Sunday, October 16, 2011

දෙවියන්ගේ පකෂය (හිස්බුල්ලා)


දෙවියන්ගේ පකෂය යන අනවර්ථ නාමයෙන් හදුන්වන හිස්බුල්ලා සංවිධානය
ලෙබනනය මූලික කොට ගෙන ක්‍රියාත්මක වන සටන්කාමී ශියා මුස්ලිම් දේශපාලන
සංවිධානයකි. හිස්බුල්ලා සංවිධානයේ බිහිවීම සිදුවූයේ ලෙබනන සිවිල් යුද්ධය
අතර තුර 1982 දී ලෙබනනයට එල්ල වූ ඊශ්රායල් ආක්‍රමනය හේතුවෙනි. එවකට
ලෙබනනය තුල හට ගෙන තිබූ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ඊශ්රායල්
විරෝධී ශියා මුස්ලිම් සටන්කාමීන් විසින් හිස්බුල්ලා සංවිධානය ගොඩනගන ලදී.

මුල් කාලීන බොහෝ හිස්බුල්ලා නායකයින් ඉරානයේ අධ්‍යාත්මික නායකයා වූ
අයතුල්ලා අල් කුමේනි අනුගමනය කර අතර හිස්බුල්ලා සංවිධානයට අයත් බොහෝ
සන්නද්ධ භට පිරිස් පුහුනු කරනු ලැබුවේද ඉරානයේ විප්ලවීය හමුදා විසිනි. පසුව
සිරියාව හා ඉරානය විසින් දිගින් දිගටම හිස්බුල්ලා සංවිධානය වෙත යුධමය හා
මූල්‍යමය ආධාර ලාබා දෙන ලදී.

ලෙබනනයේ හිස්බුල්ලා පාලන පදෙස්


1982 දී කුඩා සටන්කාමී කන්ඩායමක් ලෙස ආරම්භ වූ හිස්බුල්ලා සංවිධානය අදවන
විට මැද පෙරදිග සිට ක්‍රයාත්මක වන බලවත් මුස්ලිම් සටන්කාමී දේශපාලන සංවිධානය
බවට පත්ව තිබේ. තම සංවිධානයටම අයත් ගුවන් විදුලි හා රූපවාහිනී පවත්වා ගෙන යන
හිස්බුල්ලා සංවිධානය තමන්ට සහයෝගය දක්වන ශියා මුස්ලිම් ජනතවගේ සමාජ
සුබසාධනය වැඩදියුනු කිරීම සදහා ද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කොට ඇත.

දේශපාලන වශයෙන් ද ලෙබනනය තුල ශක්තිමත් බලයක් හිමිකරගෙන සිටින හිස්බුල්ලා
සංවිධානය ආසන128කින් සමන්විත ලෙබනන පාර්ලිමේන්තුවේ ආසන 12 කට හමිකම් කියයි.
2011 සිට ලෙබනන ආණ්ඩුවේ කොටස්කරුවෙකු ලෙස ක්‍රියා කරන හිස්බුල්ලා
සංවිධානයට කැබිනෙට් ඇමති ධූර දෙකක්ද හිමිවී තිබේ.

වත්මන් හිස්බුල්ලා නායක hassan nasrallah
දේශපාලන සංවිධානයක් මෙන්ම සටන්කාමී සංවිධානයක් ලෙසද කටයුතු කරන හිස්බුල්ලා
සංවිධානය සතුව වෙනත් සටන්කාමී මුස්ලිම් සංවිධාන වලට නොමැති යුධමය බලයක්ද
හිමිවී තිබේ.1000 පූර්න කාලීන සටන්කාමීන් හා 6000-10000 පමන ස්වේජ්‍යයා සටන්කාමීන්
හිස්බුල්ලා සංවිධානය සතුව සිටින බව ඇතමුන්ගේ මතයයි.එමෙන්ම  Fajr-3,Fajr-5 සහ
Zelzal-1 වැනි දිගු දුර මිසයිල ඉරානය විසින් හිස්බුල්ලා සටන්කාමීන්ට ලබා දී ඇති බවට මත
පවතී. මීට අමතරව ගුවන් යානා නාශක SAM මිසයිලද ඔවුන් වෙත පවතී. සිරියාව විසින්
Scud මිසයිල හිස්බුල්ලා සංවිධානයට දුන් බවටද චොදනා ඇත.



මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර යුධ උපක්‍රමයක් ලෙස යොදාගත් ප්‍රථම
මුස්ලිම් සටන්කාමී සංවිධානය වන්නේද හිස්බුල්ලා සංවිධානයයි. ඝාථන,පැහැර ගැනීම
කප්පම් ගැනීම් හා මරාගෙන මැරෙන ප්‍රහාර වලට සම්බන්ධ වීම හේතුවෙන් ඇමරිකාව,
කැනඩාව,නෙදර්ලන්තය හා ඊශ්රායලය තම රටවල හිස්බුල්ලා සංවිධානය තහනම් කර ඇති
අතර ඕස්ට්‍රේලියාව හා බ්‍රිතාන්‍ය  හිස්බුල්ලා සංවිධානයේ සන්නද්ධ අංශ තම රට තුල තහනම් කර ඇත.

හිස්බුල්ලා සටන්කාමීන්
ඇමරිකාව,යුරෝපීය රටවල් හා සෞදි අරාබිය වැනි සුන්නි මුස්ලිම් රටවල් වලට දැඩි විරෝධයක්
දක්වන හිස්බුල්ලා සංවිධානය 1982 සිට කීප වරක්ම තම ප්‍රධාන සතුරා වූ ඊශ්රායලය සමග
සටන් වැදුනි.එහි ආසන්නතම අවස්ථාව වූයේ 2006 ඊශ්රායලය විසින් ලෙබනනය ආක්‍රමනය
කිරීමයි.හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්රායල් මුරපොලකට පහර දීම එම ආක්‍රමනයට හේතුවිය.එහිදී
ඊශ්රායල් හමුදා වලට එරෙහිව හිස්බුල්ලා සටන්කාමීන් සටන් වැදුනි. අවසානයේ එක්සත් ජාතීන්ගේ
සංවිධානය මැදිහත් වී සටන් නතර කරනු ලැබීය.

Monday, October 10, 2011

Flight 655 සිද්ධිය හා සහ ඇමරිකාව



ඉරානයට අයත් IR655 මගී ප්‍රවාහන ගුවන් යානාව ඇමරිකානු නාවික
හමුදාව විසින් පහර දී බිම හෙලීම Flight 655 සිද්ධිය ලෙස හදුන්වයි.
1988 වසර ඉරාන ඉරාක යුද්ධය නිමාවට පත්වූ වසරයි. එම යුද්ධයේදී
ඇමරිකාව නිල හා නිල නොවන මට්ටමින් ඉරානයට එරෙහිව ඉරාකයට
සහය දුන් අතර ඇමරිකාවට අයත් ප්‍රහාරක නෞකා කීපයක් ඉරානයට
අයත් මුහුදේ නවතා තිබිණි.

ඉරාන්එයා ගුවන් සේවයට අයත් A300B2 එයාබස්
ගුවන් යානාවක්

1988 වසරේ දී Flight 655 සිද්ධියට සම්බන්ධ වූයේ  USS Vincennes
නම් ඇමරිකානු ප්‍රහාරක නෞකාවයි. ඇමරිකානු නාවික හමුදාවට අයත්
මෙම නෞකාව මිසයිල වලින් සන්නද්ධ වුවක් විය. ඉරාන ඉරාක යුද්ධයේ
දී පර්සියන් මුහුදේ ගමන් කර ඛනිජ තෙල් ප්‍රවාහන නැව් වලට ප්‍රහර එල්ල
වූ නිසා එවැනි ප්‍රහර මැඩ පැවැත් වීම සදහා USS Vincennes නෞකාව
ඉරාන මුහදේ ස්ථාන ගත කර බව ඇමරිකාව පසුව පවසා තිබුනි.

