එදා මෙදා තුර අප රටේ බොහෝ දේශපාලකයන් වෙඩි තැබීම් හේතුවෙන් ඝාතනයට ලක් වී ඇත. එස්.ඩබ්.ආර්.ඩී බන්ඩාරනායක, ලලිත් ඇතුලත්මුදලි, කදිරගාමර් එවැනි ජනප්‍රිය චරිත වේ. නමුත් වෙඩි තැබීමක් මගින් ඝාතනය ලක් වු ප්‍රථම රජ්‍ය නායකයා 7 වැනි බුවනෙකබාහු රජුය.
කෝට්ටේ යුගයේ අවසාන භාගයේ අවුරුදු 30 කට ආසන්න කාලයක් රජ්‍ය පාලනය ගෙන ගිය 7වැනි බුවනෙකබාහු ගේ පාලනය අවසන් වූයේ ඉහත කී ඝාතනයට හේතුවෙනි. බුවනෙකබාහු රජු පෟතුගීසින් සමග ඉතා කිට්ටු සබදතාවක් පැවැත් වු අයෙකි. තම බාල සොහොයුරා වූ සීතාවක මායාදුන්නේගෙන් ආරකෂා වීමට බුවනෙකබාහු නිතර පෟතුගීසි හමුදා සහය පැතීය.
වරක් ඉන්දියාවේ පෟතුගීසි ආන්ඩුකාරවරයා ලෙස පත් වූ අල්පොන්සෝද නොරොඤ්ඤෝ ඉන්දියාවට යන අතර තුර මග වැරදී ලංකාවට ගොඩබැසීය. මේ බව සැල වු වහාම බුවනෙකබාහු රජු නොරොඤ්ඤෝව පිලිගැනීම සදහා මුදලිවරු දෙදෙනෙක් වරායට එවීය. ඉතා උඩගු නිලදාරියකු වූ නොරොඤ්ඤෝ තමා පිලි ගැනීම සදහා වරායට රජු නොපැමිනීමත් රජු කිතුදහම නොවැලදගැනීමත් යන කරුණු මුල්කරගෙන රජුට අපහස වන අයුරින් කතා කලේය.මෙයින් උදහස් වූ රජු ලංකාවෙන් පිටවී යන ලෙස නොරොඤ්ඤෝට අනකරනු ලැබීය. රජුගේ අනට පිටුපා ක්‍රියා කල නොහැකි හෙයින් රජු කෙරෙහි දැඩි කෝපයෙන් නොරොඤ්ඤෝ ලංකාවෙන් පිටවී ගියේය.
ඉහත සිද්ධිය සිදුවී මාස කීපයකට පසු රජු විවේක ගැනීම සදහා කැලණි මාලිගයට ගියේය. එක් දිනක් රජු තම උඩු මහලේ සිට පහත කදවුරු ගසාගෙන සිටි පෟතුගීසි සෙබලු දහවල් ආහාරය ගන්නා ආකාරය බලා සිටින විට හදිසියේ එල්ල වූ වෙඩිල්ලක් හිසෙහි වැදීම නිසා රජු මැරී වැටුනේය. වෙඩි තැබීම සිදුකරනු ලැබූ අන්තෝනියෝ ද බාසිලෝස් නැමති පෟතුගීසි සෙබලා නොරොඤ්ඤෝගේ දාසයකු ලෙස සේවය කර අයෙකි. මෙම ඝාතනය නොරොඤ්ඤෝ විසින් කරවනු ලැබූවක් වුවත් පෟතුගීසි එය මායාදුන්නේගේ ක්‍රියාවක් ලෙස ප්‍රසිද්ධ කරනු ලැබීය.
ඇත්තටම අදයි ඔය කතාව ඇහුවෙ.නියමයි දිගටම ලියන්න.
ReplyDelete