Thursday, June 30, 2011

බිය නොදත් කාමොකාසී සෙබලු




දෙවන ලෝක යුද්ධයේ දී ජපාන හමුදාව යොදාගත් 
මරාගෙන මැරෙන සෙබලු හදුන්වන්නේ කාමොකාසී 
නමෙනි. ජපන් හමුදා ගුවන්, මුහුදු, ගොඩබිම් යන 
තුන් අංශයෙන්ම කාමොකාසී සෙබලු සෙබලු තම 
ප්‍රහාර සදහා යොදා ගන්නා ලදී.නමුත් කාමොකාසී 
සෙබලු වැඩිපුරම භාවිතා කරන ලද්දේ ගුවන් ප්‍රහාර
සදහාය.

1941 සිට 1944 දක්වා ජපන් හා අමරිකානු 
එක්සත් ජනපද හමුදා අතර පැසිපික් සාගරයේ 
ඇතිවු බොහෝ සටන් වලදී ජපනුන් මෙම 
කාමොකාසී ගුවන් යානා යොදාගන්නා ලදී. 
මෙම ප්‍රහාර වලදී කාමොකාසී සෙබලු තම 
ගුවන් යානා සතුරු නාවික යාත්‍රා වල ගැටීමට 
සලස්වා එම නාවික යාත්‍රා විනාශ කරන ලදී. 

ජපාන ගුවන් හමුදාව කාමොකාසී ප්‍රහාර 
සදහාම වෙන් වූ ගුවන් යානා තනන ලදී. 
කාමොකාසී ගුවන් යානා තුල පිරවු ඉන්දන 
ටැංකි හා විශේෂයෙන් සකස්කරන ලද 
බෝම්බ ගබඩාකර එම යානා සතුරු නැව් 
වල ගැටුනු විට පිපිරී ගොස් සතුරු නැවට
විශාල හානියක් වනසේ සකස් කරන ලදී. 
දෙවන ලෝක යුද්ධයේදී පැසිපික් සාගරයේ 
සිදුවූ බොහෝ නාවික සටන් වලදී ඇමරිකානු 
නාවික හමුදාවට ජපන් කාමොකාසී ගුවන් 
ප්‍රහාර වලින් විශාල ලෙස හානි සිදුවිය. 

USS Louisville නැවට කාමොකාසී ප්‍රහාරයක් 



පලමු වරට වෙනම කාමොකාසී හමුදා අංශයක් අරම්භ කරන 
ලද්දේ Commander Asaiki Tamai විසිනි. ඔහු විසින් අරම්භ 
කල මෙම කන්ඩායමට ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වු 
පුහුනුව අවසන් කර ගුවන් නියමුවන් 23 ඇතුලත් විය. 
පසුව වර්දනය වු මෙම අංශය Unit Shikishima, Unit 
Yamato, Unit Asahi, සහ Unit Yamazakura ලෙස අංශ 
කීපයකට බෙදන ලදී. මෙම අංශ විසින් තම ප්‍රහාර සදහා
 Nakajima Ki-44,  Kawasaki Ki-48,  Yokosuka MXY7 
සහ  Mitsubishi Ki-51 වැනි ගුවන් යානා යොදා ගන්නා ලදී.

Ki115 ගුවන් යානය


කාමොකාසී ගුවන් ප්‍රහාර පටන් ගැන්මේදී 
සාර්ථක වුවත් පසුව එය ජපන් හමුදාවේ පසු 
බෑමටද හේතු විය. කාමොකාසී ප්‍රහාර මරාගෙන 
මැරෙන ප්‍රහාර නිසා ඒ සදහා යොදාගත් දකෂ 
ගුවන් නියමුවන් මෙන්ම ගුවන් යානාද ජපනුන්ට 
අහිමි විය. එසේම පසුව ඇමරිකානු නැවියන් 
අලුතෙන් නිපදවන ලද ගුවන් යානා නාශක අවි 
කාමොකාසී ගුවන් යානා බිම හෙලීම සදහා 
සාර්ථකව යොදාගන්නා ලදී.

Tuesday, June 28, 2011

ප්‍රේමය නිසා සිහසුන හැර දැමූ එඩ්වඩ්



බොහෝ පුද්ගලයෝ තම ප්‍රේමය වෙනුවෙන් වටිනා දේවල් අත්හරී, 8 වනි එඩ්වඩ් රජු ද එවැනි අයෙකි. 1936 දී 5 වනි ජෝජ් රජු මියයාමත් සමග බ්‍රිත්‍යනය සිහසුන ඔහුගේ වැඩිමහල් පුත් එඩ්වඩ් හට හිමි විය. නමුත් එඩ්වට්ගේ ප්‍රේමය ඊට හරස්විය. ඒ වන විට එඩ්වඩ් පෙම් බැද සිටියේ අමරිකානු ජාතික කාන්තාවක් වූ වොලිස් සිම්සන් සමගය.

