අනුරාධපුර යුගය තරම් ඈතට දිවෙන ඓතිහාසික වටිනාකමක් ඇති රිදී විහාරය කුරුනෑගල දිස්ත්‍රිකයට අයත් ජනප්‍රිය සිද්ධස්තානයකි. දේවානම්පියතිස්ස යුගයට අයත් ගල්ලෙන්, අනුරාධපුර යුගයට අයත් පිලිම සහ මහනුවර යුලයට අයත් චිත්‍ර වලින් සමන්විත වීම නිසා රිදී විහාරයෙහි අගය තවත් වැඩිවේ. ඉන්ද්‍රගුප්ත රහතන් වහන්සේද කලයක් වැඩ වාසය කල මෙම විහාරයහි වලගම්බා රජු ද කාලයක් සැගවීසිට ඇත.
මෙවැනි වටිනා කමකින් යුතු රිදී විහාරයට පසුගිය අප්‍රේල් මස 2 දා අමිහිරි සිදුවීමකට මුහුන පෑමට සිදුවිය. අප්‍රේල් මස 2 දා රාත්‍රයහි 2011 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගය ඉන්දියාව සහ ලංකාව අතර පැවතීම නිසා අප කාගේත් අවධානය යොමුවී තිබුනේ රූපවාහිනිය වෙතයි. මෙයින් උපරිම ප්‍රයෝජනය ගත් නිදන් හොරු රිදී විහාරයේ දාගැබ බිදීමට එය අවස්තාවක් කර ගත්හ.
රිදී විහාරයේ දාගැබ විහාරයේ සිට සෑහෙන තරමක් ඉහලට වන්නට ඇති ප්‍රදේශයක පිහටි අතර ඒ අවට තරමක වන ලැහැබක් ද ඇත. මෙයින් උපරිම වාසිය ලබා ගත් නිදන් හොරු අප්‍රේල් මස 2 දා මධ්‍යම රාත්‍රයේ හෝ අලුයම දාගැබ සාරා චෛත්‍යය ගර්බයහි තිබු ගඩොල් ඉවත්කර නිදන් ලබා උත්සාහයක් ගන්නා ලදී.
නිදන් සොරුන්ගේ උත්සාහය සාර්ථක වූවා ද යන්න පිලිබද අප තොරතුරු නොදත් නමුත් අප්‍රේල් මස 3 දා රීදි විහාරයේ චාරිකාවක් ගිය මා ඇතුලු මගේ මිත්‍රයන්ට දාගැබ සාරා ඇති අකාරය දක්නට ලැබිනි. එදින උදේ 9.30 පමන අප දාගැබේ ජායා රූප කීපයක් ගන්නා විටත් දාගැබ සොරුන් විසින් බිද ඇති බවට විහාරයේ සිටි කිසිදු පුද්ගලයකු දැන නොසිටි බව කනස්සල්ලෙන් යුතුව වුවද ප්‍රකාශ කර යුතුය.
අඩෝ උඹ කුරුණෑගල ආවද?අපි දන්නෙත් නෑනෙ.
ReplyDelete