Sunday, July 17, 2011

ජර්මනියේ නාසින් පසුබැස්සවූ Katyusha multiple රොකට් ලොන්චරය




දෙවන ලෝක යුද්ධයේ දී සෝවියට් රුසියාව විසින් භාවිතා කරන ලද
නව අවි අතර Katyusha multiple රොකට් ලොන්චරය විශේෂ ස්ථානයක්
හිමි වේ. 1939 දී නිපද වූ Katyusha multiple රොකට් ලොන්චරය 1941
සිට සෝවියට් රුසියාව තම යුධ කටයුතු සදහා යොදා ගත්තේය.





1939 දී V.N. Galkovskiy ගේ අදහසකට අනුව BM-13 යුධ ට්‍රක් රථ වල
සිට M-13 රොකට්ටු මුදා හැරීමට හැකිවන සේ Katyusha multiple
රොකට් ලොන්චරය නිර්මානය කරන ලදී. මෙහි එක් රොකට්ටුවක දිග 1.8 m වූ අතර එහි බර 42 kg විය. එසේම රොකට්ටු 5 km උපරිම දුරකට මුදා හැරීමේ හැකියාව Katyusha multiple රොකට් ලොන්චරය සතුවිය.





වරකට රොකට් 14 සිට 48 ප්‍රමානයක් මුදා හැරීමට මෙන්ම ටොන් 4.35 
පුපුරනද්‍රව්‍ය ප්‍රමානයක් තත්පර 7 සිට 10 දක්වා කාලයක් තුල සතුරු ඉලක්ක වෙත ගෙන යාමේ හැකියාව Katyusha multiple රොකට් ලොන්චරයට තිබුනි. Katyusha multiple රොකට් ලොන්චරයට එම නම ලැබුනේ රොකට් මුදාහැරීමේ දී ලොන්චරය වෙතින් නිගුත්වන ශබ්දය Katyusha යන්නට සමාන වූ නිසාය.





වරක් සම්පුරනයෙන්ම රොකට් මුදා හැරීමෙන් පසු නැවත එයට සම්පුරනයෙන්ම රොකට් පිරවීමට සෑහෙන කාලයක් ගත විම හා රොකට්ටුවල ඉලක්කය එතරම් සාර්ථක නැතිවිම Katyusha multiple රොකට් ලොන්චරය සතු වූ ප්‍රධාන දුර්වලතා විය. නමුත් සතුරු යුධ භූමියෙහි විශාල පිපිරීම් රාශියක් එකවර ඇති කර එමගින් සතුරාගේ ශක්තිය අඩපන කිරිමේ හැකියාව Katyusha multiple රොකට් ලොන්චර
සතු ප්‍රධාන වාසිය විය.







1942 දී ජර්මන් හමුදා සොවියට් රුසියාව ආක්‍රමනය කිරීමත් සමගම සොවියට් රුසියන් කාලතුවක්කු බලඇනි ජර්මන් පාබල හමුදා වලට පහර දීම සදහා බහුල වශයෙන් Katyusha multiple රොකට් ලොන්චර යොදාගත්තේය. Katyusha multiple රොකට් ලොන්චර ප්‍රහාර මගින් ඇති කරන ලද පිපිරීම් වලට ලක් වීමෙන් හා පිපිරී මගින් ඇතිවූ කම්පනයට ලක් වීමෙන් බොහෝ ජර්මානු පාබල සෙබලු මරණයට පත් වීම හා දරුනු ලෙස තුවාල වීම හේතුවෙන් ජර්මානු පාබල බලඇනි වලට විශාල හානියක් සිදුවිය.

2 comments: