නැපෝලියන් බොනපාර්ට් අධිරාජ්‍යයා |
ප්‍රංශයේ ජාතික වීරයකු හා හිටපු පාලකයකු වන නැපෝලියන් බොනපාර්ට් පිලිබද ඔබ අසා ඇති. 18 වන හා 19 වන සියවස් වල ප්‍රංශ හමුදාවට නායකත්වය දෙමින් යුරෝපයේ බොහෝ රටවල් සමග සටන් කර නැපෝලියන් ඒ සටන් විශ්මිත ලෙස ජය ගත්තේය. නැපෝලියන්ගේ විශ්මිත යුධ ජයග්රහන ඔහුගේ කැපවීම හා දකෂතාව මත ලබා ගත් ඒවා බව බොහො විචාරකයන්ගේ අදහස විය. නමුත් ඇතමුන් පැවසුවේ නැපෝලියන් හා පිටසක්වල ජීවින් අතර සම්බන්ධතාවක් තිබූ බවයි. වරක් හදුනානොගත් පිටසක්වල යානයකින් (UFO) නැපෝලියන් පැහැරගෙන ගිය බවට ඇති මතය ඊට සාධක ලෙස ඇතමුන් ගෙනහැර දැක්වීය.
නැපෝලියන් හා පිටසක්වල ජීවීන් අතර සම්බන්දය මෙතෙක් බහුතරයක් විචාරකයන් සැලකූයේ ප්‍රබන්ධයක් ලෙස වුවත් මෑතකදී එය සනාත වන සාධකයක් හමුවී තිබේ. නැපෝලියන් ජීවත්ව සිටි කාලයේ ඔහුට වැලදුනු රෝග සම්බන්ධයෙන් ගවේශනයක් කර Dr. Dubois හට නැපෝලියන්ගේ උරහිසේ අස්ථි කොටස් පරිකෂා කිරීමෙදී කුඩා මයික්‍රොචිපයක් හමුවී ඇත. අගල් භාගයක් තරම් දික් වූ මෙම මයික්‍රොචිපය ඊතා උසස් තාකශනයක් යටතේ නිශ්පාදනය වූවක් බව පරීකෂක කන්ඩායම පවසයි.
නැපෝලියන්ගේ උරහිසහි තිබූ මයික්‍රොචිපය |
නැපෝලියන්ගේ උරහිසෙන් හමුවූ මයික්‍රොචිපය වටා ඇති අස්ථි කොටස් නැපෝලියන්ගේ තරුණ සමයට අයත් බව පවසන Dr. Dubois මයික්‍රොචිපය තරුන කාලයයේ සවිකරන්නට ඇති බවට සැක කරයි. 1794 ජූලි මාසයේ දින කීපයක් නැපෝලියන් අතුරුදහන්ව සිටි අතර ඒ වන විට ඔහුට වයස අවුරුදු 25 විය. එසේම ඊලග වර්ශයේ නැපොලියන් ඉතාලි ආක්රමනයට සහබාගී වූ අතර එතැන් පටන් 1815 දක්වා ඔහු සහබාගී වු සටන් වලින් ඉතා සුලු සටන් කීපයක් හැරෙන්නට ඉතිරි සටන් සියල්ල සාර්ථකව ජය ගැනීමට ඔහුට පිලිවන් විය.
ප්‍රංශයේ ජාතික වීරයකු වන නැපෝලියන් පිටසක්වල ජීවීන් සමග සම්බන්ද කිරීම ඔහුට කරන අපහසයක් බව බහුතරයක් ප්‍රංශ වැසියන්ගේ අදහසයි. විශේෂයෙන් ඔනෑම කාර්යක් සදහා නැපොලියන් දැක්වු දැඩි කැපවීම, ඔහු තුල වූ දැඩි විනය මෙන්ම යුධ බිමේදී ඔහු දැක් වූ දකෂතාවන් නැපෝලියන්ට තරුන වියේ දී පිටසක්වල ජීවීන් වෙතින් ලැබුන ඒවා නොව කුඩා කල පටන් ඔහු ප්‍රගුන කර ඒවා බව නැපෝලියන් පිලිබද ලියවුනු ඓතිහාසික වාර්ථා නිරීකෂනය කිරීමෙන් පෙනේ.
sure ne
ReplyDeleteඅඩෝ මේක පට්ට නේ
ReplyDelete