USS Vincennes ප්‍රහාරක නෞකාව

Flight 655 සිද්ධියේ දී ප්‍රහාරයට ලක් වු IR655 මගී ප්‍රවාහන ගුවන් යානාව
Airbus A300B2 වර්ගයට අයත්  මගී ප්‍රවාහන ගුවන් යානවක් විය. එසේම
ඉරානයේ  Bandar Abbas ගුවන් තොටුපලින් ගුවන් ගත වූ මෙම ගුවන්
යානයේ ගමනාන්තය වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් ඩුබායි ගුවන්
තොටුපලයි.

1988 ජුලි 3 වැනි දා ඉරාන වේලාවෙන් උදේ 10.17 ට Bandar Abbas ගුවන්
තොටුපලින් ගුවන් ගත IR655 පර්සියන් මුහුද හරහා ඩුබායි වෙත පියාසර
කලේය. මේ අතර පර්සියන් මුහුදේ ස්ථාන ගත වී සිටි USS Vincennes නෞකාව
IR655 ගුවන් යානය ඉරානයට අයත් F-14 Tomcat වර්ගයේ ප්‍රහාරක ගුවන්
යානවක් ලෙස වරදවා වටහා ගන්නා ලදී. ඒ අනුව SM-2MR වර්ගයේ මිසයිල
2කින් USS Vincennes නෞකාව IR655 ගුවන් යානාවට පහර දුන්නේය.
මිසයිල ප්‍රහාරයෙන් විනාශයට පත් IR655 ගුවන් යානාවට කොටස් කීපයකට
කැඩී පර්සියන් මුහුදට කඩා වැටුනි.

මිසයිල ප්‍රහාරයක් එල්ල කරන USS Vincennes
නෞකාව
IR655 ගුවන් යානයට මිසයිල ප්‍රහාරය එල්ල වන අවස්ථාවෙ දී එය තුල
කාර්ය මන්ඩලය සමගින් මගීන් 290 සිටි අතර එයින් 66 දෙනෙකුම
ළමයින් විය. එසේම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ දී IR655 ගුවන් යානය
ගමන් කරමින් සිට ඇත්තේ ඉරාන රජයට අයත් ගුවන් සීමාවේ වන අතර
USS Vincennes නෞකාව ස්ථාන ගත වී සිට ඇත්තේ ද ඉරාන රජයට අයත්
මුහුදු සීමාවේය.



Flight 655 සිද්ධිය වූ වහාම ඉරාන රජය ඇමරිකාව ජ්‍යත්‍යන්තර නීති කඩ
කර මෙම ප්‍රහාර සිදුකර බව නිවේදනය කර අතර ඇමරිකාව නිවෙදනය
කලේ IR655 ගුවන් යානයේ නියමුවා ගුවන් යානය හරිහැටි හදුන්වා
නොදුන් නිසා වැරදීමකින් මෙම ප්‍රහරය එල්ල වූ බවයි.මෙම සිද්ධියෙන්
පසුව වරක් එවකට ඇමරිකානු උප ජනාධිපතිව සිටි George H. W. Bush
ප්‍රකාශ කලේ මෙම සිද්ධිය සම්බන්ධෙයෙන් තම රට කිසි විටෙකත් ඉරානයෙන්
සමාව නොයිල්ලන බවයි.

ප්‍රහාරය වෙනුවෙන් ඉරාන රජය නිගුත් කර
මුද්දරයක්
අවසානයේ Flight 655 සිද්ධිය ජත්‍යයන්තර අධිකරනය ඉදිරිපත් විය.
1996 දී ඇමරිකාව ප්‍රහාරයේ දී මිය ගිය සිවිල් වැසියන් වෙනුවෙන්
ඩොලර් මිලියන 61.8 ගෙවීමට කැමති වීමත් සමග ඉරානය මෙම සිද්ධිය
සමථයකට පත් කර ගැනීමට කැමති විය. ඒ අනුව මිය ගිය සිවිල් එක් වැසියකුට
ඩොලර් 213,103.45 හිමි විනි. නමුත් ඇමරිකානු රජය මේ දක්වා ප්‍රහාරයේ දී
මිය ගිය සිවිල් වැසියන් වෙනුවෙන් කිසිදු සමාව ගැනීමක් හෝ ශෝකය ප්‍රකාශ
කිරීමක් කිරීමට නිහතමානී වී නොමැත.


Saturday, October 1, 2011

සදාම් හුසේන් බලයට පැමිණි හැටි


1937 දී උපත ලැබු සදාම් හුසේන්ගේ උපන් භුමිය ඉරාකයේ උතුරු මැද ප්‍රදේශයේ පිහිටා
ඇති al-Auja නම් ග්‍රාමයයි. එම ගමෙහි වාසය කර බොහෝ පවුල් වල මෙන්ම සදාම්ගේ
පවුලේද ජීවන මර්ගය වූයේ බැටලුවන් ඇතිකිරීමයි. වයස අවුරුදු 10 දී දෙමාපියන් විසින්
සදාම් අධ්‍යපනය  සදහා බැග්ඩෑඩ්හි සිටි ඔහුගේ මාමා කෙනෙකු වෙත යවන ලදි. බැග්ඩෑඩ්
වෙත පැමිනීම සදාම් හුසේන්ගේ ජීවිතය නව මගක් ගැනීමට හේතු විය.



බැග්ඩෑඩ්හිදී තම පාසල් දිවිය අවසන් කිරීමෙන් පසු සදාම් හුසේන් එවකට ඉරාකයේ ජනප්‍රියව
පැවති ඉස්ලාමික සමාජවාදී දේශපාලන පකෂයක් වු බාද් පකෂයට සම්බන්ද විය. 1956 දී
බාද් පකෂය විසින් Faisal II රජුට එරෙහිව ක්‍රියාත්මක කර අසාර්ථක රාජ්‍ය විරෝධී කැරැල්ලටද
සදාම් හුසේන් සම්බන්ධ විය.

1958 දී Faisal II රජු බලයෙන් පහ කර ජනරාල් අබ්දුල් කාසීම් ඉරාකයේ පාලකයා බවට
පත් විය. 1959 දී සදාම් හුසේන් ප්‍රමුඛ බාද් පාකෂික ආධාරකරුව පිරිසක් ජනරාල් අබ්දුල්
කාසීම් ඝාථනය කිරිමට උත්සහ කල නමුත් එය අසාර්ථක වූ නිසා සදාම් හුසේන් ඉරාකයෙන්
පැනයාමට සිදුවිය. තම රටින් පලා ගිය සදාම් හුසේන් සිරියාවේ හා ඊජිප්තුවේ කාලයක් ජීවත්
විය.

1963 දී බාද් පකෂය විසින් ජනරාල් අබ්දුල් කාසීම් ඝාථනය කිරීමත් සමග ආපසු සිය රට
පැමිණීමට සදාම් හුසේන් අවස්ථා ලැබිණි. නමුත් නව ඉරාක පාලකයා වූ අබ්දුල් සලාම්, බාද්
පකෂයේ නායකයන් රැසක් සිරගත කිරීමත් සමග සදාම් හුසේන්ටද සිර දඩුවම් නියම වූයේය.
සිර දඩුවම් විදිමින් සදාම් බාද් පකෂය තුල විවිධ නිලතල උසුලන ලදී. 1966 දී තම ඥති
සහෝදරයෙකු වූ ජනරාල් අහමඩ් හුසේන්ගේ ආධාරයෙන් බාද් පකෂයේ ප්‍රධාන ලේඛම්වරයා
බවට පත්විමට සදාම් හුසේන් හැකිවිය.