වොලිස් සිම්සන් මහත්මිය එඩ්වට් සමග එක් වීමට පෙර දෙවතාවක් විවාහ වී නීත්‍යනුකූලව වෙන්වු කාන්තාවක් වූවාය. බ්‍රිත්‍යනය නීතිය අනුව සිහසුනට හිමි කිසිදු පුද්ගලයකුට පෙර විවාහ වී නිත්‍යනුකූලව වෙන් වූ කාන්තාවක් හා විවාහ වීම කල නොහැකි විය. බ්‍රිත්‍යනය නීතිය අනුව සිහසුනට හිමි පුද්ගලයකු එවැනි විවාහයක් කරගත හොත් ඔහු සිහසුනට ඇති අයිතිය අත්හල යුතුය.

ඉහත නීතිමය ප්‍රශ්නය හේතුවෙන් එඩ්වඩ් හට සිහසුන හෝ තම පෙම්වතිය යන දෙකෙන් එක් දෙයක් තෝරා ගැනීමට සිදුවිය. මෙහිදී සිහසුන අත් හැරීමට තීරනය කර එඩ්වඩ්, වොලිස් සිම්සන් හා විවාහ වීමට තීරනය කරාය. ඒ අනුව සිහසුන මෙන්ම  ඔහුට හිමි සියලු රාජකීය ගෞරව සහ රාජකීය වරප්‍රසාද නීත්‍යනුකූලව එඩ්වඩ් විසින් අත්හරින ලදී. පසුව වොලිස් සිම්සන් සමග විවාහ එඩ්වඩ් තම මරණය දක්වා අවුරුදු 35 සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන ලදී.

Monday, June 27, 2011

ඩියෙන් බියෙන් පූ සටන






1946 සිට වියට්නාම් කොමියුනිස්ට් විප්ලවාදීන් ප්‍රංශ පාලනයෙන් වියටනාමය නිදහස් කරගැනීම සදහා මහත් සටනක යෙදුනි. 1953 වන විට වියට්නාම් කොමියුනිස්ට් හමුදා උතුරු වියට්නාමයේ බොහෝ ප්‍රදේශ අල්ලා ගැනීමට සමත් වූ නිසා 1954 දී ප්‍රංශ හමුදා අලුත් යුධ සැලැස්මක් දියත් කරන ලදී.


ප්‍රංශ හමුදා වල අරමුන වූයේ වියට්නාම් හමුදා වලට ලාඹස රජයෙන් ලැබෙන අධාර නවතා ඔවුන්ගේ යුධ ශක්තිය දුර්වල කීරීමයි. ඒ අනුව ප්‍රංශ හමුදා වයඹ දිග වියට්නාමයේ ඩියෙන් බියෙන් පූ ප්‍රදේශයේ අලුත් හමුදා මූලස්ථානයක් තනා ලාඹසයෙන් වියට්නාම් හමුදා වලට ලැබෙන අධාර වැලැක්වීමට පියවර ගත්තේය.


මෙ අතර වියට්නාම් කොමියුනිස්ට් හමුදා 1954 මාර්තු මාසයේ දී ඩියෙන් බියෙන් පූ හි සිටි ප්‍රංශ හමුදා වටලා පහර දීම ආරම්භ කලේය. මේ සදහා 48000 පමන වියට්නාම් සෙබලු එක්විය. ඩියෙන් බියෙන් පූ සිටි 10800 පමන ප්‍රංශ හමුදා විසින්ද වියට්නාම් සෙබලු වෙත ප්‍රහාර එල්ල කරන ලදී. සටන තව තවත් උග්‍ර වීමත් සමග සටනේ යෙදී සිටි ප්‍රංශ සෙබලුන්ට සහය පිනිස ප්‍රංශ පැරෂුට් භටයන් 9000 ක්ද ගුවනින් ඩියෙන් බියෙන් පූ වෙත ලගා විය.

ප්‍රංශ ගුවන් හමුදාව ගුවනින් සතුරන්ට බෝම්බ හෙලූ අතර නොනවත්වාම ප්‍රංශ හමුදාව කාලතුවක්කු ප්‍රහාර ද එල්ල කරන ලදී.‍ නමුත් ගුවන් යානා නාශක අවි යොදාගෙන ප්‍රංශ ගුවන් යානා වලට පහර දුන් වියට්නාම් සෙබලු උස් බිම් වල සිට ප්‍රංශ හමුදාවට පහර දුන්හ. චීනය, ලාඹසය වැනි රටවලින් අධාර ලැබීම හේතුවෙන් තවත් ශක්තිමත් වූ වියට්නාම් කොමියුනිස්ට් හමුදා ගුවනින් හා සෑම දිශාවකින්ම ඩියෙන් බියෙන් පූ හි කොටු වී සිටි ප්‍රංශ හමුදා වලට ලැබෙන අධාර අවහිරකරන ලදී.

1954 මැයි මස අරම්භයේ දී ප්‍රංශ ඉදිරි ආරකෂක වලලු බිදගෙන ඉදිරියට පැමිනි වියට්නාම් සෙබලු බියෙන් පූ හි පිහිටි ප්‍රංශ හමුදා මූලස්ථානයද අල්ලා ගන්නා ලදී. අවසානයේ දී ප්‍රංශ සෙබලු 10998 සතුරාට යටත්වූ අතර ප්‍රංශ සෙබලු 70 පලා ගොස් දිවි ගලවා ගත්තේය. මේ සටනේදී ප්‍රංශ සෙබලු 2293 මියගිය අතර සෙබලු 5195 තුවාල ලැබූහ. මීට අමතරව ප්‍රංශ සෙබලු 1729 සටනෙදී අතුරුදහන් විය. ඩියෙන් බියෙන් පූ සටනේ දී වියට්නාම් සෙබලු 23000 ද මියගියබව සැලකේ.


