Saturday, October 1, 2011
සදාම් හුසේන් බලයට පැමිණි හැටි
1937 දී උපත ලැබු සදාම් හුසේන්ගේ උපන් භුමිය ඉරාකයේ උතුරු මැද ප්‍රදේශයේ පිහිටා
ඇති al-Auja නම් ග්‍රාමයයි. එම ගමෙහි වාසය කර බොහෝ පවුල් වල මෙන්ම සදාම්ගේ
පවුලේද ජීවන මර්ගය වූයේ බැටලුවන් ඇතිකිරීමයි. වයස අවුරුදු 10 දී දෙමාපියන් විසින්
සදාම් අධ්‍යපනය සදහා බැග්ඩෑඩ්හි සිටි ඔහුගේ මාමා කෙනෙකු වෙත යවන ලදි. බැග්ඩෑඩ්
වෙත පැමිනීම සදාම් හුසේන්ගේ ජීවිතය නව මගක් ගැනීමට හේතු විය.
බැග්ඩෑඩ්හිදී තම පාසල් දිවිය අවසන් කිරීමෙන් පසු සදාම් හුසේන් එවකට ඉරාකයේ ජනප්‍රියව
පැවති ඉස්ලාමික සමාජවාදී දේශපාලන පකෂයක් වු බාද් පකෂයට සම්බන්ද විය. 1956 දී
බාද් පකෂය විසින් Faisal II රජුට එරෙහිව ක්‍රියාත්මක කර අසාර්ථක රාජ්‍ය විරෝධී කැරැල්ලටද
සදාම් හුසේන් සම්බන්ධ විය.
1958 දී Faisal II රජු බලයෙන් පහ කර ජනරාල් අබ්දුල් කාසීම් ඉරාකයේ පාලකයා බවට
පත් විය. 1959 දී සදාම් හුසේන් ප්රමුඛ බාද් පාකෂික ආධාරකරුව පිරිසක් ජනරාල් අබ්දුල්
කාසීම් ඝාථනය කිරිමට උත්සහ කල නමුත් එය අසාර්ථක වූ නිසා සදාම් හුසේන් ඉරාකයෙන්
පැනයාමට සිදුවිය. තම රටින් පලා ගිය සදාම් හුසේන් සිරියාවේ හා ඊජිප්තුවේ කාලයක් ජීවත්
විය.
1963 දී බාද් පකෂය විසින් ජනරාල් අබ්දුල් කාසීම් ඝාථනය කිරීමත් සමග ආපසු සිය රට
පැමිණීමට සදාම් හුසේන් අවස්ථා ලැබිණි. නමුත් නව ඉරාක පාලකයා වූ අබ්දුල් සලාම්, බාද්
පකෂයේ නායකයන් රැසක් සිරගත කිරීමත් සමග සදාම් හුසේන්ටද සිර දඩුවම් නියම වූයේය.
සිර දඩුවම් විදිමින් සදාම් බාද් පකෂය තුල විවිධ නිලතල උසුලන ලදී. 1966 දී තම ඥති
සහෝදරයෙකු වූ ජනරාල් අහමඩ් හුසේන්ගේ ආධාරයෙන් බාද් පකෂයේ ප්‍රධාන ලේඛම්වරයා
බවට පත්විමට සදාම් හුසේන් හැකිවිය.
1667 දි සිර දඩුවෙමින් මිදුනු සදාම් එතැන් පටන් පතෂය තුල ප්‍රබල නායකයකු ලෙස කටයුතු
කරන ලදී. එසේම එවකට ඉරාකයේ පාලකයා වූ අබ්දුල් රහුමාන් බලයෙන් පහකර සාර්ථක
රාජ්‍ය විරෝධී කුමන්ත්රනයටද ඔහු ඍජුව සහබාගීත්වය ලබා දුන්නේය. මෙම කුමන්ත්රනයෙන්
පසුව සදාම් හුසේන්ගේ ඥති සහෝදරයා වූ ජනරාල් අහමඩ් හුසේන් ඉරාකයේ නව ජනාධිපති
ලෙස පත් වීම සදාම් හුසේන්ගේ දේශපාලන බලය වැඩි වීමට තදින්ම බලපෑවේය.
තම ඥති සහෝදරයා ජනාධිපති ධූරයට පත් වීම හේතුවෙන් ඉක්මනින්ම පකෂය තුල වඩාත්
ඉහල නිලතල හා වගකීම් සදාම් හුසේන් හට හිමි විණි. බාද් පකෂයේ විප්ලවිය අනදෙන
කවුන්සලයේ උප සභාපති වූ සදාම් 1973 දී ඉරාකයේ උප ජනාධිපති ධූරයද තමන් සතු
කරගත්තේය.
1960 දශකයේ අගභාගයේ සිට 1970 දශකයේ මැදභාගය දක්වා බාද් පකෂයේ පාලන බලය
ඉරාකය තුල ස්ථ්ර ගැනීමට ජනතාවගේ සහයෝගය බලාපොරොත්තුවෙන් සදාම් හුසේන්
විවිධ ජනතා හිතවාදී කාර්යන්හි නිරත විය. ඉරාකයේ අධ්‍යාපනය වැඩිදිවුණූ කිරිමට හා
ජනතාවට නොමිලේ සෞඛ්‍යය සේවා ලබාගැනීමට හැකි ක්‍රමයක් ඇති කිරීමට ඔහු මුල් වී
ක්‍රියා කලේය.
1976 දී ඉරාක හමුදාවේ ප්‍රධාන ජනරාල් වරයා ලෙස පත් වීමත් සමග සදාම් හුසේන් ඉරාකයේ
බලවත්ම දේශපාලන නායකයා වූයේය. සදාම් හුසේන් විසින් එල්ල කර බලපෑම් හා දැඩි
පීඩනය හේතුවෙන් 1979 දී අහමඩ් හුසේන් ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වූ අතර සදාම් හුසේන්
ඉරාකයේ නව පාලකයා බවට පත් විය.
Subscribe to:
Post Comments (Atom)
වටිනා ලිපියක්... ස්තුතිය් සහෝ
ReplyDeleteහුසේන් ගැන දැන ගත්තනේ.දැන් ගඩාෆි ගැන ලියන්න.
ReplyDelete