1667 දි සිර දඩුවෙමින් මිදුනු සදාම් එතැන් පටන් පතෂය තුල ප්‍රබල නායකයකු ලෙස කටයුතු
කරන ලදී. එසේම එවකට ඉරාකයේ පාලකයා වූ අබ්දුල් රහුමාන් බලයෙන් පහකර සාර්ථක
රාජ්‍ය විරෝධී කුමන්ත්‍රනයටද ඔහු ඍජුව සහබාගීත්වය ලබා දුන්නේය. මෙම කුමන්ත්‍රනයෙන්
පසුව සදාම් හුසේන්ගේ ඥති සහෝදරයා වූ ජනරාල් අහමඩ් හුසේන් ඉරාකයේ නව ජනාධිපති
ලෙස පත් වීම සදාම් හුසේන්ගේ දේශපාලන බලය වැඩි වීමට තදින්ම බලපෑවේය.



තම ඥති සහෝදරයා ජනාධිපති ධූරයට පත් වීම හේතුවෙන් ඉක්මනින්ම පකෂය තුල වඩාත්
ඉහල නිලතල හා වගකීම් සදාම් හුසේන් හට හිමි විණි. බාද් පකෂයේ විප්ලවිය අනදෙන
කවුන්සලයේ  උප සභාපති වූ සදාම් 1973 දී ඉරාකයේ උප ජනාධිපති ධූරයද තමන් සතු
කරගත්තේය.

1960 දශකයේ අගභාගයේ සිට 1970 දශකයේ මැදභාගය දක්වා බාද් පකෂයේ පාලන බලය
ඉරාකය තුල ස්ථ්ර ගැනීමට ජනතාවගේ සහයෝගය බලාපොරොත්තුවෙන් සදාම් හුසේන්
විවිධ ජනතා හිතවාදී කාර්යන්හි නිරත විය. ඉරාකයේ අධ්‍යාපනය වැඩිදිවුණූ කිරිමට හා
ජනතාවට නොමිලේ සෞඛ්‍යය සේවා ලබාගැනීමට හැකි ක්‍රමයක් ඇති කිරීමට ඔහු මුල් වී
ක්‍රියා කලේය.

1976 දී ඉරාක හමුදාවේ ප්‍රධාන ජනරාල් වරයා ලෙස පත් වීමත් සමග සදාම් හුසේන් ඉරාකයේ
බලවත්ම දේශපාලන නායකයා වූයේය. සදාම් හුසේන් විසින් එල්ල කර බලපෑම් හා දැඩි
පීඩනය හේතුවෙන් 1979 දී අහමඩ් හුසේන් ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වූ අතර සදාම් හුසේන්
ඉරාකයේ නව පාලකයා බවට පත් විය.

Saturday, August 6, 2011

නැවතීමක්







අපගේ තෙවන අධ්‍යන වර්ශයේ විභාගය මුහුන දීම හේතුවෙන් තාවකාලිකව ලිපි ඵල කිරීම නතරකිරීමට සිදුවන බව කනගාටුවෙන් දන්වමි.

Sunday, July 24, 2011

පුදුමයක් වූ ඇලෙක්සැන්ඩේරියාවේ ප්‍රදීපාගාරය





පැරණි ලෝකයේ පුදුම හතට අයත් ඇලෙක්සැන්ඩේරියාවේ ප්‍රදීපාගාරය මිනිස් ඉතිහාසයහි ගෙඩනැගු අනුස්මරණීය ස්මාරකයකි. ඇලෙක්සැන්ඩේරියාවේ පහන් කනුව යන නාමයෙන්ද හදුන්වන මෙය ක්‍රි.පූ.  280 සහ 247 අතර කාලයේ ගොඩනැගුවෙකි. එමෙන්ම ශතවර්ශ ගනනක් ගත වන තුරු මෙය මිනිසා විසින් ගොඩනැගු උසම නිර්මානය වශයෙන් පැවතිනි.





ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩේරියා වරාය අසල පිහිටි Pharos නම් කුඩා
දූපතහි පිහිටි ඇලෙක්සැන්ඩේරියා ප්‍රදීපාගාරය ශතවර්ශ ගනනක් එම වරායට පැමිනෙන නැව් වලට රාත්‍රියේ දී අවශ්‍ය මග පෙන්වීම් සිදු කරන ලදී. ප්‍රදීපාගාරය ඉහල මාලයෙහි දැල්වූ ගින්නක ආලෝකය එම මලයෙහි සවිකර තිබූ විශාල ප්‍රමානයේ කැඩපත් මගින් මුහුද දෙසට පාරාවර්තනය කොට නැව් සදහා අවශ්‍ය මගපෙන්වීම සිදුකරන ලදී.





ශ්‍රේෂ්ඨ මැසිඩොනියන් ආධිරාජ්‍යයකු වන 1 වන ඇලෙක්සැන්ඩර් විසින්
ඉදිකරන ලද ඇලෙක්සැන්ඩේරියාවේ ප්‍රදීපාගාරය චතුරස්‍ර ආකාර විය. එහි එක් පැත්තක දිග 8.5m වූ අතර ප්‍රදීපාගාරය ඉදිකර තිබුනේ 6.5m උස විශාල ප්‍රමානයේ වේදිකාවක් මතයි. විශාල ප්‍රමානයේ ගල් කුට්ටි මෙය සෑදීම සදහා උපයෝගී කොට ගෙන තිබුනි.


ඇලෙක්සැන්ඩ්‍රියා වරාය



ප්‍රදීපාගාරයේ කුලුන ප්‍රධාන කොටස් 3කින් යුක්ත විය. කුලුනෙහි පහලම කෙටස චතුරස්‍ර කාර වූ අතර කුලුනෙහි මැද කොටස පැති අටකින් සමන්විත වන ආකාරයට නිම කර තිබුනි. එසේම කුලුනේ ඉහලම කොටස වෘතාකාරව ඉදිකරනු ලැබ තිබුනි. ආලෝකය පරාවර්තනය කිරීම සදහා වූ කැඩපත් සවිකර තිබුනේ ද මෙහිය. මේ හරහා පරාවර්තනය වූ ආලෝකය 47km දුරට දැක ගත හැකි වූ බව ඇතැම් ඓතිහාසික වාර්තා පවසයි. 


ප්‍රදීපාගාරය තිබූ ස්ථානයහි පසුව ඉදිකරනු ලැබූ බලකොටුව





ක්‍රි.ව. 956, 1303 සහ 1323 ඇතිවූ දරුනු භුමිකම්පා නිසා
ඇලෙක්සැන්ඩේරියාවේ ප්‍රදීපාගාරයට දැඩි හානි සිදුවිය. විශේෂයෙන් 
ක්‍රි.ව. 1303 සහ 1323 දී ඇතිවූ භුමිකම්පා නිසා ප්‍රදීපාගාරය දැඩි ලෙස 
විනාශ විම නිසා එය අත්හැර දමන ලදි. 1480 දී පමන විනාශ වූ  ප්‍රදීපාගාරයේ සුන්බන් උපයෝගී කර ගනිමින් එම ස්ථානයෙහිම 
ඊජිප්තුවේ සුල්තාන් වරයා විසින් බලකෙටුවක් තනන ලදී.



Friday, July 22, 2011

ජපනුන් කොලඹට බෝම්බ දැමු සැටි

1942 වර්ශයේ මැද භාගය වන විට යුරෝපීය යටත් විජිත වශයෙන් පැවති සිංගප්පූරුව ජාවා, සුමාත්‍රා ආදි අද්නිදිග ආසියානු ප්‍රදේශ අල්ලා ගත් ජපන් හමුදා ඉන්දියන් සාගරයටද පිවිසියේය. බ්‍රිතාන්‍යයන් ගේ වැදගත් හමුදා මුලස්ථානයක් වූ සිංගප්පූරුව ජපන් හමුදා විසින් අල්ලා ගැනීමත් සමග දකුණු ආසියාවේ ප්‍රධාන බ්‍රිතාන්‍ය හමුදා මුලස්ථානය බවට කොලඹ පත්විය.