පෘතුගීසින් හැර දමා සිංහලයන්ට එකතු වූ අන්තොනියො බරේත්තු

අන්තොනියො බරේත්තු පෘතුගීසින් යටතේ සේවය කර සෙබ‍ලෙකි, පෘතුගීසින් ලංකාවේ දී කරන ලද මහත් විනාශ කරී ක්‍රියා පිලිබද කලකිරුනු බරේත්තු පෘතුගීසි හැරදමා සිංහල කරැලි කරුවන් සමග එක්විය. මායාදුන්නේ සහ කුරුප්පු ආරච්චි යන කරැලි සිංහල නායකයන් සමග එක්වූ අන්තොනියො බරේත්තු විමලධර්මසූර්ය රජුගේ අධාරය ද ඇතිව සබරගමුවේ පෘතුගීසි බලකොටුවලට පහරදුන්නේය.

බොහෝ විට පෘතුගීසින් නොසිතූ අවස්ථාවල ඔවුන්ගේ බලකොටුවලට කඩාවැදුනු බරේත්තු සහ ඔහුගේ කරැලි කරුවො පෘතුගීසින් සෙබලුන් මරා දමා ඔවුන්ගේ අවි ආයුධද තම භාරයට ගත්තේය. විමලධර්මසූර්ය රජුගේ මරනයෙන් පසුව සිහසුනට පත් සෙනරත් රජු පෘතුගීසින් සමග ගිවිසුමක් අත්සන් කර සාමයකට එලබුනු හෙයින් අන්තොනියො බරේත්තු හට එම දේපාර්ශවය සමගම සටන් කීරීමට සිදුවිය.

පෘතුගීසීන් බරේත්තුව අල්ලා ගැනීමට මෙන්ම මරා දැමීමටද අවස්ථා ගනනකදී උත්සහකර නමුදු කිසිදු පෘතුගීසී අන්ඩුකාරවරයකු එය කිරීමට හැකියාව ලැබුනේ නැත. අවසානයේ කොන්ස්තන්තීනු දසා නැමති පෘතුගීසී අන්ඩුකාරවරයාට බරේත්තුව මරා දැමීමට හැකිවිය. බරේත්තු සමග එක්ව සටන් කර කුරුප්පු ආරච්චි ද මෙහිදී පෘතුගීසීන් අතින් මියගිය නමුදු මායාදුන්නේට බේරී පලායාමට හැකිවිය.   

Saturday, June 25, 2011

පාන් බැරිනම් කේක් කාපල්ලා



මාරි ඇන්ටොනියට් 




පාන් බැරිනම් කේක් කාපල්ලා, මේ වදන ඔබ කොතෙකුත් අසා ඇති. නමුත් මේ වදනෙහි ආරම්භය විදේශයකදී සිදුවිය. 16 වන ශතවර්ෂයේ ප්‍රංශයේ රඡකර 16 වන ලූවි රඡු සහ ඔහුගේ බිරිද මාරි ඇන්ටොනියට් කුමරිය ජනතාවගෙන් ඈත්ව ඉතා සුඛෝපබෝගී ජීවිතයක් ගතකලේය.6 වන ලූවි රඡුගේ අවිදිමත් මූල්‍ය පාලනය හේතුවෙන් ප්‍රංශ භාන්ඩාගාරය හිස් වූ අතර ජනතාව අතර මහත් ආර්ථික පරිහානියක් පැතිර ගියේය.

එකල ප්‍රංශ‍යේ නගරබද ජනතාවගේ ප්‍රධාන ආහාරය වූයේ පාන්ය. පැතිරගිය ආර්ථික පරිහානිය නිසා බේකරි  කරුවන් තම නිශ්පාදන වියදම පියවාගැනීම සදහා පාන් වල මිල ඉහල දැමූ අතර ජනතාවට එම මිලට පාන් මිලදී ගැනීමට හැකියාවක් නොවීය. අවසානයේ පාන් වල මිල ඉහල යාම නිසා අසරණ භාවයට පත් ජනතාව රජුගේ සහනයක් බලාපොරොත්තුවෙන් පැරීසියේ වර්සාහි මාලිගය ඉදිරිපිටට එක්රැස්විය.

එවෙලෙහි රජු මාලිගයේ නොසිටි නිසා ජනාතාව හමුවීමට පැමිනියේ රජුගේ බිසව වූ මාරි ඇන්ටොනියට් කුමරියයි. පාන් මිල දාරා ගැනීමට අපහසු බව ඇයට දැන්වූ ජනතාව ඇයගෙන් ඒ සදහා සහනයක් ඉල්ලීය. එම අවස්ථාවේ දී රජ බිසව පැවසුවේ පාන් මිල දී ගැනීමට අපහසුනම් කේක් මිලදී ගන්නා ලෙසයි. ජනතාවගෙන් ඈත්ව ඉතා සුඛෝපබෝගී ජීවිතයක් ගතකල ඇය පාන් මිලට වඩා කේක් වල මිල වැඩි බව පවා දැන සිටියේ නැත.

