මුල් භාගයේ හිටලර් හමුවූ ප්‍රධාන ජර්මන් යුධ සෙනවිවරු
යුද්ධය ජයග්‍රහනය කිරීම සදහා ඔහු හමුවේ යුධ සැලසුම් දෙකක් තැබීය.
පලමු යුධ සැලසුම වූයේ ජර්මනියේ මුලු යුධ බලය යොදා බ්‍රිතාන්‍යයට
පහර දී බ්‍රිතාන්‍ය අල්ලාගෙන එමගින් යුද්ධය ජයග්‍රහනය කිරීමයි.දෙවන
යුධ සැලසුම වූයේ රුසියාවට පහර දී එරට ස්වාභාවික සම්පත් උපයෝගී
කර ගෙන යුද්ධය ඉදිරියට ගෙන යාමයි. අවසානයේ හිට්ලර් විසින් තෝරා
ගත්තේ දෙවන යුධ සැලසුමයි.
![]() |
නගරයට බෝම්බ හෙලන ජර්මන් ගුවන් යානයක් |
ස්ටාලින්ග්‍රෑඩ් වනාහි බටහිර සෝවියට් රුසියාවේ වොල්ගා නදිය අසබඩ
පිහිටි ජනාකීරන කාර්මික නගරයකි. විශාල ප්‍රමානයේ නගරයක් වූ එය
නම් කර තිබුනේද එවකට සෝවියට් රුසියාවේ නායකයා වූ ජෝසප්
ස්ටාලින්ගේ නමිනි. ජර්මනියෙන් යුධ තර්ජනයක් එල්ල විය හැකිබව
කල් තියාම දැන සිටි සෝවියට් රුසියානු නායකයින් නගරයේ තිබූ අතිරික්ත ආහාර නගරයෙන් ඉවත් කලේ ඒවා ජර්මන් හමුදා අතට පත් වීම වැලැක්වීමටයි.එමෙන්ම නගරයේ පිහිටා තිබූ යුධ ටැංකි නිශ්පාදන
කර්මාන්ත ශාලා කිපයක් ඉන් ඉවත් කර වෙනත් නගරවලට ගෙනයන
ලදී.
![]() |
හිට්ලර් |
හිට්ලර් 1942 අගෝස්තු මුලදී සෝවියට් රුසියාවට එරෙහිව යුධ
ප්‍රකාශ කර අතර 6 වන ජර්මන් පාබල හමුදාව හා 4 වන ජර්මන්
පැන්සර් හමුදාව ස්ටාලින්ග්‍රෑඩ් ආක්රමනය කිරීම සදහා පෙරමුන
ගත්තේය. ඉතාලි, හන්ගේරියන් හා රොමේනියන් රටවලට
අයත් හමුදාද ජර්මනියට සහයෝගය පිනිස ස්ටාලින්ග්‍රෑඩ් සටනට
එක් විය.
1942 අගෝස්තු මස 2 දා ජර්මන් ගුවන් හමුදාව එල්ල කරන මහා පරිමානයේ ගුවන් ප්‍රහාරයත් සමග ස්ටාලින්ග්‍රෑඩ් සටන ආරම්භ විය. ජර්මන් ගුවන් යානා විසින් ටොන් 1000 පමන අධික බරකින් යුත් සමූහයක්බෝම්බ නගරයට හෙලන ලද අතර ඉක්මනින්ම නගරයේ බොහෝ ගොඩනැගිලි බමට සමතලා විය. ජර්මන් ආක්රමනය බලවත් බව දුටු ස්ටාලින් ඈත සයිබීරියාවේ සිටි තම හමුදා ද ස්ටාලින්ග්‍රෑඩ් වෙත කැදවීය.
ගුවන් ප්‍රහාර මගින් සෝවියට් රුසියානු හමුදා බලය අඩපන වු වහාම නගරයට ඇතුලුවු ජර්මන් හමුදා නගරයෙන් 90% පාලනය තම අතට ගත්තේය. මේ අතර අමතර භට පිරිස් ගෙන්වාගත් රුසියන් හමුදා තම ශක්තිය වර්ධනය කරගෙන වොල්ගා නදියේ නැගෙනහිර ඉවුරේ සිට නගරයේ සිටින ජර්මනුන්ට ප්‍රහාර එල්ල කරන ලදී.