බ්‍රිතාන්‍යය නාවික හමුදාව ඉන්දියන් සාගරයෙන් පලවා හැර ඉන්දියාව ඇතුලු බ්‍රිතාන්‍යය යටත් විජීත අල්ලා ගැනීමට නම් ලංකාවේ ස්ථාපනය කර තිබු බ්‍රිතාන්‍යය ගුවන් හා නාවික කදවුරුවලට පහර දිය යුතු බව වටහා ගත් ජපනුන් කොලඹට පහර දිම සදහා සූදානම් විය.


ජපන් ප්‍රහාරයට පෙර ඒ පිලිබදව දැන් වූ  කැනේඩියානු
ගුවන් නියමුවා





ජපාන ප්‍රහාරයක් එල්ලවිය හැකි බව කලින්ම අනුමාන කර තිබූ බ්‍රිතාන්‍ය හමුදා ප්‍රධානීන් කොලඹ ගුවන් හමුදා කදවුරට අමතරව රත්මලාන හා කොග්ගලද ගුවන් හමුදා කදවුරු පිහිට වීය. මේ අතර ජපනුන්ගේ සැලසුම වූයේ කොලඹ වරායට හා කොලඹ අවට පිහිටි ගුවන් හමුදා කදවුරුවලට
පහර දී බ්‍රිතාන්‍ය යුධ බලය අඩපන කිරීමයි.



ජපනුන් කොලඹට පහර දීම සැලසුම් කර තිබුනේ ඇමරිකනුන්ගේ පර්ල් වරායට පහර දීමට සැලසුම් කර සැලසුමට සමාන අයුරිකිනි. පර්ල් වාරායට පහරදීමට සහභාගී වූ බොහෝ ජපන් ගුවන් නියමුවන් කොලඹට පහර දීමට ද එක් විය. 



1942 අ‍ප්‍රේල් මස 4 වන දින ලංකාවේ බටහිර මුහුදු තිරයට පිවිසි අද්මිරාල්  Chuichi Nagumo නායකත්වයෙන් යුතු විශාල ජපන් නාවික කන්ඩායමක් ප්‍රහාරය සදහා සූදානම් විය. නමුත් ලංකා මුහුදු තීරයේ මුර සේවයේ යෙදී සිට Leonard Birchall නම් කැනේඩියානු ගුවන් නියමුවා ප්‍රහාරයට පෙර ජපන් නාවික කන්ඩායම දුටුවේය. ඉක්මනින්ම ජපන් ගුවන් නියමුවන් Leonard Birchall ගේ ගුවන් යානයට පහර දී බිම හෙලු නමුත් කැනේඩියානු ගුවන් නියමුවා තම යානය කඩාවැටීමට පෙර රේඩියෝ පනිවිඩයකින් ජපනුන් මුහුදේ ස්ථාන ගත වී සිටි ආකාරය පිලිබද කොලඹට දැන්වීය.


කොලඹ ප්‍රහාරය හා පර්ල් වරායට එල්ල කර ප්‍රහාරය
මෙහෙය වූ අද්මිරාල් Chuichi Nagumo





ජපන් නැව් වලින් ගුවන් ගත වූ ප්‍රහාරක ගුවන් යානා උදෑසන 7.30 පමන බොරැල්ල ආසන්නයට බෝම්බ දැමීමත් සමග ජපනුන්ගේ ප්‍රහාරය ආරම්භ විය. කොලඹ වරායේ නවතා තිබු cruiser HMS Hector සහ HMS Tenedos යුධ නැව් ජපන් ගුවන් යානා විසින් බෝම්බ හෙලා ගිල්වන ලදි. මෙහි දී ඇතිවු සටනේ දී බ්‍රිතාන්‍යය ගුවන් යානා 27 විනාශ වු අතර ජපන් ගුවන් යානා 5 කටද පහර දී බිම හෙලීමට බ්‍රිතාන්‍යයන් සමත් විය.



ජපන් ප්‍රහාරයට ගොදුරු වූ HMS Cornwall යුධ නැව






කොලොන්නාව තෙල් ටැංකි සංකීරනයට පහර දීමට පැමිනි ජපන් ගුවන් යානා වැරදීමකින් අංගොඩ මානසික රෝහලට බෝම්බ හෙලීම මෙම ප්‍රහාරයේ සුවිශේෂි සිදුවීමකි. මේ අතර ලංකාවට සමීපව නිරිත දිග මුහුදු තීරයේ යාත්‍රා කරමින් තිබු Dorsetshire සහ Cornwall යන යුධ නැව දෙකටද පහර දී ගිල්වා දැමිමට ජපන් ගුවන් යානා සමත් විය.


ජපන් ප්‍රහාරයට ගොදුරු වූ HMS Hermes යුධ නැව





සමස්ථයක් ලෙස ගත් කල ජපනුන් කොලඹට එල්ල කර ප්‍රහාරය එතරම් සාර්ථක එකක් නොවීය. ජපනුන්ගේ ප්‍රධාන ඉලක්කය වු ලංකාවේ සථානගත කර තිබු නැගෙනහිර බ්‍රිතාන්‍යය නාවික බලකාය ප්‍රහාරය සිදුවන අවස්ථාව වන විට කොලඹ වරායේ නොතිබීම නිසා එයට පහර දීමේ අවස්ථාව ජපනුන්ට අහිමිවිය. මීට අමතරව ප්‍රහාරය සදහා පැමිනි ජපන් ගුවන් යානා 25 පහර දී බිම හෙලීමට හා තවත් ගුවන් යානා 75 පමන හානි සිදු කිරීමට බ්‍රිතාන්‍යන් සමත්විය.

Thursday, July 21, 2011

දෙවන ලෝක යුද්ධයේ ගමන් මග වෙනස් කර ස්ටාලින්ග්‍රෑඩ් සටන

දෙවන ලෝක යුද්ධයේ අවසානයට පවා තීරනාත්මක ලෙස බලපෑ
ස්ටාලින්ග්‍රෑඩ් සටන ලෝක ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමකි. නාසි ජර්මනිය
බිහිසුනු අවසානයකට ඇද දමමින් සෝවියට් රුසියාව ජයග්‍රාහී මාවතකට
පිවිසියේ මෙම ස්ටාලින්ග්‍රෑඩ් සටනත් සමගය.


සටනේ යෙදෙන රුසියන් සෙබලු





1942 වර්ශය උදා වන විට ප්‍රංශය, නෙදර්ලන්තය, බෙල්ජියම වැනි බටහිර
යුරෝපීය රටවල් මෙන්ම නැගෙනහිර යුරෝපීය රටවල් රාශියක් යටත් කරගෙන සිටි නාසී ජර්මනිය බ්‍රිතාන්‍යයට පවා බලවත් තර්ජනයක් බවට පත්ව සිටියේය. හිට්ලර්ගේ නායකත්වයෙන් නාසි ජර්මනිය ලැබූ යුධ ජයග්‍රහන නිසා සෝවියට් රුසියාව පවා ජර්මනිය සමග තාවකාලික සාම ගිවිසුමකට එලබියේය.


