Tuesday, June 28, 2011

ප්‍රේමය නිසා සිහසුන හැර දැමූ එඩ්වඩ්



බොහෝ පුද්ගලයෝ තම ප්‍රේමය වෙනුවෙන් වටිනා දේවල් අත්හරී, 8 වනි එඩ්වඩ් රජු ද එවැනි අයෙකි. 1936 දී 5 වනි ජෝජ් රජු මියයාමත් සමග බ්‍රිත්‍යනය සිහසුන ඔහුගේ වැඩිමහල් පුත් එඩ්වඩ් හට හිමි විය. නමුත් එඩ්වට්ගේ ප්‍රේමය ඊට හරස්විය. ඒ වන විට එඩ්වඩ් පෙම් බැද සිටියේ අමරිකානු ජාතික කාන්තාවක් වූ වොලිස් සිම්සන් සමගය.

වොලිස් සිම්සන් මහත්මිය එඩ්වට් සමග එක් වීමට පෙර දෙවතාවක් විවාහ වී නීත්‍යනුකූලව වෙන්වු කාන්තාවක් වූවාය. බ්‍රිත්‍යනය නීතිය අනුව සිහසුනට හිමි කිසිදු පුද්ගලයකුට පෙර විවාහ වී නිත්‍යනුකූලව වෙන් වූ කාන්තාවක් හා විවාහ වීම කල නොහැකි විය. බ්‍රිත්‍යනය නීතිය අනුව සිහසුනට හිමි පුද්ගලයකු එවැනි විවාහයක් කරගත හොත් ඔහු සිහසුනට ඇති අයිතිය අත්හල යුතුය.

ඉහත නීතිමය ප්‍රශ්නය හේතුවෙන් එඩ්වඩ් හට සිහසුන හෝ තම පෙම්වතිය යන දෙකෙන් එක් දෙයක් තෝරා ගැනීමට සිදුවිය. මෙහිදී සිහසුන අත් හැරීමට තීරනය කර එඩ්වඩ්, වොලිස් සිම්සන් හා විවාහ වීමට තීරනය කරාය. ඒ අනුව සිහසුන මෙන්ම  ඔහුට හිමි සියලු රාජකීය ගෞරව සහ රාජකීය වරප්‍රසාද නීත්‍යනුකූලව එඩ්වඩ් විසින් අත්හරින ලදී. පසුව වොලිස් සිම්සන් සමග විවාහ එඩ්වඩ් තම මරණය දක්වා අවුරුදු 35 සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන ලදී.

1 comment:

  1. මේ සම්භන්ධව කරුනු ඇතුලත් විශිෂ්ඨ Move 1 ක් තියන්වා THE KINGS SPEECH නමින් එහි මෙම සිදුවීම පූර්න වශයෙන් දක්වල තියනවා.........
    එමෙන්ම එඩ්වර්ඩ් කුමරු 2 වන ලෝක යුධ්දයේ දී හිට්ලර් ට පක්ශපාතීව කටයුතු කල බවට චෝදනා ඇත .

    ReplyDelete