Friday, June 24, 2011

කොරියාව වෙන්වූ හැටි





ඉතිහාසය පුරා එක්සත් රටක් ලෙස පැවති කොරියාව රටවල් දෙකක් බවට පත් වූයේ දෙවන ලෝක යුද්ධය අවසානයේ දී. 1910 දී පමන ජපනුන් විසින් කොරියාව සම්පූර්නයෙන්ම යටත් කර ගත් අතර ඇමරිකාව විසින් නාගසාකී හා හිරෝෂිමාවට පරමාණු බෝම්බ හෙලීමෙන් අනතුරුව ජපානය යටත් වීමට කැමති වීමත් සමග කොරියාවේ පාලනය පිලිබද ගැටලුවක් ඇතිවිය.

ජපානය යටත් වීමත් සමගම චීනය හරහා පැමිනි රුසියානු හමුදා කොරියාවේ උතුරු පදෙස් අල්ලා ගත් අතර මුහුදින් පැමිණි අමරිකන් සේනා කොරියාවේ දකුනු පදෙස් අල්ලා ගත්තේය. දෙවන ලෝක යුද්ධය අවසන් වූවත් රුසියන් හා අමරිකන් හමුදා කෙරියාවේ තමන් අල්ලාගෙන සිටි ප්‍රදේශ වලින් ඉවත් වීමට අකමැතිවිය. රුසියාවේ මෙහෙය වීම යටතේ උතුරු කොරියාවේ කොමියුනිසට් ආන්ඩුවක් පිහිටුවූ අතර අමරිකානු අධාර යටතේ දකුනු කොරියාවේ අමරිකානු හිතවාදී ආන්ඩුවක් පිහිටුවන ලදී.

1950 දී දේශීය නායකයන්ට එහි පාලනය භාර දුන් ඇමරිකාව දකුනු කොරියාවෙන් තම සේනා ඉවත් කර ගන්නා ලදී. අමරිකානු සේනා ඉවත් වූ වහාම උතුරු කොරියානු සේනා විසින් දකුනු කොරියාව ආක්‍රමනය කරන ලදී. රුසියාවෙන් ලැබුනු නවීන අවි ආයුධ හා හොද පුහුනුවක් ඇතුව සටන් කර උතුරු කොරියන් හමුදා ඉතා ඉක්මනින් උතුරු කොරියාවෙන් විශාල ප්‍රමානක් අල්ලා ගත්තේය.

 කොරියන් අර්බුද පිලිබද සලකා බැලූ එක්සත් ඡාතීන්ගේ සංගමය වාහාම උතුරු කොරියාව ආක්‍රමනිකයකු ලෙස නම් කොට දකුනු කොරියාවට අධාර පිනිස තම හමුදා යවන මෙන් සාමාඡික රටවලට දන්වන ලදී. එ අනුව අමරිකානු සේනා කොරියාවට ගොඩබසින ලදී. මුලදී ඇමරිකානු සේනා වලට පසු බැසීමට සිදුවුවත් පසුව උතුරු කොරියානු හමුදා වලින් දකුනු කෙරියාව මුදා ගත් ඇමරිකානු හමුදා උතුරු කොරියාවෙන්ද විශාල භූමි ප්‍ර‍දේශයක් අල්ලා ගන්නා ලදී.

ඇමරිකානු සේනා විසින් උතුරු කොරියාව සම්පූර්නයෙන්ම අල්ලා ගැනීමට ඉතා ආසන්නව තිබියදී කොමියුනිස්ට් මහඡන චීනය ද මේ යුද්ධයට මැදිහත් විය. චීනය මෙහිදී 150000 පමන හමුදාවක් ඇමරිකානු හමුදා වලට එරෙහිව මෙහෙය වීය. මේ නිසා ඇමරිකානු හමුදා වලට පසුබැසීමට සිදුවිය. 1953 දී එක්සත් ඡාතීන්ගේ සංගමය මැදිහත් වීමෙන් තාවකාලිකව දේපාර්ශවය අතර සටන් නවත් වන ලදී. තාවකාලික වශයෙන් කොරියාව හරහා වැටී ඇති නිරකෂ රේඛාව දේශසීමාව ලෙස දෙපාර්ශවය විසින් පිලි ගන්නා ලදී. එදා සිට අද දක්වාම එක් භාෂාවක් කථා කරන එක් ඡාතියකට අයත් කොරියානුවන් රටවල් දෙකක් ලෙස බෙදී සිටී.