ජර්මන් සෙබලුන් සටන අතරතුර





1942 වර්ශයේ මුල් භාගයේ හිටලර් හමුවූ ප්‍රධාන ජර්මන් යුධ සෙනවිවරු
යුද්ධය ජයග්‍රහනය කිරීම සදහා ඔහු හමුවේ යුධ සැලසුම් දෙකක් තැබීය.
පලමු යුධ සැලසුම වූයේ ජර්මනියේ මුලු යුධ බලය යොදා බ්‍රිතාන්‍යයට
පහර දී බ්‍රිතාන්‍ය අල්ලාගෙන එමගින් යුද්ධය ජයග්‍රහනය කිරීමයි.දෙවන
යුධ සැලසුම වූයේ රුසියාවට පහර දී එරට ස්වාභාවික සම්පත් උපයෝගී
කර ගෙන යුද්ධය ඉදිරියට ගෙන යාමයි. අවසානයේ හිට්ලර් විසින් තෝරා
ගත්තේ දෙවන යුධ සැලසුමයි.


නගරයට බෝම්බ හෙලන ජර්මන් ගුවන් යානයක්





ස්ටාලින්ග්‍රෑඩ් වනාහි බටහිර සෝවියට් රුසියාවේ වොල්ගා නදිය අසබඩ
පිහිටි ජනාකීරන කාර්මික නගරයකි. විශාල ප්‍රමානයේ නගරයක් වූ එය
නම් කර තිබුනේද එවකට සෝවියට් රුසියාවේ නායකයා වූ ජෝසප් 
ස්ටාලින්ගේ නමිනි. ජර්මනියෙන් යුධ තර්ජනයක් එල්ල විය හැකිබව
කල් තියාම දැන සිටි සෝවියට් රුසියානු නායකයින් නගරයේ තිබූ අතිරික්ත ආහාර නගරයෙන් ඉවත් කලේ ඒවා ජර්මන් හමුදා අතට පත් වීම වැලැක්වීමටයි.එමෙන්ම නගරයේ පිහිටා තිබූ යුධ ටැංකි නිශ්පාදන 
කර්මාන්ත ශාලා කිපයක් ඉන් ඉවත් කර වෙනත් නගරවලට ගෙනයන
ලදී.


හිට්ලර්





හිට්ලර් 1942 අගෝස්තු මුලදී සෝවියට් රුසියාවට එරෙහිව යුධ
ප්‍රකාශ කර අතර 6 වන ජර්මන් පාබල හමුදාව හා 4 වන ජර්මන්
පැන්සර් හමුදාව ස්ටාලින්ග්‍රෑඩ් ආක්‍රමනය කිරීම සදහා පෙරමුන
ගත්තේය. ඉතාලි, හන්ගේරියන් හා රොමේනියන් රටවලට
අයත් හමුදාද ජර්මනියට සහයෝගය පිනිස ස්ටාලින්ග්‍රෑඩ් සටනට
එක් විය.



1942 අගෝස්තු මස 2 දා ජර්මන් ගුවන් හමුදාව එල්ල කරන මහා පරිමානයේ ගුවන් ප්‍රහාරයත් සමග ස්ටාලින්ග්‍රෑඩ් සටන ආරම්භ විය. ජර්මන් ගුවන් යානා විසින් ටොන් 1000 පමන අධික බරකින් යුත් සමූහයක්බෝම්බ නගරයට හෙලන ලද අතර ඉක්මනින්ම නගරයේ බොහෝ ගොඩනැගිලි බමට සමතලා විය. ජර්මන් ආක්‍රමනය බලවත් බව දුටු ස්ටාලින් ඈත සයිබීරියාවේ සිටි තම හමුදා ද ස්ටාලින්ග්‍රෑඩ් වෙත කැදවීය.



ගුවන් ප්‍රහාර මගින් සෝවියට් රුසියානු හමුදා බලය අඩපන වු වහාම නගරයට ඇතුලුවු ජර්මන් හමුදා නගරයෙන් 90% පාලනය තම අතට ගත්තේය. මේ අතර අමතර භට පිරිස් ගෙන්වාගත් රුසියන් හමුදා තම ශක්තිය වර්ධනය කරගෙන වොල්ගා නදියේ නැගෙනහිර ඉවුරේ සිට නගරයේ සිටින ජර්මනුන්ට ප්‍රහාර එල්ල කරන ලදී.


ස්ටාලින්





ස්ටාලින්ග්‍රෑඩ් නගරයේ සැගවී සිටි රුසියන් සෙබලු ද නගරය තුල සිට ජර්මනුන්ට ප්‍රහාර එල්ල කලේය. මේනිසා ජර්මන් හමුදාවල තත්වය තරමක් අවදානම් විය. මේ අතර සෝවියට් රුසියානු හමුදා ජර්මන් ආක්‍රමනය පරාජය කිරීම සදහා යුරේනස් යනුවෙන් මෙහෙයුමක් අරබන ලදී.



යුරේනස් මෙහෙයුම යටතේ සෝවියට් රුසියන් හමුදා ස්ටාලින්ග්‍රෑඩ්
නගරයට උතුරින් හා දකුනින් පහර දුන්නේය.මෙම ප්‍රහාර වල අරමුන වූයේ ජර්මන් හමුදා වලට සහය වූ ඉතාලි, හන්ගේරියන් හා රොමේනියන් හමුදා වලට පහර දීමය. යුරේනස් මෙහෙයුම යටතේ එල්ලවූ දැවැන්ත හමුදා ප්‍රහාරයත් සමග ඉතාලි, හන්ගේරියන් හා රොමේනියන් හමුදා බිදවැටුනු අතර ජර්මන් හමුදාව නගරයේ තනිවිය.



1942 වර්ශය අවසාන භාගය වන විට සෝවියට් රුසියන් හමුදා විසින් ස්ටාලින්ග්‍රෑඩ් නගරය වටලා එහි සිරවී සිටි 6 වන ජර්මන් පාබල හමුදාවට දැඩිව පහර දෙන ලදී. ආහාර, ඉන්දන හා ආයුධ හිග වීම නිසා නගරයේ සිර වී සිට ජර්මන් සේනා මහත් අපහසු තාවයකට පත්විය. ජර්මන් ගුවන් හමුදාව ගුවනින් අවශ්‍ය සැපයුම් කිරිමට උත්සහ කලද එය එතරම් සාර්තක නොවුනි.



1943 ජනවාරි මාසයේ ආරම්භ කර ලිට්ල් සාතන් මෙහෙයුම යටතේ රුසියන් හමුදා ජර්මනුන්ට පහර දෙමින් නගරයට ඇතුලුවිය.ආහාර හා ආයුධ හිග කමින් දුර්වල වී සිටි 6 වන ජර්මන් හමුදාව අවසානයේ රුසියන් හමුදා අතින් පරාජයට පත් විය. බොහෝ ජර්මන් හටයන් රුසියන් හමුදා විසින් සිරබාරයට ගත් අතර ඇතැම් ජර්මන් භටයන් නගරයෙන් පලායාමට සමත් විය.


ජර්මන් සිරකරුවෙකු හා රුසියන් සෙබලෙකු





අවසානයේ ස්ටාලින්ග්‍රෑඩ් සටන අවසන් වන විට ජර්මන් භටයින් 750000 මිය ගොස් සිටි අතර 91000 ක් ජර්මන් භටයින් රුසියන් හමුදාවල සිරකරුවන් බවට පත් විය. මීට අමතරව ජර්මන් ගුවන් යානා 900 ක් මෙම සටනේ දී විනාශ විය. එමෙන්ම ජර්මන් යුධ ටැංකි විශාල ප්‍රමානයක් රුසියන් හමුදා විසින් විනාශ කර අතර තවත් ප්‍රමානයක් රුසියන් හමුදා විසින් අල්ලා ගන්නා ලදී.



