![]() |
මාරි ඇන්ටොනියට් |
පාන් බැරිනම් කේක් කාපල්ලා, මේ වදන ඔබ කොතෙකුත් අසා ඇති. නමුත් මේ වදනෙහි ආරම්භය විදේශයකදී සිදුවිය. 16 වන ශතවර්ෂයේ ප්‍රංශයේ රඡකර 16 වන ලූවි රඡු සහ ඔහුගේ බිරිද මාරි ඇන්ටොනියට් කුමරිය ජනතාවගෙන් ඈත්ව ඉතා සුඛෝපබෝගී ජීවිතයක් ගතකලේය.6 වන ලූවි රඡුගේ අවිදිමත් මූල්‍ය පාලනය හේතුවෙන් ප්‍රංශ භාන්ඩාගාරය හිස් වූ අතර ජනතාව අතර මහත් ආර්ථික පරිහානියක් පැතිර ගියේය.
එකල ප්‍රංශයේ නගරබද ජනතාවගේ ප්‍රධාන ආහාරය වූයේ පාන්ය. පැතිරගිය ආර්ථික පරිහානිය නිසා බේකරි කරුවන් තම නිශ්පාදන වියදම පියවාගැනීම සදහා පාන් වල මිල ඉහල දැමූ අතර ජනතාවට එම මිලට පාන් මිලදී ගැනීමට හැකියාවක් නොවීය. අවසානයේ පාන් වල මිල ඉහල යාම නිසා අසරණ භාවයට පත් ජනතාව රජුගේ සහනයක් බලාපොරොත්තුවෙන් පැරීසියේ වර්සාහි මාලිගය ඉදිරිපිටට එක්රැස්විය.
එවෙලෙහි රජු මාලිගයේ නොසිටි නිසා ජනාතාව හමුවීමට පැමිනියේ රජුගේ බිසව වූ මාරි ඇන්ටොනියට් කුමරියයි. පාන් මිල දාරා ගැනීමට අපහසු බව ඇයට දැන්වූ ජනතාව ඇයගෙන් ඒ සදහා සහනයක් ඉල්ලීය. එම අවස්ථාවේ දී රජ බිසව පැවසුවේ පාන් මිල දී ගැනීමට අපහසුනම් කේක් මිලදී ගන්නා ලෙසයි. ජනතාවගෙන් ඈත්ව ඉතා සුඛෝපබෝගී ජීවිතයක් ගතකල ඇය පාන් මිලට වඩා කේක් වල මිල වැඩි බව පවා දැන සිටියේ නැත.
හැබැයි දැන් නම් පාන් වලට වඩා ලාබෙට කේක් කන්න පුලුවන්.
ReplyDeleteඒක නම් ඇත්ත දැන් කේක් ලාභයි පාන් වලට වඩා
ReplyDelete