Thursday, June 23, 2011

Go එක්ක යමු







අද මම අලුත් කම්පුයුටර් භාෂාවක් ගැන තොරතුරු ටිකක් ලියන්න හිතුවා. මේ භාෂාව තමා Go . Go භාෂාව, ගූගල් සමාගමේ රොබට් ඝ්‍රීසෙමෙර්, රොබ් පීකේ සහ කෙන් තොම්සන් තිදෙනා විසින් 2007 දී වැඩි දියුනු කිරීම ආරම්භ කර මෙම Go භාෂාව 2009 නොවෙම්බර් මාසයේ දී නිල වශයෙන් හදුන්වලා දුන්නේ 2009 වලදී ගූගල් සමාගම විසින්.ආරම්භයේ දී Linux සහ Mac OS X සදහා පමනක් සීමා වුනු මෙම භාෂාව දැන් ගූගල් සමාගම විසින් ඔවුන්ගේ කටයුතු සදහා යොදාගෙන තිබෙනවා.

Go භාෂාව බොහෝ දුරට C භාෂාවට සමානයි. නමුත් C  වල මෙන් Go වලදී සෑම පේලියක්ම සෙමි කෝලනයකින් (;) අවසන් වීම අවශ්‍ය වන්නේ නෑ. Java සහ C++ භාෂා වලට අදාල type inheritance, generic programming, assertions, method overloading වැනි object oriented ලකෂන අතුලත් නොවීම Go ප්‍රධාන විශේෂත්වයකි. ප්‍රථමයෙන් exception handling Go සදහා අතුලත් කර නොතිබූ නමුදු Go හි අලුත් සංස්කරණ සදහා එය ඇතුලත්ව ඇත.

සෑම Go file එකක් සදහා ම භාවිතා කරන්නේ .go එක්ස්ටශනයයි(උද - hello_word.go ). ඔබට Go කම්පයිල්(compile) කිරීම සදහා  Plan 9 සහ GCC   compilers යොදා ගත හැක. Go වලින් සකසා ගත් පරිඝණක වැඩසටහන් tiny runtime environment හරහාද ක්‍රියාත්මක කර හැක.

Hello word වැඩසටහන Go වලින්

package main

import "fmt"

func main() {

        fmt.Println("Hello, World")
}

සතර වරක් අගමැති පුටුවට

එක් වරක් ‍හෝ අපේ රටේ අගමැති තනතුර දැරීමට සිහින මවන්නෝ මෙරට සිටිති. තම ජීවිත කාලය තුල එම අගමැති සිහිනය සතර වතාවක් සැබෑ කර ගත් අයෙකු ගැන ඔබ අසා ඇද්ද. දිවන්ගත ඩඩ්ලි සේනානායක මහතා එවැනි අයෙකි. ඔහු මෙරට අගමැති ධූරය වැඩිම වාර ගනනක් දැරූ පුද්ගලයා ද වේ.



1952 ඩී.එස් සේනානායක  මහතාගේ මරණයෙන් පසුව පුරප්පාඩු වූ අගමැති ධූරයට ඩඩ්ලි සේනානායක මහතා පාර්ලිමේන්තුවේ බහුතර ජන්දයෙන් පත් විය. ඉන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරි එතුමා 1952 ජන්දය ජය ගෙන දෙවැනි වතාවටත් අගමැති ධූරයට පත් විය. 1953 හර්තාලය හා තම සෞඛ්‍යය හේතූන් නිසා 1954 දී එතුමා අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය. අගමැති ධූරයේ සිටියදී ඉන් ඉල්ලා අස් වූ එකම අගමැතිවරයා වන්නේද ඩඩ්ලි සේනානායක මහතාය.

නැවත 1960 මහමැතිවරණ ජයගත් ඩඩ්ලි සේනානායක මහතා තුන්වන වරටත් අගමැති ධූරයට පත් විය. නමුත් එතුමාගේ රාජාසන කථාව පාර්ලිමේන්තු‍වේදී පරාජය වීම නිසා දින 30 තුල දී එතුමාට ධූර‍යෙන් ඉවත් වන්නට සිදුවිය. නැවතත් 1965 මහමැතිවරණය ජයගත් එතුමා 1970 දක්වා අගමැති ධූරය හෙබවීය.

Monday, June 20, 2011

පෟතුගීසී නිලදාරීන්ගේ කර පිටින් ගිය සිංහලයා

වරක් එවකට පෟතුගීසි ආණ්ඩුකාරවරයා වු අසවේදු ධර්මපාල රජුත් සමග සීතාවකට ගොස් තමන් විරුද්ධ සීතාවක වැසියන් මර්ධනය කිරීමහි නිරතවිය. අසවේදු මෙහෙය වූ පෟතුගීසි සේනාව ගම්වලට කඩා වදිමින් නිරායුධ වැසියන් මරමින් මහත් විනාශයක් සිදු කරන ලදී. ධර්මපාල රජුත් අසවේදුත් සිදුකරන ලද මෙම ක්‍රියාවන් හේතුවෙන් ඔවුනට විරුද්ධව සීතාවක රාජ්‍යයහි දරුණු කැරැල්ලක් ඇතිවිය. පෟතුගීසි හමුදා කන්ඩායම් හබාගිය ගම් වැසියන් ඔවුනට පහර දී බොහෝ අලාභ හානි සදුකරහ. මෙහිදී ගම් වැසියන් මෙන්ම බොහෝ පෟතුගීසි සොල්දාදුවන්ද මරණයට පත් විය.