![]() |
ස්ටාලින් |
ස්ටාලින්ග්‍රෑඩ් නගරයේ සැගවී සිටි රුසියන් සෙබලු ද නගරය තුල සිට ජර්මනුන්ට ප්‍රහාර එල්ල කලේය. මේනිසා ජර්මන් හමුදාවල තත්වය තරමක් අවදානම් විය. මේ අතර සෝවියට් රුසියානු හමුදා ජර්මන් ආක්රමනය පරාජය කිරීම සදහා යුරේනස් යනුවෙන් මෙහෙයුමක් අරබන ලදී.
යුරේනස් මෙහෙයුම යටතේ සෝවියට් රුසියන් හමුදා ස්ටාලින්ග්‍රෑඩ්
නගරයට උතුරින් හා දකුනින් පහර දුන්නේය.මෙම ප්‍රහාර වල අරමුන වූයේ ජර්මන් හමුදා වලට සහය වූ ඉතාලි, හන්ගේරියන් හා රොමේනියන් හමුදා වලට පහර දීමය. යුරේනස් මෙහෙයුම යටතේ එල්ලවූ දැවැන්ත හමුදා ප්‍රහාරයත් සමග ඉතාලි, හන්ගේරියන් හා රොමේනියන් හමුදා බිදවැටුනු අතර ජර්මන් හමුදාව නගරයේ තනිවිය.
1942 වර්ශය අවසාන භාගය වන විට සෝවියට් රුසියන් හමුදා විසින් ස්ටාලින්ග්‍රෑඩ් නගරය වටලා එහි සිරවී සිටි 6 වන ජර්මන් පාබල හමුදාවට දැඩිව පහර දෙන ලදී. ආහාර, ඉන්දන හා ආයුධ හිග වීම නිසා නගරයේ සිර වී සිට ජර්මන් සේනා මහත් අපහසු තාවයකට පත්විය. ජර්මන් ගුවන් හමුදාව ගුවනින් අවශ්‍ය සැපයුම් කිරිමට උත්සහ කලද එය එතරම් සාර්තක නොවුනි.
1943 ජනවාරි මාසයේ ආරම්භ කර ලිට්ල් සාතන් මෙහෙයුම යටතේ රුසියන් හමුදා ජර්මනුන්ට පහර දෙමින් නගරයට ඇතුලුවිය.ආහාර හා ආයුධ හිග කමින් දුර්වල වී සිටි 6 වන ජර්මන් හමුදාව අවසානයේ රුසියන් හමුදා අතින් පරාජයට පත් විය. බොහෝ ජර්මන් හටයන් රුසියන් හමුදා විසින් සිරබාරයට ගත් අතර ඇතැම් ජර්මන් භටයන් නගරයෙන් පලායාමට සමත් විය.
![]() |
ජර්මන් සිරකරුවෙකු හා රුසියන් සෙබලෙකු |
අවසානයේ ස්ටාලින්ග්‍රෑඩ් සටන අවසන් වන විට ජර්මන් භටයින් 750000 මිය ගොස් සිටි අතර 91000 ක් ජර්මන් භටයින් රුසියන් හමුදාවල සිරකරුවන් බවට පත් විය. මීට අමතරව ජර්මන් ගුවන් යානා 900 ක් මෙම සටනේ දී විනාශ විය. එමෙන්ම ජර්මන් යුධ ටැංකි විශාල ප්‍රමානයක් රුසියන් හමුදා විසින් විනාශ කර අතර තවත් ප්‍රමානයක් රුසියන් හමුදා විසින් අල්ලා ගන්නා ලදී.
සෝවියට් රුසියාව ස්ටාලින්ග්‍රෑඩ් සටන ජයගත් නමුත් 478000 පමන රුසියන් සෙබලුද මෙම සටනේදී මිය ගියේය. මීට අමතරව 40000 පමන වූ සිවිල් වැසියන්ද දෙපාර්ශවයේ ප්‍රහාර වලට මැදිව මරණයට පත් විය. ස්ටාලින්ග්‍රෑඩ් සටන පරාජයත් සමග රුසියන් හමුදා ඉදිරියේ දිගින් දිගටම ජර්මනුන් පරාජය වූ අතර බ්‍රිතාන්‍ය හා ඇමරිකානු හමුදා බටහිර යුරෝපය හරහා ජර්මනියට පහර දීමත් සමග ජර්මනිය පරාජය වෙත ඉක්මනින් ඇදීගියේය.
මෝඩ තීරණ අරගෙන බලයට කෑදර කමේ සටන් කරලා ජීවිත කීයක්නම් නැති වෙලාද?
ReplyDeleteහොඳ ලිපියක්
ReplyDelete