දෙවන ලෝක යුද්ධයේ දී ජපාන හමුදාව යොදාගත්
මරාගෙන මැරෙන සෙබලු හදුන්වන්නේ කාමොකාසී
නමෙනි. ජපන් හමුදා ගුවන්, මුහුදු, ගොඩබිම් යන
තුන් අංශයෙන්ම කාමොකාසී සෙබලු සෙබලු තම
ප්‍රහාර සදහා යොදා ගන්නා ලදී.නමුත් කාමොකාසී
සෙබලු වැඩිපුරම භාවිතා කරන ලද්දේ ගුවන් ප්‍රහාර
සදහාය.
1941 සිට 1944 දක්වා ජපන් හා අමරිකානු
එක්සත් ජනපද හමුදා අතර පැසිපික් සාගරයේ
ඇතිවු බොහෝ සටන් වලදී ජපනුන් මෙම
කාමොකාසී ගුවන් යානා යොදාගන්නා ලදී.
මෙම ප්‍රහාර වලදී කාමොකාසී සෙබලු තම
ගුවන් යානා සතුරු නාවික යාත්‍රා වල ගැටීමට
සලස්වා එම නාවික යාත්‍රා විනාශ කරන ලදී.
ජපාන ගුවන් හමුදාව කාමොකාසී ප්‍රහාර
සදහාම වෙන් වූ ගුවන් යානා තනන ලදී.
කාමොකාසී ගුවන් යානා තුල පිරවු ඉන්දන
ටැංකි හා විශේෂයෙන් සකස්කරන ලද
බෝම්බ ගබඩාකර එම යානා සතුරු නැව්
වල ගැටුනු විට පිපිරී ගොස් සතුරු නැවට
විශාල හානියක් වනසේ සකස් කරන ලදී.
දෙවන ලෝක යුද්ධයේදී පැසිපික් සාගරයේ
සිදුවූ බොහෝ නාවික සටන් වලදී ඇමරිකානු
නාවික හමුදාවට ජපන් කාමොකාසී ගුවන්
ප්‍රහාර වලින් විශාල ලෙස හානි සිදුවිය.
 |
USS Louisville නැවට කාමොකාසී ප්‍රහාරයක් |
පලමු වරට වෙනම කාමොකාසී හමුදා අංශයක් අරම්භ කරන
ලද්දේ Commander Asaiki Tamai විසිනි. ඔහු විසින් අරම්භ
කල මෙම කන්ඩායමට ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වු
පුහුනුව අවසන් කර ගුවන් නියමුවන් 23 ඇතුලත් විය.
පසුව වර්දනය වු මෙම අංශය Unit Shikishima, Unit
Yamato, Unit Asahi, සහ Unit Yamazakura ලෙස අංශ
කීපයකට බෙදන ලදී. මෙම අංශ විසින් තම ප්‍රහාර සදහා
Nakajima Ki-44, Kawasaki Ki-48, Yokosuka MXY7
සහ Mitsubishi Ki-51 වැනි ගුවන් යානා යොදා ගන්නා ලදී.
 |
Ki115 ගුවන් යානය |
කාමොකාසී ගුවන් ප්‍රහාර පටන් ගැන්මේදී
සාර්ථක වුවත් පසුව එය ජපන් හමුදාවේ පසු
බෑමටද හේතු විය. කාමොකාසී ප්‍රහාර මරාගෙන
මැරෙන ප්‍රහාර නිසා ඒ සදහා යොදාගත් දකෂ
ගුවන් නියමුවන් මෙන්ම ගුවන් යානාද ජපනුන්ට
අහිමි විය. එසේම පසුව ඇමරිකානු නැවියන්
අලුතෙන් නිපදවන ලද ගුවන් යානා නාශක අවි
කාමොකාසී ගුවන් යානා බිම හෙලීම සදහා
සාර්ථකව යොදාගන්නා ලදී.
No comments:
Post a Comment