සෝවියට් රුසියාව ස්ටාලින්ග්‍රෑඩ් සටන ජයගත් නමුත් 478000 පමන රුසියන් සෙබලුද මෙම සටනේදී මිය ගියේය. මීට අමතරව 40000 පමන වූ සිවිල් වැසියන්ද දෙපාර්ශවයේ ප්‍රහාර වලට මැදිව මරණයට පත් විය. ස්ටාලින්ග්‍රෑඩ් සටන පරාජයත් සමග රුසියන් හමුදා ඉදිරියේ දිගින් දිගටම ජර්මනුන් පරාජය වූ අතර බ්‍රිතාන්‍ය හා ඇමරිකානු හමුදා බටහිර යුරෝපය හරහා ජර්මනියට පහර දීමත් සමග ජර්මනිය පරාජය වෙත ඉක්මනින් ඇදීගියේය.





Sunday, July 17, 2011

ජර්මනියේ නාසින් පසුබැස්සවූ Katyusha multiple රොකට් ලොන්චරය




දෙවන ලෝක යුද්ධයේ දී සෝවියට් රුසියාව විසින් භාවිතා කරන ලද
නව අවි අතර Katyusha multiple රොකට් ලොන්චරය විශේෂ ස්ථානයක්
හිමි වේ. 1939 දී නිපද වූ Katyusha multiple රොකට් ලොන්චරය 1941
සිට සෝවියට් රුසියාව තම යුධ කටයුතු සදහා යොදා ගත්තේය.





1939 දී V.N. Galkovskiy ගේ අදහසකට අනුව BM-13 යුධ ට්‍රක් රථ වල
සිට M-13 රොකට්ටු මුදා හැරීමට හැකිවන සේ Katyusha multiple
රොකට් ලොන්චරය නිර්මානය කරන ලදී. මෙහි එක් රොකට්ටුවක දිග 1.8 m වූ අතර එහි බර 42 kg විය. එසේම රොකට්ටු 5 km උපරිම දුරකට මුදා හැරීමේ හැකියාව Katyusha multiple රොකට් ලොන්චරය සතුවිය.





වරකට රොකට් 14 සිට 48 ප්‍රමානයක් මුදා හැරීමට මෙන්ම ටොන් 4.35 
පුපුරනද්‍රව්‍ය ප්‍රමානයක් තත්පර 7 සිට 10 දක්වා කාලයක් තුල සතුරු ඉලක්ක වෙත ගෙන යාමේ හැකියාව Katyusha multiple රොකට් ලොන්චරයට තිබුනි. Katyusha multiple රොකට් ලොන්චරයට එම නම ලැබුනේ රොකට් මුදාහැරීමේ දී ලොන්චරය වෙතින් නිගුත්වන ශබ්දය Katyusha යන්නට සමාන වූ නිසාය.





වරක් සම්පුරනයෙන්ම රොකට් මුදා හැරීමෙන් පසු නැවත එයට සම්පුරනයෙන්ම රොකට් පිරවීමට සෑහෙන කාලයක් ගත විම හා රොකට්ටුවල ඉලක්කය එතරම් සාර්ථක නැතිවිම Katyusha multiple රොකට් ලොන්චරය සතු වූ ප්‍රධාන දුර්වලතා විය. නමුත් සතුරු යුධ භූමියෙහි විශාල පිපිරීම් රාශියක් එකවර ඇති කර එමගින් සතුරාගේ ශක්තිය අඩපන කිරිමේ හැකියාව Katyusha multiple රොකට් ලොන්චර
සතු ප්‍රධාන වාසිය විය.







1942 දී ජර්මන් හමුදා සොවියට් රුසියාව ආක්‍රමනය කිරීමත් සමගම සොවියට් රුසියන් කාලතුවක්කු බලඇනි ජර්මන් පාබල හමුදා වලට පහර දීම සදහා බහුල වශයෙන් Katyusha multiple රොකට් ලොන්චර යොදාගත්තේය. Katyusha multiple රොකට් ලොන්චර ප්‍රහාර මගින් ඇති කරන ලද පිපිරීම් වලට ලක් වීමෙන් හා පිපිරී මගින් ඇතිවූ කම්පනයට ලක් වීමෙන් බොහෝ ජර්මානු පාබල සෙබලු මරණයට පත් වීම හා දරුනු ලෙස තුවාල වීම හේතුවෙන් ජර්මානු පාබල බලඇනි වලට විශාල හානියක් සිදුවිය.

Friday, July 15, 2011

හර්කියුලීස් බුදුබණ ඇසුවාද ?



ජලාල්බාද් වලින් සොයාගත් මූර්තිය


ගාන්ධාරයෙන් සොයා වජිරපානි
බෝධිසත්ව ප්‍රථිමාවක්
හර්කියුලීස්
ග්‍රීක පුරා වෘතවල එන වීරයකු වන හර්කියුලීස් බුදුන් සමීපයෙහි එකත්පස්ව හිද ධර්මය ශ්‍රවනය ආකාරය නිරූපනය කරනු ලබනවායැයි වීශ්වාසකර හැකි ආකාරයේ මූර්තියක් ඇෆ්ඝනිස්ථානයේ ජලාල්බාද් ප්‍රදේශයේ කුඩා ගම්මානයකින් 70 දශකයේ දී හමුවී ඇත. ක්‍රි.පූ 500 පමන අයත්වන මෙම මූර්තියේ අක් බඔරු කෙස්, දැලි රැවුලු සහ වෙනත් ග්‍රීක දේහ ලකෂන වලින් සමන් විත වනසේ හර්කියුලීස් නිරූපනය කර ඇත. එමෙන්ම මූර්තියෙහි හර්කියුලීස් හැද සිටින්නේ ඒකාංශ කොට පෙරවූ සිංහ හමකි. මීට අමතරව මූර්තියෙහි බුදුන්ට වම් පසින් ආදොක්ෂෝ නම් ග්‍රීක දෙවගනද වේ. මේ සොයා ගැනීම කර ඇත්තේ ඉන්දියානු හා ඇෆ්ඝනිස්ථාන පුරාවිද්‍යඥයින්ගෙන් සමන් විත කන්ඩායමකි. නමුත් මෙම මූර්තියෙහි දක්වා ඇත්තේ හර්කියුලීස් නොව වජිරපාණි නම් බොසත්වරයා බව තවත් පුරා විද්‍යඥයින් පිරිසකගේ අදහසයි.

Wednesday, July 13, 2011

යුරෝපීය ගුවන කැලබු රතු බැරන්වරයා







Red Baron යන නාමයෙන් හදුන් වන Manfred Albrecht Freiherr von Richthofen  පලමු ලෝක යුධ සමයේ ජර්මන් ගුවන් හමුදාවේ ප්‍රහාරක නියමුවෙකු වශයෙන් සේවය කලේය. ගුවන් සටන් වලදී ඔහු දැක් වූ දකෂතාවත් රතු පැහැති ගුවන් යානයක් පැදවීමත් නිසා ඔහුව Red Baron යන නාම‍යෙන් හැදින්වීය.


