Wednesday, July 13, 2011

යුරෝපීය ගුවන කැලබු රතු බැරන්වරයා







Red Baron යන නාමයෙන් හදුන් වන Manfred Albrecht Freiherr von Richthofen  පලමු ලෝක යුධ සමයේ ජර්මන් ගුවන් හමුදාවේ ප්‍රහාරක නියමුවෙකු වශයෙන් සේවය කලේය. ගුවන් සටන් වලදී ඔහු දැක් වූ දකෂතාවත් රතු පැහැති ගුවන් යානයක් පැදවීමත් නිසා ඔහුව Red Baron යන නාම‍යෙන් හැදින්වීය.


1915 වර්ශයේ ප්‍රහාරක ගුවන් නියමුවෙකු වශයෙන් ජර්මන් ගුවන් හමුදාවට එක්වුManfred Albrecht Freiherr von Richthofen 1916 දී පිහිට වූ jasta 2 ගුවන් ප්‍රහාරක බල ඇනියේ පලමු සාමාජිකයා විය. 1917 දී jasta 11 ගුවන් ප්‍රහාර බල ඇනියේ ප්‍රධානියාලෙස පත් වූ Manfred Albrecht Freiherr von Richthofen පසුව jagdgeschwader නම් ගුවන් ප්‍රහාරක බල ඇනියට එක් විය. Flying Circus නමින් එකල ප්‍රචලිත වූ jagdgeschwader ප්‍රහාරක බලඇනිය පලමු ලෝක යුද්ධයේදී ප්‍රංශ, බ්‍රිතාන්‍යය හා ඇමරිකන් ගුවන් හමුදා වලට බලවත් තර්ජනයක් එල්ල කරන ලදී.


jagdgeschwader කන්ඩායම සමග Manfred Albrecht




1916 නැගෙනහිර යුධ පෙරමුන වෙත සටන් සදහා ගිය Manfred Albrecht රුසියන් හමුදාවට එරෙහිව සටන් කලේය. 1917 දී සටන අතර තුර තුවාල ලැබූ Manfred Albrecht කෙටි කාලයක් සටන් බිමෙන් ඉවත්ව සිටියේය. Manfred Albrecht තම සටන් සදහා රතු පැහැයට හුරු ගුවන් යානයක් භාවිතා කර අතර ඔහු වඩවඩාත් සටන් වලදී සාර්ථකවීමත් සමග අනෙක් ජර්මන් ගුවන් නියමුවන්ද රතු පැහැති ගුවන් යානා භාවිතා කරන ලදී. අලුතෙන් පැමිනෙන දකෂ ආධුනික ජර්මන් ගුවන් නියමුවන් පුහුනු කිරීම සදහාද තම දායකත්වය ලබා දුන් Manfred Albrecht,  Fokker D.VII නම් නවීන ප්‍රහාරක ගුවන් යානය සැලසුම් කිරීම සදහා ද දායක විය.


Manfred Albrecht භාවිත කලේ මේ ආකාරයේ ගුවන්
යානයකි


1916 නොවැම්බර් මාසයේ දී ඉතා දකෂ බ්‍රිතාන්‍ය ගුවන් නියමුවෙකු වූ  Lanoe Hawker යානයට පහරදී බිම හෙලීමට ද Manfred Albrecht සමත් විය.ගුවන් Bloody April යනුවෙන් හදුන් වන 1917 අප්‍රේල් මාසය තුල Manfred Albrecht විසින් මෙහෙය වු jagdgeschwader ගුවන් ප්‍රහාරක බලඇනිය බ්‍රිතාන්‍ය ගුවන් ප්‍රහාරක යානා 22 පමන පහර දී බිම හෙලන ලදී. තම සේවා කාලය තුල සතුරු ගුවන් යානා 80 ක් පමන බිම හෙලූ Manfred Albrecht 1918 දී ජර්මනියේ ජාතික වීරයකු ලෙස සම්මාන ලැබීය.අවසානයේදී 1918 අප්‍රේල් 21 සිදු වූ ගුවන් සටනකදී Manfred Albrecht මරනයට පත්විය.Manfred Albrechtගුවන් යානයට පහර දී බිම හෙලුවේ Arthur Roy Brown නම් කැනේඩියානු ගුවන් නියමුවා විසිනි.

2 comments:

  1. වීරයා කවුද?රතු බැරන්ද? Arthur Roy Brown කැනේඩියානු ගුවන් නියමුවාද?

    ReplyDelete
  2. මුන් ඉතින් අපායට තමයි යන්නේ

    ReplyDelete