මේ අතර රජුගේ රාජ සභාවේ සාමාජිකයකු වූ දුමින්ගු කොරයා ද, රජුට හා පෟතුගීසින්ට විරුද්ධව කැරැල්ලක් ගැසීය.දුමින්ගු කොරයාගේ නායකත්වයෙන් කැරලිකාරයෝ පෟතුගීසි සේනාව වටලා පහර දුන්හ. රජුත් රැගෙන කොළඹ දෙසට යාමට අසවේදු උත්සාහකර නමුත් දුමින්ගු කොරයාගේ මෙහෙය වීමෙන් සටන් කර කැරලිකරුවෝ පෟතුගීසින්ට භයානක ලෙස පහර දෙමින් පෟතුගීසි සොල්දාදුවන් විශාල සංඛාවක් මරාදැමීය.

දවස් දෙකක් ජලය හා ආහාර නොමැතිව සීතාවක සිරවී සිටි පෟතුගීසි සේනාව කැරලිකරුවන් අතින් විනාශ වීමට ආසන්නව තිබිය දී මාතර සිට සමරකෝන් මුදලි ඔවුන්ගේ අධාරයට පැමිණියේය.දරුණු සටන් කීපයකින් පසු දුමින්ගු කොරයා ඇතුලු කැරලිකරුවෝ පලවා හැර රජුත් අසවේදුත් බේරා ගැනීමට සමරකෝන් සමත් විය. සටන අවසානයේ දී තමන් ව බෙරාගත් සමරකෝන්ව ඔසවාගත් පෟතුගීසි හමුදා නිලදාරීන් ඔහු තම කර මතින් ගෙනගියහ.

Sunday, June 19, 2011

සබරගමුවේ අලි සුසානාගාරය

අලි මිනිස් ගැටුම නිසා මිය යන කොතෙකුත් අලි ඇතුන් ඔබ මාධ්‍යයන් දකින්නට ඇත. නමුත් ඔබ අලි සුසානාගාරයක් පිලිබදව අසා තිබේද? සබරගමුවේ පැරණි ගැමිකථාවලට අනුව සිංහරාජ වානාන්තරයහි නැගෙනහිර මායිමේ මෙම අලි සුසානාගාරය පිහිටා ඇත.


ඉහත කී ගැමි කථාවලට අනුව මාරාන්තික ලෙස තුවාල වූ හෝ මහලු වියට පත් මරනාසන්න අලි ඇතුන්  වනාන්තරය මධ්‍යයෙහි පිහිටි ජලය සහිත හුදකලා ස්ථානයක් වෙත ඇදෙයි. ඇතැම් ගැමියන්ගෙ අදහස වනුයේ එම ස්ථානයේ ඇති ජලය ඹෂධීය ගුනයකින් යුක්තවන නිසා මරනාසන්න අලි ඇතුන් එහි යන බවයි. ආර්.එල් බ්‍රෝහියර්ට අනුව මෙම  ස්ථානය පිහිටා ඇත්තේ ඇබිලිපිටියේ මහ පෑලැස්ස පදෙසහිය.


වරක් මහ පෑලැස්සහි චාරිකාවක යෙදුනු බ්‍රෝහියර්ට එම ස්ථානය පුරා විසිරී තිබූ අලි ඇතුන්ගේ ඇටකටු හා කුණුවෙමින් පැවති අලි ඇතුන්ගේ සිරුරු දක්නට ලැබුනි. තවද ඔහු පවසන්නේ මෙම ස්ථානයහි උනුසුම් දිය උල්පත් කීපයක්ද තීබූ බව පවසයි. ‍මේ අලි සුසානාගාරය පිලිබද විවිධ මත තිබුනද මියයාම සදහා අලි ඇතුන් මෙහි පැමිනීම පිලිබද ස්ථිර අදහසක් මේවන තුරු ඉදිරිපත් වී නැත.

Saturday, June 18, 2011

අශ්වයෙකු වෙනුවට ඇතෙකු ලබා ගැනීමට ගොස් හිස අහිමි කර ගත් ආන්ඩුකාරවරයා

14 වැනි හා 15 වැනි ශතවර්ෂවල ලංකාවේ මුහුදු බඩ පදෙස්වල ආණ්ඩුකාර පදවියට පත් බොහෝ පෟතුගීසි ආණ්ඩුකාරවරු උඩරට රජවරු සමග සටනට ගොස් අමාරුවේ වැටුනහ. දියෝගු ද මේලෝ කැස්ට්‍රෝ ද එවැනි ඉරනමකට මුහුන පෑ අයෙනකි.

වරක් සියරට බලා යන පෟතුගීසි ජාතිකයකු දෙවන රාජසිංහ රජුට අශ්වයකු තැගි කරන ලදී. රජු ඒ වෙනුවට ඔහුට ඇතෙකු තැගි කළේය.මෙබව දැනගත් දියෝගු ද මේලෝ සිය රට බලා යාමට කොළඹ වරායට පැමිනි පෟතුගීසි ජාතිකයා වෙතින් ඇතා පැහැරගන්නා ලදී.මෙය දැනගත් රජු වෙනත් ඇතෙකු එම පෟතුගීසි ජාතිකයා දී ඔහු වෙනත් වරායකින් නව් නැග්ගවීය.