1915 වර්ශයේ ප්‍රහාරක ගුවන් නියමුවෙකු වශයෙන් ජර්මන් ගුවන් හමුදාවට එක්වුManfred Albrecht Freiherr von Richthofen 1916 දී පිහිට වූ jasta 2 ගුවන් ප්‍රහාරක බල ඇනියේ පලමු සාමාජිකයා විය. 1917 දී jasta 11 ගුවන් ප්‍රහාර බල ඇනියේ ප්‍රධානියාලෙස පත් වූ Manfred Albrecht Freiherr von Richthofen පසුව jagdgeschwader නම් ගුවන් ප්‍රහාරක බල ඇනියට එක් විය. Flying Circus නමින් එකල ප්‍රචලිත වූ jagdgeschwader ප්‍රහාරක බලඇනිය පලමු ලෝක යුද්ධයේදී ප්‍රංශ, බ්‍රිතාන්‍යය හා ඇමරිකන් ගුවන් හමුදා වලට බලවත් තර්ජනයක් එල්ල කරන ලදී.


jagdgeschwader කන්ඩායම සමග Manfred Albrecht




1916 නැගෙනහිර යුධ පෙරමුන වෙත සටන් සදහා ගිය Manfred Albrecht රුසියන් හමුදාවට එරෙහිව සටන් කලේය. 1917 දී සටන අතර තුර තුවාල ලැබූ Manfred Albrecht කෙටි කාලයක් සටන් බිමෙන් ඉවත්ව සිටියේය. Manfred Albrecht තම සටන් සදහා රතු පැහැයට හුරු ගුවන් යානයක් භාවිතා කර අතර ඔහු වඩවඩාත් සටන් වලදී සාර්ථකවීමත් සමග අනෙක් ජර්මන් ගුවන් නියමුවන්ද රතු පැහැති ගුවන් යානා භාවිතා කරන ලදී. අලුතෙන් පැමිනෙන දකෂ ආධුනික ජර්මන් ගුවන් නියමුවන් පුහුනු කිරීම සදහාද තම දායකත්වය ලබා දුන් Manfred Albrecht,  Fokker D.VII නම් නවීන ප්‍රහාරක ගුවන් යානය සැලසුම් කිරීම සදහා ද දායක විය.


Manfred Albrecht භාවිත කලේ මේ ආකාරයේ ගුවන්
යානයකි


1916 නොවැම්බර් මාසයේ දී ඉතා දකෂ බ්‍රිතාන්‍ය ගුවන් නියමුවෙකු වූ  Lanoe Hawker යානයට පහරදී බිම හෙලීමට ද Manfred Albrecht සමත් විය.ගුවන් Bloody April යනුවෙන් හදුන් වන 1917 අප්‍රේල් මාසය තුල Manfred Albrecht විසින් මෙහෙය වු jagdgeschwader ගුවන් ප්‍රහාරක බලඇනිය බ්‍රිතාන්‍ය ගුවන් ප්‍රහාරක යානා 22 පමන පහර දී බිම හෙලන ලදී. තම සේවා කාලය තුල සතුරු ගුවන් යානා 80 ක් පමන බිම හෙලූ Manfred Albrecht 1918 දී ජර්මනියේ ජාතික වීරයකු ලෙස සම්මාන ලැබීය.අවසානයේදී 1918 අප්‍රේල් 21 සිදු වූ ගුවන් සටනකදී Manfred Albrecht මරනයට පත්විය.Manfred Albrechtගුවන් යානයට පහර දී බිම හෙලුවේ Arthur Roy Brown නම් කැනේඩියානු ගුවන් නියමුවා විසිනි.

Saturday, July 9, 2011

World cup එක දා දාගැබට වගකියූ නිදන් හොරු



අනුරාධපුර යුගය තරම් ඈතට දිවෙන ඓතිහාසික වටිනාකමක් ඇති රිදී විහාරය කුරුනෑගල දිස්ත්‍රිකයට අයත් ජනප්‍රිය සිද්ධස්තානයකි. දේවානම්පියතිස්ස යුගයට අයත් ගල්ලෙන්, අනුරාධපුර යුගයට අයත් පිලිම සහ මහනුවර යුලයට අයත් චිත්‍ර වලින් සමන්විත වීම නිසා රිදී විහාරයෙහි අගය තවත් වැඩිවේ. ඉන්ද්‍රගුප්ත රහතන් වහන්සේද කලයක් වැඩ වාසය කල මෙම විහාරයහි වලගම්බා රජු ද කාලයක් සැගවීසිට ඇත.


මෙවැනි වටිනා කමකින් යුතු රිදී විහාරයට පසුගිය අප්‍රේල් මස 2 දා අමිහිරි සිදුවීමකට මුහුන පෑමට සිදුවිය. අප්‍රේල් මස 2 දා රාත්‍රයහි 2011 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගය ඉන්දියාව සහ ලංකාව අතර පැවතීම නිසා අප කාගේත් අවධානය යොමුවී තිබුනේ රූපවාහිනිය වෙතයි. මෙයින් උපරිම ප්‍රයෝජනය ගත් නිදන් හොරු රිදී විහාරයේ දාගැබ බිදීමට එය අවස්තාවක් කර ගත්හ.


රිදී විහාරයේ දාගැබ විහාරයේ සිට සෑහෙන තරමක් ඉහලට වන්නට ඇති ප්‍රදේශයක පිහටි අතර ඒ අවට තරමක වන ලැහැබක් ද ඇත. මෙයින් උපරිම වාසිය ලබා ගත් නිදන් හොරු අප්‍රේල් මස 2 දා මධ්‍යම රාත්‍රයේ හෝ අලුයම දාගැබ සාරා චෛත්‍යය ගර්බයහි තිබු ගඩොල් ඉවත්කර නිදන් ලබා උත්සාහයක් ගන්නා ලදී.

නිදන් සොරුන්ගේ උත්සාහය සාර්ථක වූවා ද යන්න පිලිබද අප තොරතුරු නොදත් නමුත් අප්‍රේල් මස 3 දා රීදි විහාරයේ චාරිකාවක් ගිය මා ඇතුලු මගේ මිත්‍රයන්ට දාගැබ සාරා ඇති අකාරය දක්නට ලැබිනි. එදින උදේ 9.30 පමන අප දාගැබේ ජායා රූප කීපයක් ගන්නා විටත් දාගැබ සොරුන් විසින් බිද ඇති බවට විහාරයේ සිටි කිසිදු පුද්ගලයකු දැන නොසිටි බව කනස්සල්ලෙන් යුතුව වුවද ප්‍රකාශ කර යුතුය. 

Wednesday, July 6, 2011

ලන්ඩන් සසල කර V 2 රොකට්ටුව




දෙවන ලෝක යුද්ධයේ දී ජර්මනියේ නාසීන් ඇමරිකානු, බ්‍රිතාන්‍ය වැනි මිත්‍ර පාකෂික රටවලට පහර දීම සදහා බහුලව යොදාගත් නවීන ආයුධය වූයේ V 2 රොකට්ටුවයි. Aggregat 4 යන තාකෂන නාමයෙන් හදුන්වන V 2 රොකට්ටුව ලොව ප්‍රථම දිගු දුර මිසයිලයයි. මෙය නූතන රොකට් තාකෂනයේ ආරම්භයද වේ.



ප්‍රසිද්ධ ජර්මානු විද්‍යාඥයකු වූ wernher von Braun V 2 රොකට්ටුවේ නිර්මාතෘවරයා විය. 1936 දී විශාල ප්‍රමානයේ රොකට්ටුවක් තැනීම පිලිබද අදහස ඉදිරිපත් කර wernher von Braun තවත් ජර්මානු විද්‍යාඥයකු වූ
Walter Riedel සමග එක්ව Aggregat 3 රොකට්ටුව නිර්මානය කරනු ලැබීය. නමුත් Aggregat 3 රොකට්ටුව එතරම් සාර්ථක නොවීය. එමනිසාම Aggregat 4 ව්‍යාපෘතිය 1938/1939 දක්වා කල් ගියේය. නමුත් අවසානයේ වඩා විශාල‍ ද්‍රව ඉන්ධන එන්ජිමක් යොදාගනිමින් Aggregat 4 රොකට්ටුව සාර්ථක කරගැනීමට wernher von Braun සමත් විය.පසුව එය V 2 නමින් හැදින්විනි.


