ඉතිහාසය පුරා එක්සත් රටක් ලෙස පැවති කොරියාව රටවල් දෙකක් බවට පත් වූයේ දෙවන ලෝක යුද්ධය අවසානයේ දී. 1910 දී පමන ජපනුන් විසින් කොරියාව සම්පූර්නයෙන්ම යටත් කර ගත් අතර ඇමරිකාව විසින් නාගසාකී හා හිරෝෂිමාවට පරමාණු බෝම්බ හෙලීමෙන් අනතුරුව ජපානය යටත් වීමට කැමති වීමත් සමග කොරියාවේ පාලනය පිලිබද ගැටලුවක් ඇතිවිය.
ජපානය යටත් වීමත් සමගම චීනය හරහා පැමිනි රුසියානු හමුදා කොරියාවේ උතුරු පදෙස් අල්ලා ගත් අතර මුහුදින් පැමිණි අමරිකන් සේනා කොරියාවේ දකුනු පදෙස් අල්ලා ගත්තේය. දෙවන ලෝක යුද්ධය අවසන් වූවත් රුසියන් හා අමරිකන් හමුදා කෙරියාවේ තමන් අල්ලාගෙන සිටි ප්‍රදේශ වලින් ඉවත් වීමට අකමැතිවිය. රුසියාවේ මෙහෙය වීම යටතේ උතුරු කොරියාවේ කොමියුනිසට් ආන්ඩුවක් පිහිටුවූ අතර අමරිකානු අධාර යටතේ දකුනු කොරියාවේ අමරිකානු හිතවාදී ආන්ඩුවක් පිහිටුවන ලදී.
1950 දී දේශීය නායකයන්ට එහි පාලනය භාර දුන් ඇමරිකාව දකුනු කොරියාවෙන් තම සේනා ඉවත් කර ගන්නා ලදී. අමරිකානු සේනා ඉවත් වූ වහාම උතුරු කොරියානු සේනා විසින් දකුනු කොරියාව ආක්‍රමනය කරන ලදී. රුසියාවෙන් ලැබුනු නවීන අවි ආයුධ හා හොද පුහුනුවක් ඇතුව සටන් කර උතුරු කොරියන් හමුදා ඉතා ඉක්මනින් උතුරු කොරියාවෙන් විශාල ප්‍රමානක් අල්ලා ගත්තේය.
කොරියන් අර්බුද පිලිබද සලකා බැලූ එක්සත් ඡාතීන්ගේ සංගමය වාහාම උතුරු කොරියාව ආක්‍රමනිකයකු ලෙස නම් කොට දකුනු කොරියාවට අධාර පිනිස තම හමුදා යවන මෙන් සාමාඡික රටවලට දන්වන ලදී. එ අනුව අමරිකානු සේනා කොරියාවට ගොඩබසින ලදී. මුලදී ඇමරිකානු සේනා වලට පසු බැසීමට සිදුවුවත් පසුව උතුරු කොරියානු හමුදා වලින් දකුනු කෙරියාව මුදා ගත් ඇමරිකානු හමුදා උතුරු කොරියාවෙන්ද විශාල භූමි ප්‍රදේශයක් අල්ලා ගන්නා ලදී.
ඇමරිකානු සේනා විසින් උතුරු කොරියාව සම්පූර්නයෙන්ම අල්ලා ගැනීමට ඉතා ආසන්නව තිබියදී කොමියුනිස්ට් මහඡන චීනය ද මේ යුද්ධයට මැදිහත් විය. චීනය මෙහිදී 150000 පමන හමුදාවක් ඇමරිකානු හමුදා වලට එරෙහිව මෙහෙය වීය. මේ නිසා ඇමරිකානු හමුදා වලට පසුබැසීමට සිදුවිය. 1953 දී එක්සත් ඡාතීන්ගේ සංගමය මැදිහත් වීමෙන් තාවකාලිකව දේපාර්ශවය අතර සටන් නවත් වන ලදී. තාවකාලික වශයෙන් කොරියාව හරහා වැටී ඇති නිරකෂ රේඛාව දේශසීමාව ලෙස දෙපාර්ශවය විසින් පිලි ගන්නා ලදී. එදා සිට අද දක්වාම එක් භාෂාවක් කථා කරන එක් ඡාතියකට අයත් කොරියානුවන් රටවල් දෙකක් ලෙස බෙදී සිටී.
එළ,එළ නියමයි.තව දාන්න.
ReplyDelete