මධ්‍යම ප්‍රමානයේ යුධ නැවක් වූ ඇම්ඩන් අයත් වූයේ ජර්මන්
නාවික හමුදාවටය. 1908 සිට නාවික කටයයුතු සදහා යොදවනු
ලැබූ එය චීනයේ ජර්මන් යටත් විජිතඅරකෂා කර ගැනීම සදහා
යොදවා තිබූ නැගෙනහිර ආසියානු ජර්මන් නාවික බලකාය
යටතේ කටයුතු කරන ලදි.1914 දී පලමු ලෝක යුද්ධය ආරම්භ
වීමත් සමග නැගෙනහිරආසියානු ජර්මන් නාවික බලකායට
අයත් බොහෝ යුධ නැව් වලටනැවත ජර්මනිය බලා යාමට
නියෝග ලැබිනි. නමුත් ඇම්ඩන් යුධ නැවඉන්දියන් සාගරයේ
ගමන් කර බ්රිතාන්යයනැව් වලට පහර දීම සදහා පිටත් විය.
අනදෙන නිලදාරී karl von muller විසින් මෙහෙය වනු ලැබූ
ඇම්ඩන් නෞකාව මැලේසියාවට සමිප මුහුදේදී සිදුවූ සටනක දී
රුසියානු හා ප්‍රංශ යුධ නැව් 2 විනාශකිරීමට සමත් විය. මීට
අමතරව ඉන්දියාවේ මදුරාසියෙහි පිහිටා තිබූ බ්‍රිතාන්‍යන්ට අයත්
තෙල් ටැංකි සමූහයකට පහර දීඒවාට හානි සිදු කිරීමටද ඇම්ඩන්
නෞකාවසමත්විය. ගල් අගුරු බලයෙන් යාත්‍රා කර Buresk නම්
නෞකාව අල්ලා ගත් karl von muller එය ඇම්ඩන් නෞකාවට
ආහාර හා වෙනත් අවශ්ෂ්‍ය ද්‍රව්‍යය සැපයීම සදහා සැපයුම්
නෞකාව ලෙස යොදාගත්තේය.
මාස 3 ක් ඉන්දියන් සාගරයෙහි සැරිසැරූ ඇම්ඩන් නෞකාව බ්‍රිතාන්‍ය
ඇතුලු මිත්‍ර පකෂයට අයත් වෙලෙද නැව් 28 හා යුධ නැව් 2කට පහර දී
විනාශ කිරීමට සමත්විය. අවසානයේ ඇම්ඩන්නෞකාව සොයා පහර
දීම සදහා මිත්‍ර පකෂය තමන්ට අයත් යුධනැව් 60ක් ඉන්දියන් සාගරය
පුරා යෙදවීය.මේ අතර karl von muller, keeling දූපතේ පිහිටා තිබූ
කේබල් හා රේඩියෝ පනිවිඩ මධ්‍යස්ථානයකට පහර දීමට තීරනය
කරන ලදී.
ඇම්ඩන් නෞකාව keeling දූපත සමීපයේ රැදවූ karl von muller යාත්‍රා
3කින් ගොස් දූපතට ගොඩබැස කේබල් හා රේඩියෝ පනිවිඩ
මධ්‍යස්ථානයේ කාර්ය මන්ඩලය මරාදමා එම ගොඩනැගිල්ල හා
සන්නිවේදන කුලුන පුපුරුවා හැරියේය. නමුත් ජර්මානුන් එහි
ලගාවීමට පෙර රේඩියෝ පනිවිඩ මධ්‍යස්ථානයේ කාර්ය මන්ඩලය
උදවු ඉල්ලා රේඩියෝ පනිවිඩයක් යවා තිබුනි. එම රේඩියෝ පනිවිඩය
ලැබුනු රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත්HMAS Sydany
යුධ නෞකාව එහි ලගාවීමත් සමග දෙපාර්ශවය අතර ගැටුම ආරම්භ
විය.
 |
විනාශ වූ ඇම්ඩන් නැව |
පැයක පමන සටනකින් පසු ඇම්ඩන් නෞකාවට දැඩි හානිසිදුවු
අතර අනදෙන නිලදාරී karl von muller නෞකාව ගිලී යාම
වැලැක්වීම සදහා එය වෙරල දෙසට යාත්‍රා කරවන ලදී.වෙරලෙහි
නතර කර තිබූ ඇම්ඩන් නෞකාවට යටත් වන ලෙස Sydany
නෞකාව අනදෙන නිලදාරී john Glossop නියෝග කර
නමුත් karl von muller එයට ප්‍රතිචාරයක් නොදැක්වීය.මේ
හේතුවෙන් john Glossop ඇම්ඩන් නෞකාවට පහරදිමට
සූදානම් වනවාත් සමග karl von muller තම සෙබලු සමග
යටත්විය.ඇම්ඩන් නෞකාව විනාශ කරදැමූ john
Glossop ජර්මන් සිරකරුවන් කොලඹට එවන ලදී.
කීලිං කියන්නෙ කොකෝස්වත්ද?හරිම රසවත් විරල තොරතුරු.ඔබෙ පෝස්ටු දෙස ආසාවෙන් බලා ඉන්නවා
ReplyDeleteඅපි නම් දන්නෙ ඇම්ඩන් අහිංසක කොල්ලෙක් කියල.
ReplyDeleteඔය ඇම්ඩන් නැව අල්ලන්න ලංකාවෙනුත් කට්ටිය සූදානමින් හිටිය කියල මම අහල තියෙනවා.