බෝම්බ හෙලීමත් සමග හිට්ලර් V 2 රොකට්ටු, ප්‍රහාර සදහා යොදාගන්නා ලෙස නියෝග කරන ලදී. ඒ අනුව ජර්මානු 1944 දක්වාV 2 රොකට්ටුව ප්‍රයෝජනයට නොගත් නමුදු 1942 පසු මත්‍ර පාකෂික හමුදා ජර්මානු නගරවලට ගුවනින් හමුදා V 2 රොකට්ටු 3000 වැඩි ප්‍රමානයක් තම ප්‍රහාර සදහා යොදා ගන්නා ලදී.පලමුව එන්ගලන්තයේ ලන්ඩන්, බෙල්ජියමේ antwarp යන නගරවලට පහර දීමට යොදාගත් V 2 රොකට්ටු පසුව යුරොපයේ පැරිස් ඇතුලු විවිධ වැදගත් නගර වෙතද එල්ල කරන ලදී.







ජර්මනියේ නාසීන් විසින් එල්ල කරන ලද V 2 රොකට්ටු හේතුවෙන් 7250 පමන හමුදා සෙබලුන් හා සිවිල් වැසියන් මරනයට පත්විය. විශේයෙන් මෙම V 2 රොකට්ටු නිසා ලන්ඩන් නගරවාසීන් 2754 දෙනෙක් මිය ගිය අතර 6523 තුවාල සිදු විය. සමස්ථයක් ලෙස ගත් කල යුධමය වශයෙන් V 2 රොකට්ටු එතරම් සාර්තක නොවීය. නාසීන් විසින් 
එල්ල කරන ලද බොහෝ රොකට්ටුවල ඉලක්කය වැරදී ගිය අතර නිවැරදී ඉලක්කවලට පතිත වූ රොකට්ටු වලින්ද එතරම් විශාල බලපෑමක් සිදු නොවුනි.



මිත්‍ර පාකෂික රටවල් ගුවන් යානා නාශක අවි V 2 රොකට්ටු විනාශ කිරීම සදහා යොදා ගත්තද ශබ්ධයේ වේගය මෙන් සතර ගුනයක  වේගයකින් පැමිනෙන V 2 රොකට්ටු සදහා එය එතරම් සාර්ථක ක්‍රමයක් නොවීය.V 2 රොකට්ටුව පලමුව 320km දුරට එල්ල කර හැකි වූ අතර පසුව එම දුර වැඩිදියුනු කරන ලදී. තවද එයට පැයට 5760km/h උපරිම වේගයකින් ගමන් කරහැකි විය.



දෙවන ලෝක යුද්ධයෙහි අවසාන සමයේ සබ්මැරීන වල සිට එල්ල කර හැකි රොකට්ටුවක්ද නාසීන් සාර්ථකව අත්හදා බලන ලදී. 1945 ජර්මනිය යුද්ධයෙන් පරාජය වී යටත් වීමත් සමග ඉතිරි වු V 2 රොකට්ටු සියගනනක් මිත්‍ර පාකෂික රටවල් වූ ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා රුසියාව විසින් අල්ලා ගන්නා ලදී. wernher von Braun හා Walter Riedel ඇමරිකානු හමුදා වලට යටත් වූ අතර V 2 රොකට්ටු සෑදීමට දායක වූ තවත් විද්‍යාඥයින් රැසක් රුසියන් හමුදාවලට යටත්විය. පසුව ඇමරිකාව මෙන්ම රුසියාවද තරගයට මෙන් රොකට්ටු හා මිසයිල සෑදුවේ මෙම ජර්මානු විද්‍යාඥයින්ගේ දැනුම උපයෝගී කරගෙනයි.



Monday, July 4, 2011

නැපෝලියන්ගේ උරහිසෙන් හමුවූ පිටසක්වල මයික්‍රොචිපය



නැපෝලියන් බොනපාර්ට් අධිරාජ්‍යයා


ප්‍රංශයේ ජාතික වීරයකු හා හිටපු පාලකයකු වන නැපෝලියන් බොනපාර්ට් පිලිබද ඔබ අසා ඇති. 18 වන හා 19 වන සියවස් වල ප්‍රංශ හමුදාවට නායකත්වය දෙමින්  යුරෝපයේ බොහෝ රටවල් සමග සටන් කර නැපෝලියන් ඒ සටන් විශ්මිත ලෙස ජය ගත්තේය. නැපෝලියන්ගේ විශ්මිත යුධ ජයග්‍රහන ඔහුගේ කැපවීම හා දකෂතාව මත ලබා ගත් ඒවා බව බොහො විචාරකයන්ගේ අදහස විය. නමුත් ඇතමුන් පැවසුවේ නැපෝලියන් හා පිටසක්වල ජීවින් අතර සම්බන්ධතාවක් තිබූ බවයි. වරක් හදුනානොගත් පිටසක්වල යානයකින් (UFO) නැපෝලියන් පැහැරගෙන ගිය බවට ඇති මතය ඊට සාධක ලෙස ඇතමුන් ගෙනහැර දැක්වීය.


නැපෝලියන් හා පිටසක්වල ජීවීන් අතර සම්බන්දය මෙතෙක් බහුතරයක් විචාරකයන් සැලකූයේ ප්‍රබන්ධයක් ලෙස වුවත් මෑතකදී එය සනාත වන සාධකයක් හමුවී තිබේ. නැපෝලියන් ජීවත්ව සිටි කාලයේ ඔහුට වැලදුනු රෝග සම්බන්ධයෙන් ගවේශනයක් කර Dr. Dubois හට නැපෝලියන්ගේ උරහිසේ අස්ථි කොටස් පරිකෂා කිරීමෙදී කුඩා යික්‍රොචිපයක් හමුවී ඇත. අගල් භාගයක් තරම් දික් වූ මෙම යික්‍රොචිපය ඊතා උසස් තාකශනයක් යටතේ නිශ්පාදනය වූවක් බව පරීකෂක කන්ඩායම පවසයි.


නැපෝලියන්ගේ උරහිසහි තිබූ මයික්‍රොචිපය

නැපෝලියන්ගේ උරහිසෙන් හමුවූ මයික්‍රොචිපය වටා ඇති අස්ථි කොටස් නැපෝලියන්ගේ තරුණ සමයට අයත් බව පවසන Dr. Dubois යික්‍රොචිපය තරුන කාලය‍යේ සවිකරන්නට ඇති බවට සැක කරයි. 1794 ජූලි මාසයේ දින කීපයක්  නැපෝලියන් අතුරුදහන්ව සිටි අතර ඒ වන විට ඔහුට වයස අවුරුදු 25 විය. එසේම ඊලග වර්ශයේ නැපොලියන් ඉතාලි ආක්‍රමනයට සහබාගී වූ අතර එතැන් පටන් 1815 දක්වා ඔහු සහබාගී වු  සටන් වලින් ඉතා සුලු සටන් කීපයක් හැරෙන්නට ඉතිරි සටන් සියල්ල සාර්ථකව ජය ගැනීමට ඔහුට පිලිවන් විය.

ප්‍රංශයේ ජාතික වීරයකු වන නැපෝලියන් පිටසක්වල ජීවීන් සමග සම්බන්ද කිරීම ඔහුට කරන අපහසයක් බව බහුතරයක් ප්‍රංශ වැසියන්ගේ අදහසයි. විශේෂයෙන් ඔනෑම කාර්යක් සදහා නැපොලියන් දැක්වු දැඩි කැපවීම, ඔහු තුල වූ දැඩි විනය මෙන්ම යුධ බිමේදී ඔහු දැක් වූ දකෂතාවන් නැපෝලියන්ට තරුන වියේ දී පිටසක්වල ජීවීන් වෙතින් ලැබුන ඒවා නොව කුඩා කල පටන් ඔහු ප්‍රගුන කර ඒවා බව නැපෝලියන් පිලිබද ලියවුනු ඓතිහාසික වාර්ථා නිරීකෂනය කිරීමෙන් පෙනේ.