අසෙකු ලබා ගෙන ඇතෙකු දෙන්නේ රජුගේ පරිත්‍යාගශීලිත්වය නිසා බව නොදත් දියෝගු ද මේලෝ රජු අශ්වයන් කෙරෙහි විශේෂ ඇල්මක් ඇතයි සිතා තමන් සතු වටිනා අශ්වයන් දෙදෙනෙකු විකිනීම පිනිස මහනුවරට යැවීය.අසුන් දෙදෙනා දියෝගු ද මේලෝ විසින් විකිනීමට  එවා ඇති බව දැනගත් රජු අසුන් දෙදෙනා රාජසන්තක කරන ලදී.

රජුගේ ක්‍රියාවෙන් කිපුනු දියෝගු ද මේලෝ තමන්ගෙන් පැහැරගත් අසුන් දෙදෙනා ආපසු නො එවුවහොත් උන් දෙදෙනා ගෙනයාමට තමන් මහනුවරට එන බව රජුට දැන්වීය. එයට පිලිතුරු ලෙස රජු, එසේ එනවිට කලින් තමන්ගෙන් පැහැරගත් ඇතාද ගෙනඑන ලෙස දියෝගු ද මේලෝට දැන්වීය. 

අවසානයේ මෙම ආරවුල පදනම් කරගෙන පෟතුගීසි සෙබලු 700 හා සිංහල සෙබලු 35000 රැගෙන දියෝගු ද මේලෝ උඩරට ආක්‍රමනය කරන ලදී.ආක්‍රමනික සේනා මහනුවරට ඇතුලු වන විට රජු හා සේනාව නගරයෙන් පිටව ගොස් සිටි නිසා පාලු නගරය පෟතුගීසින් විසින් කොල්ලකන ලදී.මහනුවර රැදීසිටීම අවදානම් බව තේරුම් ගත් දියෝගු ද මේලෝ තම සේනාව සමග කෙළඔට ඒමට පිටත්විය. නමුත් ගන්නෝරුවේදී මග හරස් කර රජුගේ සේනාව පෟතුගීසින්ට වටකර පහර දෙන්නට විය. මෙහිදී පෟතුගීසින් සමග පැමිනි පහතරට සිංහල සෙබලුද රජුට එක් විය. සටන අවසානයේ නොමැරී ඉතිරි වූයේ පෟතුගීසින් තිස් දෙනෙකු පමනී. එපමනක් නොව පෟතුගීසි ආණ්ඩුකාර දියෝගු ද මේලෝටද මියයාමට සිදුවිය.

Friday, June 17, 2011

වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වු අපේ ප්‍රථම රජ්‍ය නායකයා

එදා මෙදා තුර අප රටේ බොහෝ දේශපාලකයන් වෙඩි තැබීම් හේතුවෙන් ඝාතනයට ලක් වී ඇත. එස්.ඩබ්.ආර්.ඩී බන්ඩාරනායක, ලලිත් ඇතුලත්මුදලි, කදිරගාමර් එවැනි ජනප්‍රිය චරිත වේ. නමුත් වෙඩි තැබීමක් මගින් ඝාතනය ලක් වු ප්‍රථම රජ්‍ය නායකයා 7 වැනි බුවනෙකබාහු රජුය.

කෝට්ටේ යුගයේ අවසාන භාගයේ අවුරුදු 30 කට ආසන්න කාලයක් රජ්‍ය පාලනය ගෙන ගිය 7වැනි බුවනෙකබාහු       ගේ පාලනය අවසන් වූයේ ඉහත කී ඝාතනයට හේතුවෙනි. බුවනෙකබාහු රජු පෟතුගීසින් සමග ඉතා කිට්ටු සබදතාවක් පැවැත් වු අයෙකි. තම බාල සොහොයුරා වූ සීතාවක මායාදුන්නේගෙන් ආරකෂා වීමට බුවනෙකබාහු නිතර පෟතුගීසි හමුදා සහය පැතීය.

වරක් ඉන්දියාවේ පෟතුගීසි ආන්ඩුකාරවරයා ලෙස පත් වූ අල්පොන්සෝද නොරොඤ්ඤෝ ඉන්දියාවට යන අතර තුර මග වැරදී ලංකාවට ගොඩබැසීය. මේ බව සැල වු වහාම බුවනෙකබාහු රජු නොරොඤ්ඤෝව පිලිගැනීම සදහා මුදලිවරු දෙදෙනෙක්  වරායට එවීය. ඉතා උඩගු නිලදාරියකු  වූ නොරොඤ්ඤෝ තමා පිලි ගැනීම සදහා වරායට රජු නොපැමිනීමත් රජු කිතුදහම නොවැලදගැනීමත් යන කරුණු මුල්කරගෙන රජුට අපහස වන අයුරින් කතා කලේය.මෙයින් උදහස් වූ රජු ලංකාවෙන් පිටවී යන ලෙස නොරොඤ්ඤෝට අනකරනු ලැබීය. රජුගේ අනට පිටුපා ක්‍රියා කල නොහැකි හෙයින් රජු කෙරෙහි දැඩි කෝපයෙන් නොරොඤ්ඤෝ ලංකාවෙන් පිටවී ගියේය.

