1946 සිට වියට්නාම් කොමියුනිස්ට් විප්ලවාදීන් ප්රංශ පාලනයෙන් වියටනාමය නිදහස් කරගැනීම සදහා මහත් සටනක යෙදුනි. 1953 වන විට වියට්නාම් කොමියුනිස්ට් හමුදා උතුරු වියට්නාමයේ බොහෝ ප්රදේශ අල්ලා ගැනීමට සමත් වූ නිසා 1954 දී ප්රංශ හමුදා අලුත් යුධ සැලැස්මක් දියත් කරන ලදී.
ප්රංශ හමුදා වල අරමුන වූයේ වියට්නාම් හමුදා වලට ලාඹස රජයෙන් ලැබෙන අධාර නවතා ඔවුන්ගේ යුධ ශක්තිය දුර්වල කීරීමයි. ඒ අනුව ප්රංශ හමුදා වයඹ දිග වියට්නාමයේ ඩියෙන් බියෙන් පූ ප්රදේශයේ අලුත් හමුදා මූලස්ථානයක් තනා ලාඹසයෙන් වියට්නාම් හමුදා වලට ලැබෙන අධාර වැලැක්වීමට පියවර ගත්තේය.
මෙ අතර වියට්නාම් කොමියුනිස්ට් හමුදා 1954 මාර්තු මාසයේ දී ඩියෙන් බියෙන් පූ හි සිටි ප්රංශ හමුදා වටලා පහර දීම ආරම්භ කලේය. මේ සදහා 48000 පමන වියට්නාම් සෙබලු එක්විය. ඩියෙන් බියෙන් පූ සිටි 10800 පමන ප්රංශ හමුදා විසින්ද වියට්නාම් සෙබලු වෙත ප්රහාර එල්ල කරන ලදී. සටන තව තවත් උග්ර වීමත් සමග සටනේ යෙදී සිටි ප්රංශ සෙබලුන්ට සහය පිනිස ප්රංශ පැරෂුට් භටයන් 9000 ක්ද ගුවනින් ඩියෙන් බියෙන් පූ වෙත ලගා විය.
ප්රංශ ගුවන් හමුදාව ගුවනින් සතුරන්ට බෝම්බ හෙලූ අතර නොනවත්වාම ප්රංශ හමුදාව කාලතුවක්කු ප්රහාර ද එල්ල කරන ලදී. නමුත් ගුවන් යානා නාශක අවි යොදාගෙන ප්රංශ ගුවන් යානා වලට පහර දුන් වියට්නාම් සෙබලු උස් බිම් වල සිට ප්රංශ හමුදාවට පහර දුන්හ. චීනය, ලාඹසය වැනි රටවලින් අධාර ලැබීම හේතුවෙන් තවත් ශක්තිමත් වූ වියට්නාම් කොමියුනිස්ට් හමුදා ගුවනින් හා සෑම දිශාවකින්ම ඩියෙන් බියෙන් පූ හි කොටු වී සිටි ප්රංශ හමුදා වලට ලැබෙන අධාර අවහිරකරන ලදී.
1954 මැයි මස අරම්භයේ දී ප්රංශ ඉදිරි ආරකෂක වලලු බිදගෙන ඉදිරියට පැමිනි වියට්නාම් සෙබලු බියෙන් පූ හි පිහිටි ප්රංශ හමුදා මූලස්ථානයද අල්ලා ගන්නා ලදී. අවසානයේ දී ප්රංශ සෙබලු 10998 සතුරාට යටත්වූ අතර ප්රංශ සෙබලු 70 පලා ගොස් දිවි ගලවා ගත්තේය. මේ සටනේදී ප්රංශ සෙබලු 2293 මියගිය අතර සෙබලු 5195 තුවාල ලැබූහ. මීට අමතරව ප්රංශ සෙබලු 1729 සටනෙදී අතුරුදහන් විය. ඩියෙන් බියෙන් පූ සටනේ දී වියට්නාම් සෙබලු 23000 ද මියගියබව සැලකේ.

මේ ගැන ෆිල්ම් එකක් හදල නැද්ද?
ReplyDeleteඩියෙන් බියන් පූ කියන්නෙ මාරකයක් තනිකරම තුන් පසකින් කදු වලින් වට වූ නිම්නයක් ප්රංශ හමුදා මෙම නිම්නයෙ ක්දවුරු සංකීර්ණය හදද්දි වියට්නාම් හමුදා මෙම උස් කදු තරනය කරනු ඇතැයි නොසිතූ බව සදහන් , නමුත් ඔවුන් බරැති 120 -152 MM කාලතුවක්කු පවා තියුනු බෑවුම් සහිත කදු මුදුන් වෙත රැගෙන ගියා ...........
ReplyDelete