Sunday, July 24, 2011

පුදුමයක් වූ ඇලෙක්සැන්ඩේරියාවේ ප්‍රදීපාගාරය





පැරණි ලෝකයේ පුදුම හතට අයත් ඇලෙක්සැන්ඩේරියාවේ ප්‍රදීපාගාරය මිනිස් ඉතිහාසයහි ගෙඩනැගු අනුස්මරණීය ස්මාරකයකි. ඇලෙක්සැන්ඩේරියාවේ පහන් කනුව යන නාමයෙන්ද හදුන්වන මෙය ක්‍රි.පූ.  280 සහ 247 අතර කාලයේ ගොඩනැගුවෙකි. එමෙන්ම ශතවර්ශ ගනනක් ගත වන තුරු මෙය මිනිසා විසින් ගොඩනැගු උසම නිර්මානය වශයෙන් පැවතිනි.





ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩේරියා වරාය අසල පිහිටි Pharos නම් කුඩා
දූපතහි පිහිටි ඇලෙක්සැන්ඩේරියා ප්‍රදීපාගාරය ශතවර්ශ ගනනක් එම වරායට පැමිනෙන නැව් වලට රාත්‍රියේ දී අවශ්‍ය මග පෙන්වීම් සිදු කරන ලදී. ප්‍රදීපාගාරය ඉහල මාලයෙහි දැල්වූ ගින්නක ආලෝකය එම මලයෙහි සවිකර තිබූ විශාල ප්‍රමානයේ කැඩපත් මගින් මුහුද දෙසට පාරාවර්තනය කොට නැව් සදහා අවශ්‍ය මගපෙන්වීම සිදුකරන ලදී.





ශ්‍රේෂ්ඨ මැසිඩොනියන් ආධිරාජ්‍යයකු වන 1 වන ඇලෙක්සැන්ඩර් විසින්
ඉදිකරන ලද ඇලෙක්සැන්ඩේරියාවේ ප්‍රදීපාගාරය චතුරස්‍ර ආකාර විය. එහි එක් පැත්තක දිග 8.5m වූ අතර ප්‍රදීපාගාරය ඉදිකර තිබුනේ 6.5m උස විශාල ප්‍රමානයේ වේදිකාවක් මතයි. විශාල ප්‍රමානයේ ගල් කුට්ටි මෙය සෑදීම සදහා උපයෝගී කොට ගෙන තිබුනි.


ඇලෙක්සැන්ඩ්‍රියා වරාය



ප්‍රදීපාගාරයේ කුලුන ප්‍රධාන කොටස් 3කින් යුක්ත විය. කුලුනෙහි පහලම කෙටස චතුරස්‍ර කාර වූ අතර කුලුනෙහි මැද කොටස පැති අටකින් සමන්විත වන ආකාරයට නිම කර තිබුනි. එසේම කුලුනේ ඉහලම කොටස වෘතාකාරව ඉදිකරනු ලැබ තිබුනි. ආලෝකය පරාවර්තනය කිරීම සදහා වූ කැඩපත් සවිකර තිබුනේ ද මෙහිය. මේ හරහා පරාවර්තනය වූ ආලෝකය 47km දුරට දැක ගත හැකි වූ බව ඇතැම් ඓතිහාසික වාර්තා පවසයි. 


ප්‍රදීපාගාරය තිබූ ස්ථානයහි පසුව ඉදිකරනු ලැබූ බලකොටුව





ක්‍රි.ව. 956, 1303 සහ 1323 ඇතිවූ දරුනු භුමිකම්පා නිසා
ඇලෙක්සැන්ඩේරියාවේ ප්‍රදීපාගාරයට දැඩි හානි සිදුවිය. විශේෂයෙන් 
ක්‍රි.ව. 1303 සහ 1323 දී ඇතිවූ භුමිකම්පා නිසා ප්‍රදීපාගාරය දැඩි ලෙස 
විනාශ විම නිසා එය අත්හැර දමන ලදි. 1480 දී පමන විනාශ වූ  ප්‍රදීපාගාරයේ සුන්බන් උපයෝගී කර ගනිමින් එම ස්ථානයෙහිම 
ඊජිප්තුවේ සුල්තාන් වරයා විසින් බලකෙටුවක් තනන ලදී.



No comments:

Post a Comment