Wednesday, July 6, 2011

ලන්ඩන් සසල කර V 2 රොකට්ටුව




දෙවන ලෝක යුද්ධයේ දී ජර්මනියේ නාසීන් ඇමරිකානු, බ්‍රිතාන්‍ය වැනි මිත්‍ර පාකෂික රටවලට පහර දීම සදහා බහුලව යොදාගත් නවීන ආයුධය වූයේ V 2 රොකට්ටුවයි. Aggregat 4 යන තාකෂන නාමයෙන් හදුන්වන V 2 රොකට්ටුව ලොව ප්‍රථම දිගු දුර මිසයිලයයි. මෙය නූතන රොකට් තාකෂනයේ ආරම්භයද වේ.



ප්‍රසිද්ධ ජර්මානු විද්‍යාඥයකු වූ wernher von Braun V 2 රොකට්ටුවේ නිර්මාතෘවරයා විය. 1936 දී විශාල ප්‍රමානයේ රොකට්ටුවක් තැනීම පිලිබද අදහස ඉදිරිපත් කර wernher von Braun තවත් ජර්මානු විද්‍යාඥයකු වූ
Walter Riedel සමග එක්ව Aggregat 3 රොකට්ටුව නිර්මානය කරනු ලැබීය. නමුත් Aggregat 3 රොකට්ටුව එතරම් සාර්ථක නොවීය. එමනිසාම Aggregat 4 ව්‍යාපෘතිය 1938/1939 දක්වා කල් ගියේය. නමුත් අවසානයේ වඩා විශාල‍ ද්‍රව ඉන්ධන එන්ජිමක් යොදාගනිමින් Aggregat 4 රොකට්ටුව සාර්ථක කරගැනීමට wernher von Braun සමත් විය.පසුව එය V 2 නමින් හැදින්විනි.


බෝම්බ හෙලීමත් සමග හිට්ලර් V 2 රොකට්ටු, ප්‍රහාර සදහා යොදාගන්නා ලෙස නියෝග කරන ලදී. ඒ අනුව ජර්මානු 1944 දක්වාV 2 රොකට්ටුව ප්‍රයෝජනයට නොගත් නමුදු 1942 පසු මත්‍ර පාකෂික හමුදා ජර්මානු නගරවලට ගුවනින් හමුදා V 2 රොකට්ටු 3000 වැඩි ප්‍රමානයක් තම ප්‍රහාර සදහා යොදා ගන්නා ලදී.පලමුව එන්ගලන්තයේ ලන්ඩන්, බෙල්ජියමේ antwarp යන නගරවලට පහර දීමට යොදාගත් V 2 රොකට්ටු පසුව යුරොපයේ පැරිස් ඇතුලු විවිධ වැදගත් නගර වෙතද එල්ල කරන ලදී.







ජර්මනියේ නාසීන් විසින් එල්ල කරන ලද V 2 රොකට්ටු හේතුවෙන් 7250 පමන හමුදා සෙබලුන් හා සිවිල් වැසියන් මරනයට පත්විය. විශේයෙන් මෙම V 2 රොකට්ටු නිසා ලන්ඩන් නගරවාසීන් 2754 දෙනෙක් මිය ගිය අතර 6523 තුවාල සිදු විය. සමස්ථයක් ලෙස ගත් කල යුධමය වශයෙන් V 2 රොකට්ටු එතරම් සාර්තක නොවීය. නාසීන් විසින් 
එල්ල කරන ලද බොහෝ රොකට්ටුවල ඉලක්කය වැරදී ගිය අතර නිවැරදී ඉලක්කවලට පතිත වූ රොකට්ටු වලින්ද එතරම් විශාල බලපෑමක් සිදු නොවුනි.



මිත්‍ර පාකෂික රටවල් ගුවන් යානා නාශක අවි V 2 රොකට්ටු විනාශ කිරීම සදහා යොදා ගත්තද ශබ්ධයේ වේගය මෙන් සතර ගුනයක  වේගයකින් පැමිනෙන V 2 රොකට්ටු සදහා එය එතරම් සාර්ථක ක්‍රමයක් නොවීය.V 2 රොකට්ටුව පලමුව 320km දුරට එල්ල කර හැකි වූ අතර පසුව එම දුර වැඩිදියුනු කරන ලදී. තවද එයට පැයට 5760km/h උපරිම වේගයකින් ගමන් කරහැකි විය.



දෙවන ලෝක යුද්ධයෙහි අවසාන සමයේ සබ්මැරීන වල සිට එල්ල කර හැකි රොකට්ටුවක්ද නාසීන් සාර්ථකව අත්හදා බලන ලදී. 1945 ජර්මනිය යුද්ධයෙන් පරාජය වී යටත් වීමත් සමග ඉතිරි වු V 2 රොකට්ටු සියගනනක් මිත්‍ර පාකෂික රටවල් වූ ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා රුසියාව විසින් අල්ලා ගන්නා ලදී. wernher von Braun හා Walter Riedel ඇමරිකානු හමුදා වලට යටත් වූ අතර V 2 රොකට්ටු සෑදීමට දායක වූ තවත් විද්‍යාඥයින් රැසක් රුසියන් හමුදාවලට යටත්විය. පසුව ඇමරිකාව මෙන්ම රුසියාවද තරගයට මෙන් රොකට්ටු හා මිසයිල සෑදුවේ මෙම ජර්මානු විද්‍යාඥයින්ගේ දැනුම උපයෝගී කරගෙනයි.



3 comments:

  1. ලාංකීය සිතුවිලි සිංඩියේ දැකලා මේ පැත්තට ආවෙ!වැදගත් ලිපි ලියන බව පේනවා!දිගටම කරගෙන යන්න!ජය වේවා!

    ReplyDelete