ඉහත සිද්ධිය සිදුවී මාස කීපයකට පසු රජු විවේක ගැනීම සදහා කැලණි මාලිගයට ගියේය. එක් දිනක් රජු තම උඩු මහලේ සිට පහත කදවුරු ගසාගෙන සිටි පෟතුගීසි සෙබලු දහවල් ආහාරය ගන්නා ආකාරය බලා සිටින විට හදිසියේ එල්ල වූ වෙඩිල්ලක් හිසෙහි වැදීම නිසා රජු මැරී වැටුනේය. වෙඩි තැබීම සිදුකරනු ලැබූ අන්තෝනියෝ ද බාසිලෝස් නැමති පෟතුගීසි සෙබලා නොරොඤ්ඤෝගේ දාසයකු ලෙස සේවය කර අයෙකි. මෙම ඝාතනය නොරොඤ්ඤෝ විසින් කරවනු ලැබූවක් වුවත් පෟතුගීසි එය මායාදුන්නේගේ ක්‍රියාවක් ලෙස ප්‍රසිද්ධ කරනු ලැබීය.

Thursday, June 16, 2011

විඡයබා කොල්ලය



කෝට්ටේ රඡකල 6 වැනි විඡයබාහු රඡුට පුතුන් තිදෙනෙක් විය. බුවනෙකබාහු, රයිගම් බන්ඩාර සහ මායාදුන්නේ වන මොවුන් විඡයබාහු රඡ වීමට ප්‍රථමව ඔහු විසින් කරගත් විවාහයක දරුවන් විය. රඡ වූ පසු කීරවැල්ලේ පරපුරේ කුමරියක් සමග විවාහ වූ විඡයබාහු ඇය තම අග බිසෝ කරගනු ලැබීය. එසේ විවාහ කර ගනු ලැබූ ඉහත සදහන් කීරවැල්ලේ පරපුරට අයත් කුමරියට තම ප්‍රථම විවාහයෙහි ළදරු පුතකුද විය. විඡයබාහු රඡු එම ළදරුවාටද පුත්‍ර ප්‍රේමයෙන් සැලකීය.

කීරවැල්ලේ කුමරියගේ ළදරු පුත්‍රයාට විඡයබාහු කොතරම් ඇල්මක් දැක්වුයේද යත් එතුමා තම පුත්‍රයන් තිදෙනා නොසලකා හැර ඉහත කී ළදරුවාට තමා ඇවෑමෙන් සිහසුන ලබා දීමට සූදානම් විය. මෙම කුමන්ත්‍රනය සදහා කදුරේ බණ්ඩාර සහ ඒකනායක යන ඇමතිවරුද රඡුට සහය දුනි. 

ඉහත කී කුමන්ත්‍රනය සැල වූ වහාම කුමාරවරු තිදෙනා (බුවනෙකබාහු, රයිගම් බන්ඩාර, මායාදුන්නේ) අරකෂ ස්ථානවලට පලා ගියේය. උඩරට රාඡ්‍යයට පලා ගිය මායාදුන්නේ  ඔහුගේ ඥාති සොයුරියක හා විවාහ වී සිටි එවකට උඩරට පාලකයා වූ 1වන ඡයවීර රඡුගේ අධාරයෙන් සේනාවක් ලබාගත්තේය. ඉන් පසුව සෙසු සහෝදරයන් සමග එක්ව කෝට්ටේ රාඡ්‍යය ආක්‍රමනය කලේය. මෙම ආක්‍රමනයේදී බුවනෙකබාහු රඡුගේ සේනාධිපතිවරු පවා කුමාරවරු තිදෙනාගේ පක්ෂ ගත්තේය. මේනිසා බුවනෙකබාහු රඡුට තම පුතුන් තිදෙනා සමග සාමදානයකට එලබීමට සිදුවිය. ඒ අනුව තමන්ට විරුද්ධව රඡු සමග කුමන්ත්‍රනය කල ඒකනායක හා කදුරේ බණ්ඩාර පාවා දෙන මෙන් කුමාරවරු රඡුට බල කරනු ලැබිනි.පසුව කුමන්ත්‍රනකාරී ඇමතිවරු තම භාරයට ගත් කුමාරවරු තිදෙනා විසින් කදුරේ බණ්ඩාර මරවනු ලබූ නමුත් ඒකනායක කෙසේ හෝ බේරී පැන ගොස් තම ඡීවිතය ගලවා ගත්තේය.

ඉහත සිද්ධියෙන් පසු තම තත්වය අවදානම් බව වටහාගත් 6 වැනි විඡයබාහු තම පුතුන් තිදෙනා මාලිගයට ගෙන්වා මරාදැමීමට සැලසුම් කලේය.මේ බව දැන ගත් කුමාරවරු තිදෙනා විදේශිකයකු ලවා පිය රජු යහන් ගබඩාව්දී මැරවීය. ඉන්පසු සහෝදරයන් තිදෙනාගේ එකගත්වයෙන් වැඩිමහලු කුමරු 7 වැනි බුවනෙකබාහු නමින් රජවිය.