Monday, June 20, 2011

පෟතුගීසී නිලදාරීන්ගේ කර පිටින් ගිය සිංහලයා

වරක් එවකට පෟතුගීසි ආණ්ඩුකාරවරයා වු අසවේදු ධර්මපාල රජුත් සමග සීතාවකට ගොස් තමන් විරුද්ධ සීතාවක වැසියන් මර්ධනය කිරීමහි නිරතවිය. අසවේදු මෙහෙය වූ පෟතුගීසි සේනාව ගම්වලට කඩා වදිමින් නිරායුධ වැසියන් මරමින් මහත් විනාශයක් සිදු කරන ලදී. ධර්මපාල රජුත් අසවේදුත් සිදුකරන ලද මෙම ක්‍රියාවන් හේතුවෙන් ඔවුනට විරුද්ධව සීතාවක රාජ්‍යයහි දරුණු කැරැල්ලක් ඇතිවිය. පෟතුගීසි හමුදා කන්ඩායම් හබාගිය ගම් වැසියන් ඔවුනට පහර දී බොහෝ අලාභ හානි සදුකරහ. මෙහිදී ගම් වැසියන් මෙන්ම බොහෝ පෟතුගීසි සොල්දාදුවන්ද මරණයට පත් විය.

මේ අතර රජුගේ රාජ සභාවේ සාමාජිකයකු වූ දුමින්ගු කොරයා ද, රජුට හා පෟතුගීසින්ට විරුද්ධව කැරැල්ලක් ගැසීය.දුමින්ගු කොරයාගේ නායකත්වයෙන් කැරලිකාරයෝ පෟතුගීසි සේනාව වටලා පහර දුන්හ. රජුත් රැගෙන කොළඹ දෙසට යාමට අසවේදු උත්සාහකර නමුත් දුමින්ගු කොරයාගේ මෙහෙය වීමෙන් සටන් කර කැරලිකරුවෝ පෟතුගීසින්ට භයානක ලෙස පහර දෙමින් පෟතුගීසි සොල්දාදුවන් විශාල සංඛාවක් මරාදැමීය.

දවස් දෙකක් ජලය හා ආහාර නොමැතිව සීතාවක සිරවී සිටි පෟතුගීසි සේනාව කැරලිකරුවන් අතින් විනාශ වීමට ආසන්නව තිබිය දී මාතර සිට සමරකෝන් මුදලි ඔවුන්ගේ අධාරයට පැමිණියේය.දරුණු සටන් කීපයකින් පසු දුමින්ගු කොරයා ඇතුලු කැරලිකරුවෝ පලවා හැර රජුත් අසවේදුත් බේරා ගැනීමට සමරකෝන් සමත් විය. සටන අවසානයේ දී තමන් ව බෙරාගත් සමරකෝන්ව ඔසවාගත් පෟතුගීසි හමුදා නිලදාරීන් ඔහු තම කර මතින් ගෙනගියහ.

No comments:

Post a Comment