බ්‍රිතාන්‍යය නාවික හමුදාව ඉන්දියන් සාගරයෙන් පලවා හැර ඉන්දියාව ඇතුලු බ්‍රිතාන්‍යය යටත් විජීත අල්ලා ගැනීමට නම් ලංකාවේ ස්ථාපනය කර තිබු බ්‍රිතාන්‍යය ගුවන් හා නාවික කදවුරුවලට පහර දිය යුතු බව වටහා ගත් ජපනුන් කොලඹට පහර දිම සදහා සූදානම් විය.
![]() |
| ජපන් ප්‍රහාරයට පෙර ඒ පිලිබදව දැන් වූ කැනේඩියානු ගුවන් නියමුවා |
ජපාන ප්‍රහාරයක් එල්ලවිය හැකි බව කලින්ම අනුමාන කර තිබූ බ්‍රිතාන්‍ය හමුදා ප්‍රධානීන් කොලඹ ගුවන් හමුදා කදවුරට අමතරව රත්මලාන හා කොග්ගලද ගුවන් හමුදා කදවුරු පිහිට වීය. මේ අතර ජපනුන්ගේ සැලසුම වූයේ කොලඹ වරායට හා කොලඹ අවට පිහිටි ගුවන් හමුදා කදවුරුවලට
පහර දී බ්‍රිතාන්‍ය යුධ බලය අඩපන කිරීමයි.
ජපනුන් කොලඹට පහර දීම සැලසුම් කර තිබුනේ ඇමරිකනුන්ගේ පර්ල් වරායට පහර දීමට සැලසුම් කර සැලසුමට සමාන අයුරිකිනි. පර්ල් වාරායට පහරදීමට සහභාගී වූ බොහෝ ජපන් ගුවන් නියමුවන් කොලඹට පහර දීමට ද එක් විය.
1942 අප්‍රේල් මස 4 වන දින ලංකාවේ බටහිර මුහුදු තිරයට පිවිසි අද්මිරාල් Chuichi Nagumo නායකත්වයෙන් යුතු විශාල ජපන් නාවික කන්ඩායමක් ප්‍රහාරය සදහා සූදානම් විය. නමුත් ලංකා මුහුදු තීරයේ මුර සේවයේ යෙදී සිට Leonard Birchall නම් කැනේඩියානු ගුවන් නියමුවා ප්‍රහාරයට පෙර ජපන් නාවික කන්ඩායම දුටුවේය. ඉක්මනින්ම ජපන් ගුවන් නියමුවන් Leonard Birchall ගේ ගුවන් යානයට පහර දී බිම හෙලු නමුත් කැනේඩියානු ගුවන් නියමුවා තම යානය කඩාවැටීමට පෙර රේඩියෝ පනිවිඩයකින් ජපනුන් මුහුදේ ස්ථාන ගත වී සිටි ආකාරය පිලිබද කොලඹට දැන්වීය.
![]() |
| කොලඹ ප්‍රහාරය හා පර්ල් වරායට එල්ල කර ප්‍රහාරය මෙහෙය වූ අද්මිරාල් Chuichi Nagumo |
ජපන් නැව් වලින් ගුවන් ගත වූ ප්‍රහාරක ගුවන් යානා උදෑසන 7.30 පමන බොරැල්ල ආසන්නයට බෝම්බ දැමීමත් සමග ජපනුන්ගේ ප්‍රහාරය ආරම්භ විය. කොලඹ වරායේ නවතා තිබු cruiser HMS Hector සහ HMS Tenedos යුධ නැව් ජපන් ගුවන් යානා විසින් බෝම්බ හෙලා ගිල්වන ලදි. මෙහි දී ඇතිවු සටනේ දී බ්‍රිතාන්‍යය ගුවන් යානා 27 විනාශ වු අතර ජපන් ගුවන් යානා 5 කටද පහර දී බිම හෙලීමට බ්‍රිතාන්‍යයන් සමත් විය.
![]() |
| ජපන් ප්‍රහාරයට ගොදුරු වූ HMS Cornwall යුධ නැව |
කොලොන්නාව තෙල් ටැංකි සංකීරනයට පහර දීමට පැමිනි ජපන් ගුවන් යානා වැරදීමකින් අංගොඩ මානසික රෝහලට බෝම්බ හෙලීම මෙම ප්‍රහාරයේ සුවිශේෂි සිදුවීමකි. මේ අතර ලංකාවට සමීපව නිරිත දිග මුහුදු තීරයේ යාත්‍රා කරමින් තිබු Dorsetshire සහ Cornwall යන යුධ නැව දෙකටද පහර දී ගිල්වා දැමිමට ජපන් ගුවන් යානා සමත් විය.
![]() |
| ජපන් ප්‍රහාරයට ගොදුරු වූ HMS Hermes යුධ නැව |
සමස්ථයක් ලෙස ගත් කල ජපනුන් කොලඹට එල්ල කර ප්‍රහාරය එතරම් සාර්ථක එකක් නොවීය. ජපනුන්ගේ ප්‍රධාන ඉලක්කය වු ලංකාවේ සථානගත කර තිබු නැගෙනහිර බ්‍රිතාන්‍යය නාවික බලකාය ප්‍රහාරය සිදුවන අවස්ථාව වන විට කොලඹ වරායේ නොතිබීම නිසා එයට පහර දීමේ අවස්ථාව ජපනුන්ට අහිමිවිය. මීට අමතරව ප්‍රහාරය සදහා පැමිනි ජපන් ගුවන් යානා 25 පහර දී බිම හෙලීමට හා තවත් ගුවන් යානා 75 පමන හානි සිදු කිරීමට බ්‍රිතාන්‍යන් සමත්විය.




එල පෝස්ට් එකක්.
ReplyDelete